දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතූවෙන් සිදුවූ නායයෑම් නිසා මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර මැතිවරණ කොට්ඨාශයේ මී මුරේ ගම්මානයේ වෙසෙන ජනතාව හුදකලා තත්ත්වයකට මුහුණ දී තිබෙන බව මී මුරේ පදිංච් උඩදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත කුමාර හේරත් මහතා පවසයි.
මීමුරේගමට යාමට ඇති මාර්ගයේ ස්ථාන කීපයකට විශාල ගල් පර්වත ,පස් කඳු සහ ගස් කඩා වැටීම නිසා රථවාහන ධාවනය අඩපණ වී තිබෙන බවත් මේ නිසාම මීමුරේ ගමට සියලු සැපයුම් සේවා ඇණ හිට තිබෙන බවත් වසන්ත කුමාර හේරත් මහතා සදහන් කළේය.
යුධ හමුදාව ගම්වාසීන් සහ සහන සේවා කණ්ඩායම් එක්ව දැඩි වෙහෙසක් දරා මීමුරේ ගමට යාමට ඇති මාර්ගයේ පස් කඳු ගල් පර්වත ඉවත්කල නමුත් ,එලෙස ඉවත් කිරීම අපහසු විශාල බාධක ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර නොගත හොත් ආහාර ද්‍රව්‍ය ,ඉන්ධන ,බෙහෙත් ද්‍රව්‍ය උග්‍ර ලෙස හිඟවන බවද ගම්වාසීහු පවසති.
මෙම මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට මාස තුනක්වත් කල් ගත වන බැවින් මීමුරේ ජනතාවට තෙල්දෙනිය නගරයට යාම සඳහා අට්ටලමෙට්ටුව( හුළංවංගුව හෙවත් කෝබට්ස් ගැප්( අසලින් වැටී ඇති තංගප්පුව ,රංගල මාර්ගය විවෘත කර දෙන ලෙස මීමුරේ ගම්වාසීන් රජයෙන් ඉල්ලා සිටියි.මෙම මාර්ගයේ සැතපුම් 07 ක් ,පමණ ගොස් තංගප්පුවට ලඟා වී එතැන් සිට රංගල තෙල්දෙණිය හරහා මහනුවරට යාමට හැකි බව ජනතාව පෙන්වා දෙති.

මීමුරේ මාර්ගය ස්ථාන කීපයකින් බරපතළ නායයමකට ලක්ව තිබීම නිසා ,මීමුරේ ජනතාවට රෝහලකට යාමට නොහැකි වී ඇති බවත් ,පාසැල් දරුවන්ට පාසැලකට යාමට නොහැකි වී තිබෙන බවත් ,මීමුරේ පදිංචි උඩදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත කුමාර හේරත් මහතා ප්‍රකාශ කරයි. දැනට මීමුරේ රෝහලේ අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග පවා නැති බවත් ,අසාධ්‍ය තත්ත්වයට පත් රෝගී ගැමියෙකුට උඩදුම්බර ,හෝ තෙල්දෙණිය රෝහල් කරා , යාමට වාහනයකට හෝ යාමට නොහැකි දුෂ්කර තත්ත්වයකට එම ජනතාව මුහුණ පා ඇති බවත් වසන්ත කුමාර හේරත් මහතා සදහන් කළේය.

මෙම අසරණ ගැමි ජනතාව පිළිබඳව අනුකම්පා කර ඔවුන්ගේ ගමට යාමට තිබෙන එකම මාර්ගය පළිසකර කරන තෙක් ,කෝබට් ගැප් සිට තංගප්පුව දක්වා රංගල යාමට තිබෙන මාර්ගය ගම්වාසීන්ට විවෘත කරදෙන ලෙස මීමුරේ ගම්වාසීන් වෙනුවෙන් තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින බව උඩදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත කුමාර හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

