මහනුවර දූෂිත විදුහල්පතිනියන් විදුහල්පතිවරු ගැන කෙරෙන පරීක්ෂණ යට යයි

මහනුවර ප්‍රධාන පෙලේ බාළිකා විදුහල්වල  දූෂිත විදුහල්පතිනියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයට   දෙමව්පිය විසින් සිදුකරන ලද පැමිණිළි රැසක්  නිසි ලෙස විමර්ශණයට ලක් නොවීම නිසාඑම දූෂිත  විදුහල්පතිනියන් එම අක්‍රමිකතා  දිගින් දිගටම කරගෙන යන බව  වාර්ථාවෙි  මව්පියන්  සහ ගුරුවරුන්  අදාළ  බලධාරින්ට  කරන ලද පැමිණිළි සියල්ල යට ගසා  ඇති බව ද ගුරු සංගම් චෝදනා කරති.

  හිටපු දේශපාළනඥයන් සහ ආණ්ඩුකාර වරුන්ගේ නිර්දේශ මත මහනුවර  බාළිකා විදුහල් වල  ඉහළම පුටු වලට පැමිණි ඇතැම් විදුහල් පතිනියන්ට එරෙහිව  අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට    පවා  පැමිණිළි  කර තිබේ.

සිය  තැරැව්කරුවන් මාර්ගයෙන්  පාසැලට ළමුන් ඇතුලත් කර ගැනීම⁣ට ලක්ෂ ගණනින් මුදල් අයකරන ඇතැම් විදුහල්පතිනියන් තමන්ව විවේචනයන්ට ලක් කරන පිරිස් බිය ගැන්වීමට ව්‍යාජ පොලිස් පැමිණිළි පවා  ඉදිරිපත් කර තිබේ .

ඇතැම් දූෂිත විදුහල්පතිනියන්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ  නිලධාරින් පැමිණ පරීක්ෂණ ආරම්භ කලද  එම එම නිලධාරින්ද   මෙම දූෂිත විදුහල්පතිනියන්ගේ ජරාවට යටවී ඇති බව ගුරු සංගම් චෝදනා කරති.පසුගිය රජයේ දේශපාළන ප්‍රබලයන් මාර්ගයෙන් මහනුවර  ප්‍රධාන විදුහල්වලට  පැමිණි ඇතැම්  විදුහල්පති වරු ,විදුහල්පතිනියන්  ප්‍රසිද්ධියේම  දෙමව්පියන්ගෙන්  මුදල් ලබා ගත් සිද්ධීන් වාර්තා වී ඇතත්,මෙම දූෂිතයන්ට එරෙහිව කිසිදු පියවරක් ⁣ නොගන්නා  ආණ්ඩුවේ  ඇමති වරුන්ටද  මහජනතාව අප්‍රසාදය පලකරති.

ඇතැම් විදුහල්පතිනියන්  සහ විදුහල්පති වරු භාවිතා කරන පුද්ගලික වාහන රුපියල් කෝටියකට අධිකය.  මෙම  පිරිස් සම්බන්ධයෙන්  වත්කම් සොයා බැලීම් පරීක්ෂණ සිදුකල යුතු බවත් ,දේශපාළනඥයන්ට වඩා අන්ත දූෂිත  මෙම   විදුහල්පති වරු සහ විදුහල්පතිනියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිසි විමර්ශණ සිදු නොකිරීම නිසා ඔවුන්ගේ ජාවාරම් ජයටම සිදු කරගෙන යති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *