ජනාධිපති ඉදිරියේ බොරු මවන පොලිස්පති

මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම කැඩී යාමෙන් පසු පීඩාවට පත් ජනතාව බේරාගැනීම ගැන ජනාධිපතිවරයාට පුද්ගලිකව මැදිහත් වී කණ්ඩායම් මෙහෙයවූ ආකාරය ලොවම දුටුවෙිය.
ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා පොලිස්පති වරයාගෙන් විමසූ විට ඔහු කීවේ පට්ටපල් බොරුය. ඒ ඔහු ඒ ගැන නිසි දැනුවත් භාවයක් නොතිබූ බව එම ප්‍රදේශයන්හි රාජකාරි කල නිළධාරීන් හොදින්ම දැන ගත්තේය. ඔහු කීවේ නිල්ලඹ සිටින අය බේරා ගත් බවය. නිල්ලඹ ඇත්තේ ඉහල කොටසේය. වැව් බැම්ම බිඳී යාමේදී මුලින්ම හානියට පත්වන්නේ වෙරුගල්, අලිඔළුව සහ සිංහල ජනාවාසයක් වන දෙහිවත්තය. ඒ ගැන පොලිස්පති දන්නේ නැති බව හොදින් පැහැදිලිය.
පොලිස්පතිවරයා සහ අදාල ප්‍රදේශයේ ආපදාවට ලත් ස්වාමීන් වහන්සේ කියන කරුණු එකිනෙකට පරස්පර විය.පොලිස්පති වරයාට වඩා ඉදිරියෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් සිටීම රට වැසියන්ට අස්වැසිල්ලකි.
එහෙත් තමාට අයත් කාර්යභාරය පිලිබදව වැටහීමක් නැතිවුවාට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කොමිස් එකතු කිරීමට සහ පොලීසිය තුල සිටින හොරු ආරක්ෂා කිරීමට හොරුන් සමග එකතුවී ව්‍යාපාර කිරීමට ගජ හපනෙකි.
පොලිස්පතිවරයෙකු සිටියදී රටේ යම් ප්‍රදේශයක් පිලිබදව ජනාධිපතිවරයාට වෙනත් පාර්ශවයක් මගින් නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිදුවීම මේ ආණ්ඩුව විසින් කල තවත් අසාර්ථක පත් කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *