ආණ්ඩුවේ දෙවන අයවැය විවාද වෙමින් පවති .විපක්ෂය කවර කතා කීවද ජනතාව අයවැය පිළිබඳව ලොකු විරෝධයක් දක්වන බවක් නොපෙනේ .එසේ නොකීවද ආණ්ඩුව අනාගන්නා හා අසමත් විෂයයන් ගණනාවකි.
කෘෂිකාර්මික හා වෙළෙඳ අංශ ඉන් ප්‍රධාන වෙි.මේ විෂයයන්හි ආණ්ඩුවේ ප්‍රමුඛයන් වු ලාල් කාන්ත,වසන්ත සමරසිංහ ,නාමල් කරුණාරත්න තුන් කට්ටුවේ කයිවාරු තරමට වැඩ නැති බව පෙනේයි.පොහොර සහනාධාරය වැඩි කල පමණින්ම ගොවි ගැටළු විසඳෙන්නේ නැත.කොපමණ සාධරණ විසදුම් දුන්නද අපේ ගොවියන් තෘප්තිමත් නොවන බව සැබෑවකි .
එහෙත් ආණ්ඩුව දැන් ගොවිතැන හා වෙළෙඳපල සම්බන්ධයෙන් ගන්නා තීරණ අලසය.මජරය.ඩඩ්ලිලා ,නිව් රත්නලා ජනාධිපතිවරයා වර්ණනා කල පමණින් වී ගොවියාට සාධරණය ඉටුවේයැයි ආණ්ඩුව කල්පනා කරන්නේනම් එය මරි මෝඩකමකි.අවම වශයෙන් වී වෙළෙඳපල 10% ක් හෝ මුල් වටයේදී අත්පත් කර ගත යුතුය .එයට අවශ්‍ය සැලැස්මක් මේ දක්වා කරළියට පැමිණ නැත.අවම වශයෙන් රාජ්‍ය ව්‍යවසාය යටතේ වී මෝලක් දෙකක් ඉදිකිරීම හෝ ආරම්භ කර නැත.වාහන මිළදී ගැනීමේ මෙවර අයවැය යෝජනා අතරට වී අලෙවි මණ්ඩලයට ලොරි කීයක් මිළදී ගැනීමට යෝජනා කර තිබෙිද ?
අල හා බී ලුණු ගැටළුවද එසේය .මේ වගාවන් වී ගොවිතැන මෙන් විසිර ගිය වගාවන් නොවේ. දඹුල්ල,ගලේවෙල,වැලිමඩ වැනි සීමිත ප්‍රදේශයක වගා කරන ලූණු හා අල රටට අතිරික්තයක් ද නොවේ.ස.තො.ස.හරහා සම්පූර්ණ අස්වැන්න මිළට ගත නොහැකි වුවද පුද්ගලික අංශය හා යම් තරඟයක් ඊට දිය හැකිය.
ඇමති වසන්ත සමරසිංහ පෙර සිටි නලීන් ප්‍රනාන්දුගෙන් වෙනස් විය යුත්තෙ මෙතනදීය.යම් භාණ්ඩයක් හිඟ බවට ඇතැම් නිළධාරීන් දෙන ලණු එක වරම ගිල දැමීමට වෙළඳ ඇමතිවරයා සූදානම් නම් ගොවියාට අත් වන්නේ නපුරු ඉරණමකි.අනෙක් අතට විපක්ෂයට සම්බන්ධ ඇතැම් ගොවි සංවිධාන අතිශයෝක්තිව ගොවි ගැටළු කතා කරද්දී ආණ්ඩුවට අනුබද්ධිත සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නිදා සිටී.එහි සභාපති නාමල් කෘෂිකාර්මික නියෝජ්‍ය ඇමතිය.ලේකම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ය.උප සභාපති සුසන්ත නවරත්න අනුරාධපුර මන්ත්‍රී ය.නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා කයිවාරු ගසා නා ගැනීම හැර රටට දැනෙන කරන දෙයක් නැත.මේ තත්වය ආණ්ඩුවට හොඳ නැති බවට නොතේරීම අතිශය ගැටළුකාරීය .මේවා සමාජ ගතවීමට ඉඩහැර උද්දච්ච ලෙස බකං නිලාගෙන සිටීමේ ඵල විපාක සිරගෙවල්වල සිටිය යුතු තක්කඩි විපක්ෂයේ උන්ට ඉල්ලම් පෑදීමකි..ඇතැම් සමූපකාර ඡන්ද ප්‍රථිපල වලින් පෙන්නන්නේ එහි පෙරනිමිතිය.
( පොළොන්නරුවේ ගොවියෙක් විසින් එවන ලද ලිපියකි)

