දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවලට ආධාර රැගෙන යැමේදී මාලිමා කණ්ඩායම් ඒවා බලහත්කාරයෙන් මෙන් ලබා ගෙන බෙදා හරින බවට වාර්තා වූ පුවත තව දුරටත් තහවුරු කරමින් මාතලේ දිස්ත්‍රික්කයේද එවැනි සිදුවීම් පවතින බවට වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් 01 දා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා දිත්‍රික්කයේ සියලුම රජයේ නිලධාරීන් ගෙන්වා සහන සේවා සැලසීම සම්බන්දයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.එම සාකච්ඡාවට පිරිසක් සමග පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසා ඇත්තේ විවිධ පාර්ශවයන් විසින් මාතලේ විපතට පත් ජනතාව වෙත රැගෙන එන ආධාර ඍජුවම ඔවුන්ට ලබා නොදී තම පක්ෂය විසින් නම් කරන කණ්ඩායමකට භාර දීමට කටයුතු කළ යුතු බවය.ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙන සුරක්ෂා මධ්‍යස්ථාන 46 ඉදිරිපිටම මාලිමා කණ්ඩායම බැගින් රදවා ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම මැදිහත්වීම නිසා ඇතැම් මධ්‍යස්ථානවලට ආධාර නොලැබී යන තත්වයක් උද්ගතව තිබේ.මීට හේතු වී ඇත්තේ ආධාර රැගෙන එන පිරිස් ඒවා මාලිමා නියෝජිතයනට භාර දීම ප්‍රතික්ෂේප කොට හැරී යෑම නිසාය.
මේ අතර පසුගිය 03 දා ගඟසිරිපුර ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ලොරි හතරක ආධාර තොගයක් රැගෙන විත් ඇති අතර එම කණ්ඩායමට දැනුම් දී ඇත්තේ ඒවා මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු කණ්ඩායමකට භාර දෙන ලෙසය.එහෙත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට හැරී ගොස් තිබේ.මීට පෙර කිසිම ආපදා අවස්ථාවක මෙවැනි බාල දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බව පෙන්වාදෙන මාතලේ ජනතාව කියන්නේ පොලීසියේ ඇතැම් ඉහල නිලධාරීන්ගේ සහයද මේ සදහා ලැබෙමින් පවතින බවය.
2025-12-05

