ත්‍රිකුණාමලය පහේ කනුව ප්‍රදේශයේදී ඊයේ සවස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පසුගියදා උණාකූරුවේ ශාන්ත නමැති පාතාල නායකයාගේ මාමා සහ නැන්දණිය වෙඩි තබා ඝාතනය කිරීම සදහා ඔත්තු බැලු තරුණයාගේ පියා බවට තොරතුරු වාර්ථාවෙි.
සිද්ධියෙන් එදින ජීවිතක්ෂයට පත්ව වුයේ තංගල්ල උණාකූරුවේ පදිංචිව සිටි ජේ.එච්. විජත් (68) හා පී.එච්. පුෂ්පා (58) නමැති යුවළකි.
එම ද්ත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සහ ප්‍රහාරය සඳහා ඔත්තු බැලීමට යොදා ගත් වෑන් රථයක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස ඔත්තු බැලු සැකකරු මේවන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති අතර ඔහුගේ පියා ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සැගවී සිට ඇත්තේ එල්ලවී තිබු තර්ජන හේතුවෙනි.
මෙම සැකකරුවන් දෙදෙනා දෙහිබාලේමල්ලී නමැත්තා මෙහෙයවන පාතාල කල්ලියට සම්බන්ධ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ මෙහෙය වීමෙන් උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය ඝාතනය කර ඇති අතර ඊට දෙහිබාලේමල්ලීගේ පාතාල කල්ලියේද සහාය ලැබී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වන මිරන්ත වරුෂවිතාන මරා දැමීමට සහාය වූ බවට උණාකූරුවේ ශාන්තට චෝදනා එල්ල වී තිබූ අතර ඔහුගෙන් පළිගැනීම සඳහා ඔහුගේ මාමා සහ නැන්දණිය මරා දමා ඇති බව අනාවරණය වී ඇත.

