සුළීසුළගට පෙර ජලාශවල ජලය අඩු කර එල්ලවු බලපැම අඩු කර ගැනිමට තිබු බව විපක්ෂය චොදනා කරන අතර එසේ අඩු කිරිමට ජලාශවල ජලය පිරි නොතිබිම නිසා අඩු කරන්නේ කෙසේ යන්න අපහැදිළි බව වාරිමාර්ග ඉංජිනේරුවන් පවසයි.
මෙවර ඊසාන දිග මෝසම් වැසි ආරම්භ විම ප්‍රමාද වු අතර දිට්වා සුළි කුනාටුව පැමිණිමට පෙර ජලය පිරි පැවැතියේ කළාවැව, රාජාංගනය,දැදුරුඔය,අලිකොටආර ජලශය, ආදි වැවි කිහිපයකි.
සාමාන්‍යයෙන් හම්බන්තොට දිස්ත්‍රිකයේ වාර්ෂික වර්ෂා පතනය මිලිමිටර් 1050ක වර්ෂාපතනයක් පතිත වන අතර පසුගිය 29 දින මාතලේ ගම්වඩුවට මිලිමිටර් 542 කක වර්ෂාපතනයක් ලැබිණී.එය හම්බන්තොටට ලැබෙන වාර්ෂිකව ලැබෙන වර්ෂාවෙන් හරි අඩක් එක් දිනයක් තුළ ලැබිමයි.
සාමාන්‍යයෙන් දිවයිනේ උපරිම වාර්ෂික වර්ෂාපතනයන් ලැබෙන්නේ මහනුවර, නුවරඑළිය රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මැදිව පවතින ප්‍රදේශවලටය.
1961-1990 කාලයේදී උපරිම වාර්ෂික වර්ෂාපතනය මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 5319.7කි. දෙවනියට සහ තෙවැනියට වැඩි අගයන් වේවැල්තලාව සහ කෙනිල්වර්ත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර ඒවා මිලිමීටර් 5262.7 සහ 5107.2 බැගින් වේ.
1971-2000 කාලය තුළ මි.මී. 5298.5ක උපරිම වාර්ෂික වර්ෂාපතනය කෙනිල්වර්ත් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන ලෙස වාර්තා වනුයේ වටවල සහ වේවැල්තලාව ප්‍රදේශයි. එම ප්‍රදේශවලින් පිළිවෙලින් මි.මී. 5130.8 සහ 4935.9 ලෙස වාර්ෂික වර්ෂාපතනය වාර්තා වී ඇත.
1981-2010 කාලය තුළත් උපරිම වර්ෂාපතන ප්‍රදේශය වනුයේ කෙනිල්වර්ත් වන අතර වර්ෂාපතන අගය මි.මී. 5760 වේ. දෙවැනි සහ තෙවැනි උපරිම වර්ෂාපතන වනුයේ මි.මී. 5165.4 සහ 5017.8 වටවල සහ කෑරගල ප්‍රදේශවලිනි.
1991-2020 කාලයේ දි උපරිම වර්ෂාපතන අගය වාර්තා වී ඇත්තේ කෙනිල්වර්ත් වතු යායෙන් වන අතර එහි අගය මි.මී. 5665.1ක් වේ. පිළිවෙලින් වටවල සහ මාලිබොඩ යන ප්‍රදේශවලින් මිලිමීටර් 4926.9ක සහ 4904.4ක වාර්ෂික වර්ෂාපතන අගයන් වාර්තා වී ඇත.
මිට අමතරව 1957 හා ඉන්පසුව මෑතකදී පැමිණි 2000 වර්ෂයේ සුළි කුනාටුව මුලු රටටම බල නොවා සේම එම කුනාටු
දිටිවා සුළි කුණාටුව මෙන් දින ගණනාවක් රට තුළට බලපැමි නොකර ඉවතට ගමන් කළේය.මෙවර සුළිකුනාටුව දින තුනක් පමණ එකහා සමාන අධික වැසි සහිතව බලපැමි එල්ල කළේය.මේ හේතුවෙන් අධික වර්ෂාව නිසා කුඩා සිදි ගොස් තිබු උතරු නැගෙනහිර, උතුරුමැද, වයඹ ආදි ප්‍රදේශවල වැව් එක රැයකින් වාන් දැමිය.මහා ජලාශද දින දෙකක් යන්න මත්තෙන් පිටාර ගැලුවෙිය.
ඉතින් විපක්ෂය කියන සුළිසුළගට පෙර ජලාශ හිස් කළේනම් ව්‍යසනය අඩුකර ගැනිමට හැකියාව තිබු බව පැවස්වද හිස් කරන්න තරම් ජලයක් වැව් හා ජලාශවල තිබි නැත.
………
2025-12-06

