දිට්වා සුනාමියටත් වඩා ව්‍යසනයක් කරයි

දිවයින හාරහා ගමන් කළ දිට්වා සුළිකුනාටුව 2004 ලංකාවට බලපෑ සුනාම් ව්‍යසනයෙන් සිදුවු හානියට වඩා හානියක් සිදුව ඇති බව වාර්ථාවෙි.
සුනාමියෙන් සිදුවු ජිවිත හානියට නොදෙවෙනි ලෙස මිල කළ නොහැකි අන්දමේ දේපළ හානියක් සිදුව ඇත.සුනාමියෙන් මුහුදු වෙරළ සිමාවෙන් හානි සිසු වුවද දිට්වා සුලි කුනාටුවෙන් මුලු රටටම එහි බලපැම සිදු විය.
මේවන තෙක් සිදුවු මරණ ගණන නිෂ්චිත ලෙස ගණනය කර ගැනිමට නොහැකි වී ඇත්තේ නායගිය ප්‍රදේශ වෙත ලගා විමට ඇති අපහස් තාවයයි.විදුලිය විසන්දි විම නිසා දුරකථන කුලුණු අක්‍රියවිම හේතවෙන් සංනිවෙිදන කටයුතු ඇනහිටිමත් , මාර්ග අවහිර විමත් මෙම ගණනයන්ට බාධා එල්ල වී ඇත.ඇතැම් නාය ගිය ප්‍රදේශ වළ පණපිටින් වැලලුණු අයගේ මෘත ශරිර යටවී දින තුන හතරක් ගතව ඇත .දැනට ගණනය කර ඇති මිය ගිය ගණන හෝ අතුරුදහන් වු පිරිස ගැන ගණන් කිමට තවමත් කළ වැඩිය.
ඊට අමතරව මුලු ජිවිතය පුරාම හරි හම්බකර ගත් මුල් දේපළම දිය රකුසාට බිලිවිමට ගියේ නිමේෂයකි.නිවාස , ව්‍යපාර , යාන වාහන ආදි දේපළ රුදුරු ජල රකුසා පහළට ඇදගෙන ගියේය. ඇතැම් ප්‍රදේශ අඩි විස්සක තරම් ජලකදකට යටකරයි කියා ඔවුන් කවදාවත් විශ්වාෂ නොකළේය.එහෙත් මේ දේවල් යළි යථා තත්වයකට පත් කිරළිමකට ආණ්ඩුවකට හැකිද?.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *