මුලු රටටම බලපෑම් කළ දිට්වා සුළි කුණාටුව පහව ගොස් ගංවතුර තතුවයද බැසයමින් පවතින තත්වයක ජනජිවිතය ගොඩනැංවිමට අත්‍යවශ්‍ය අහාරපාන ගිගය හා පාරිභොජනයට සුදුසු තතවයේ අහාර මෙන්ම එවායේ මිල අධික විම නිසා ජනතාව තවතවත් කබලෙන් ලිපට වැටුණු තත්වයකට මුහුණපා ඇත.
ගංවතුරෙන් හා නායයෑම්වලින් අවතෑන් කදවුරුවල සිටින පිරිසට අමතරව රටේම අනෙකුත් ජනතාවට මෙම තත්වය තදින්ම බලපා තිබෙි.
එළවලු , මස් , මාලු , බිත්තර ආදිය මිල ඉහළ දැමිමට ව්‍යපාරිකයින් කටයුතු කිරිම නිසා මෙම තත්වයට හේතූවී ඇත.ගංවතුරින් එළවලු ගොවිබිම් , කුකුලු ගොවිපළවල් ආදියද විනාශවු අතර දින කිහිපයක් පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ධිවරයින්ට මුහුදු යාමට නොහැකි විම නිසා මෙම තත්වය උදාවී තිබෙි.මේවනවිට මිරිදිය ධිවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම නතරවී ඇත්තේ සියලුම ජලාශ ජලයෙන් පිරි ඇති නිසා එම කටයුතු නතර වී ඇත.
මෙම තත්වයෙන් අනිසි ලාභ ලබන කූට වෙලෙන්දන් වෙළදපොලට පැමිණෙන එම ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස වැඩි කර කළ දුටු තැන වලඉහගැනිමේ න්‍යාය අනුගමනය කිරිමට පටන් ගෙන තිබෙි.මේවනවිට කැරට් කිලෝවක මිල රුපියල් තුන්දහස් පන්සිය දක්වා මිල ඉහළ දමා ඇත්තේ ඒ ආකරයටය.එබැවින් පාර්භෝගික අධිකාරිය වහාම මැදිහත්වී පාරිභෝගිකයා ව්‍යාපාරිකයින්ගේ කුණාටුවට හසුවිමට ප්‍රථම ඊට මැදිහත්ව මිලපාලනය හා වැටලිම් සිදු කිරිමට කටයුතු කළ යුතුය.
2025-12-01

