කඩිනම්න් එළවලු ගොවියාගේ වගාවන් ආරම්භ කිරිමට අතදෙන්න

ගංවතුරෙන් විනාශ වු දේපළ යථා තත්වයට පත් කිරිමට සාපේක්ෂව කඩිනම්න් යථාවත් කළ යුත්තේ කෘෂි කාර්මාන්තය කටයුතුවේ .
ඊට හේතුව ජනජිවිතයට බලපාන ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට වඩා කෙටිකාලයකින් අස්වැන් ලැබෙන බෝග වගා කර වෙළදපොළට මුදා හැරිමෙන් ඉහළ යන මිල හා විදේශයට යන ඩොලර් ප්‍රමානය ඉතිරි කර ගත හැකිය.
වී සදහා මාස තුනක් ගතවුවද එළවලු අස්වැන් නෙළිම සදහා ගතවන්නේ දින හතලිස්පහකි.ඒ ආකාරයට මස් සදහා සුදානම් කරන කුකුළන් ගොවිපළවල තත්වයද එසේමය.
මේවනවිට දෙසැමිබර් මාසයේ ගතව ඇත්තේ සදින දහයකට අඩු කාලයකි.කඩිනමින් කළ යුත්තේ මේසදහා අවශ්‍ය දත්ත රැස්කර විනාශවු එළවලු ගොවින්ගේ වගාවන් යළි සක්‍රිය කිරිමයි.එසදහා අවශ්‍ය බිජ, පොහොර අදියද නොමිලයේ හෝ ලබා දී වගාව ආරම්භ කිරිම වැදගත්ය.
මෙිවනවිට උඩරට එළවලු ගොවියා සේම , කල්පිටිය, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, විවනියාව ආදි ප්‍රදේශවල එළවලු වගාබිමි රැසක් විනාශවී ඇත.
සතියක් වැනි කෙටි කාලයකින් මේ සදහා මැදිහත්ව ක්‍රියාත්මක වුවහොත් පෙබරවාරි මාසයවන විට අස්වැන්න නෙළිය හැක.
බෝංචි, මැකරල්, බන්ඩක්කා , වැටකුළු, පතෝල, දඹල, මෙන්ම පළාවර්ග වල අස්වැන් නෙළිමට ගතවන්නේ මාස එකහමාරකි.ගංවතුරෙන් විනාශවු මෙම ගොවින්ගේ වගාවන්ට සහනාධාරයක් ලබාදිම පාඩුවක් නොවන්නේ එමගින් හගයකින් තොරව අස්වැන්න වෙළද පොළට පැමිනිමත් ,එමගින් ඔවුන්ගේ ජනජිවිතය නැවතත් ප්‍රකෘර්ති තත්වයට පැමිණිමත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *