දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වුජනතාවට සහන සැලසිම සදහා සක්ක්‍රිය සේවයේ සිටින යුධ හමුදා නිලදාරින්ගේ දිනක වැටුප ලබා දිමට අකමැති නිලදාරින්ගේ නාමලේඛණය යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලයට එවන ලෙස දන්වා නියෝගයක් සියළුම රෙජිමෙන්තුවලට යවා තිබෙන බව වාර්ථාවෙි.එම ලේඛණය පසුගිය 10 වෙනි දිනට ප්‍රථම එම එකකය වෙත එවන ලෙසට නියෝග කර ඇත.
අසරණවු ජනතාවට පිහිට වීම සදහා සිය කැමැත්තේන දිනක වැටුප ලබා දිම ගැන ප්‍රශ්ණයක් නොවෙි.මෙිවන විට ගංවතුරෙන් කොටු පිරිස මුදා ගැනිමේ සිට නායගිය පිරිස මුදවා ගැනිම දක්වාත් පිඩාවට පත්වුවන්ට සහන සැලසිම, සැපයුම් අඩපනවු මංමාවත් , පාලම් ආදිය දිවා රැ නොබලා යතාවත් කිරිමට යුදහමුදා නිළදාරින් කරනු ලබන සේවය මහත් අතිමහත්ය.
එසේ කරන අයගේ එම ව්‍යාපෘතියට දිනක වැටුප ලබාදිමට අකමැති අයගේ නාමලේඛනය ඉල්ලා සිටිම සදාචාර සම්පන්න නොවන අතර එය මානවහිමිකම් උල්ලංඝනය කිරිමකි.
යුදහමුදාවෙත් මෙම සහන කටයුතු සදහා සම්බන්ධ නොවන පිරිස් හා කාර්යාලවල සේවය කරන පිරිස් සිටින අතර ඔවුන්ගේන් එම දිනක වැටුප ලබා ගැනිමගැන ප්‍රශ්ණයක් නොවෙි.එයද සිය කැමැත්තෙනි.එසේ නොකර නොදෙන අයගේ නාමලේඛනය ඉල්ලා සිටිම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ.
“මේ වැටුප් කප්පාදුව නම් හරිම අසාධාරණයි.ව්‍යසනයෙන් පස්සෙ හමුදාවෙ බොහෝ රෙජිමෙන්තුවල සෙබළුන් ඒ ඒ ප්‍රදේශවල දිවා රාත්‍රී නොබලා විශාල කැප කිරීමක් සිඳු කරමින් ඉන්නවා.ඒ කැප කිරිමේ වටිනාකම අගය කරන්නත් බැරි තරමේ.”යනුවෙන් සෙබළෙක් සදහන් කළේය.
මේ නියෝගයේ දැක්වෙන පරිදි දිනක වැටුප පරිත්‍යාග කිරීමට අකමැති නිළධාරීන්ගේ හා සෙබළුන් ගේ නාම ලේඛනයක් එවීමට කටයුතු කරන්න යන සදහනින් පවා සෙබළුන් තුළ යම් අවිශ්වාසයක් මතු විය හැකියි.ඒ දිනක වැටුප පරිත්‍යාග නොකළහොත් තමන්ට යමි දඬුවමකට යටත් වන්නට වේද යන සැකයක් ඇති වන නිසා.ව්‍යසනයට පත් ප්‍රදේශවල රාජකාරි කරන සෙබළුන් ගේ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමත් අසාධාරණයි.හරි විදියට නම් විය යුත්තේ ඒ ප්‍රදේශවල සේවය කරන සෙබළුන්ට යම් දිරි දීමනාවක් දීමයි.කරන්නන් වාලේ සිය ඡ්‍යෙෂ්ඨයන් ගෙන් ලකුණු දමා ගැනීමට සිදු කරන මෙවැනි පඩි කප්පාදු සෙල්ලම් ගැන ආරක්ෂක බලධරයන්ගේ අවධානයට යොමු විය යුතුයි.
2025-12-12

