සංස්ථා හා මංඩලවල සේවකයින්ට ප්‍රසාද දිමනා ගෙවිමට මහාභාණ්ඩාගාරයෙන් අවසර ගත යුතුව තිබියදී තෙල් සංස්ථාවෙි සේවකයින් සදහා පසුගිය 13 දින එම ප්‍රසාද දිමනාව ගෙවා තිබෙි.
හාරදහස් දෙසියකට ආසන්න සේවකයින් සිටින තෙල් සංස්ථාවේ එම ප්‍රසාද දිමනාව සදහා සුදුසුකම් ලබා ඇත්තේ තුන්දහස් දෙසියකට ආසන්න පිරිසක් බව තෙල් සංස්ථා ආරංච් මාර්ග සදහන් කරයි.
ඒ සදහා රුපියල් මිලියන හයසියකට ආසන්න මුදලක් වැයවී ඇති බව එම ආරංච් මාර්ග සදහන් කරයි.රට මහ ස්භාවික ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක අනෙක් කිසිදු සංස්ථාවක හෝ මංඩලයක සේවකයින්ට ප්‍රසාද දිමනා ගෙවා නොමැති මොහොතක තෙල් සංස්ථාව පමණක් එම දිමනාව ලබා දී ඇති බව වාර්ථාවෙි.විදුලි බල මණ්ඩලය, ජලසම්පත් මණ්ඩලය වැනි ආයතනවලවත් මෙසේ ප්‍රසාද දිමනා ගෙවා නොමැත.
ඉන්දන මිල ඉහළ අගයක තිබියදී එය අඩු කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුවද පරණ පාරෙි යමින් සේවකයින්ගේ මාසික වැටුපක් ප්‍රසාද දිමනා ලෙස ගෙවා ඇත.
ඒ අනුව අවම වැටුප රුපියල් ලක්ෂකට අධිකවන අතර ඇතැමුන් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබයි.ඊට අමතරව සභාපතිවරයා හා කළමණාකාර අධ්‍යක්ෂකවරයා දේශපලන පත්විමක් නිසා එම දිමනාව ඔවුන්ට හිමි නොවුනත් මෙවර එම දිමනාව ලබා ගෙන ඇත.

