විජයපාලන්ගේ  රස කතා

පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙක්ම පාර්ලිමේන්තුවේදී කරණු ලබන සෑම ප්‍රකාශයක්ම වගකිමක් සහිතව කල යුතුය. එසේ නොවුන කල අදාල ප්‍රකාශය කරණු ලැබූ මහජන නියෝජිතයා විහිළු කාරයෙක් වීම වැලැක්විය නොහැකි පොදු සාධකයකි.දැනට සති තුනක පමන කාළයක සිටි වත්මන් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල විසින් සිදුකල ප්‍රකාශ විමසා බලනුවටීයි.

 පසුගිය ඔක්තෝම්බර් 22 දින පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලය තුලදී මහජන දිනය පවත්වමින් සිටියදී එම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් මිඳිගම ලසා වෙඩිතබා ඝාතනය කර තිබුණි. එම ඝාතනය සිදුවන විට පාර්ලිමේන්තුව රැස්ව තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ඝාතනය ගැන පාර්ලිමේන්තුව දී ප්‍රශ්න කළේය. එසේම විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ අදාල සභාපතිවරයා තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ලිඛිතවම ආරක්ෂාව ඉල්ලා ඇති බවත් එම ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප කලේ හිතාමතාම මෙම ඝාතනය සිඳුවීමටද යන්නයි.

මළසිරුරේ උණුසුම යන්නටත් පෙර ඇමති ආනන්ද විජේපාල කොල බලාගෙන කීවේ මියගිය සභාපතිවරයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බැවින් ඔහුට ආරක්ෂාව දීමට රජය බැඳී නැති බවයි. මේ වගේ  රටක පොලීසිය භාර ඇමති වීම රටේ අභාග්‍යයක් නොවන බවට තර්ක කල හැක්කේ ඊට පසුදින මියගිය සභාපතිවරයාගේ අයිආර්සී අංකය පවා කියමින් පාර්ලිමේන්තුවේ දී කරුණු ඉදිරිපත් කල නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහයි.

වසරකට බිලියන ගනනක් වියදම්කර සිරකරුවන් ආරක්ෂා කරන්නේ ඇයිද යන්න මරිමෝඩ ඇමතියා දන්නේ නැත. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව ආරක්ෂා කිරීමට දිනකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් රජය වියදම් කරන බව මේ  ඇමතියා නොදන්නේද? වෙඩි තබා මළ සිරුරේ රස්නය යන්නටත් පෙර වෙඩි තැබූ පුද්ගලයන්ව දින දෙකක් යන්නට පෙර අත් අඩංගුවට ගන්නා බවට සපත කර කියා සිටියේ වෙඩි තැබූ අය කවුද යන්න හොඳින්ම දැන සිටි නිසා නොවේද? ඒ ගැන අපි වෙනමම සාඛච්චා කරමු.

කෙසෙල්බද්දර පත්මේ ඇතුළු අපරාධ කරුවන් පමනක් නොව සෙව්වන්දි ලංකාවට ගෙන එන මොහොතේ ද ඊට පසුවද පොලීසිය මාධ්‍ය සංදර්ශන පමනක් නොව කෘතිම බුද්ධිය හරහා නිමවූ වීඩියෝ පවා සමාජ මාධ්‍යයට මුදා හැරියේ ඇමතිගේ නියෝගමත බව පොලීසියට නොරසකි.ඒහෙත්  ඇමතිවරයාට ඌයියා වුනේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන දිස්නා නිරන්ජලා කුමාරිගේ ස්වාමිපුරුෂයා ව රුපියල් කෝටි දෙකක වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග අත්ඩංගුවට පත්වීමත් සමගය. අදාළ අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ දී එම නගර සභා මන්ත්‍රීවරිය එම නිවසේ සිට ඇති අතර ඇයව අත්ඩංගුවට නොගන්නා ලෙසට වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට උපදෙස් දුන්නේ වෙනත් රටක  ඇමතියෙක්ද?

නැත්නම්  ආනන්ද විජේපාල ගේ පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදිහකටය. තලාවේ පොලීසිය මාලිමාවේ නගර සභා මන්ත්‍රීනියට ඒසේ වූවාට ආනන්ද විජේපාලගේ මහරගම පොලීසියේ හැසිරීම මෙසේය 2025 සැප්තැම්බර් මස 26 වෙනිදින මහරගම පොලිස් වසමේ ඉඩමක් පරීක්ෂා කිරීමට පොලීසිය ගොස් ඇත. එහිදී පොලීසිය සමග වෙනත් පුද්ගලකු විසින් එම ඉඩමේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් සොයාගෙන ඇත. නිවසේ ගෘහ මූලිකයා මහරගම නගරයේම ගරාජයක් පවත්වාගෙන යන්නෙකි. ගෘහ මූලිකයා නොසිටි බැවින් ඔහුගේ බිරිඳව සහ ගෙදර සිටි ගෝලයාව පොලීසියට රැගෙන ගොස් කියා ඇත්තේ ගෘහ මූලික තරුණයාට පොලීසියට භාරවන ලෙසය. අදාල තරුණයා පොලීසියට භාරවූ පසු ඔහුව දින දෙකක් නීතියානුකූල නොවන ලෙසට පොලීසිය තුල රදවාගෙන සිට පසුව 2025 සැප්තැම්බර් 30 දින සිදුකරන ලද මෙහෙයුමකදී මහරගම නගර සභාව අසලදී අදාල තරුණයාව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 2400 ක් සමග අත් අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් යොදා බී54971/2025 යටතේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ වනතෙක් අදාල තරුණයාට ඇප ලබාදී නැත.  එයට හේතුවී ඇත්තේ පොලීසිය සමග ඩීල් දාන මංචනායක නම් නීතීඥයා ඔහුට වරද බාරගන්නා ලෙසට කරන ලද ඉල්ලීම තරුණයා විසින් ප්‍රතික්ෂේප කිරීමය. දැනට මෙම තරුණයා බූස්ස බන්ධනාගාරයේ රදවා සිටී. දේශබන්දු තෙන්නකෝන් සහ ටිරාං අලස්ගේ යුක්තිය මෙහෙයුම නම් කාසියේ අනික් පැත්ත වී ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය ගේ සහ ආනන්ද විජේපාලගේ ඉවත්වෙනු මෙහෙයුමයි. සෑම පොලීසියකට ටාගට් ලබා දී ඇති අතර ස්ථානාධිපතිවරු ඇමතිගේ සහ පොලිස්පතිගේ ටාගට් සැපිරීමට ගොස් ආණ්ඩුවට සාපකරන තැනට මිනිස්සු පත්කරමින් සිටීයි.

 පොලිස් අමාත්‍යාංශයේ උපදේශකට අවශ්‍ය වී ඇත්තේද එයයි. මහරගම සිදුවීම ගැන වගකීමෙන් ලියන අතර මේ ගැන හැකිනම් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාට අභියෝගය කරන්නේමු. එසේ කියන්නේ එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට කොන්දක් නැතිබව දන්නා නිසාය.

විජේපාලගේ අලුත්ම විහිළුව දැනට ඩුබායි රටේ සිටින ලංකාවේ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 7 දෙනෙකු රජයට භාරවීමට කැමැත්ත පලකර ඇති බවයි. එහි අභ්‍යන්තර කතාව මෙසේය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය ලෙස සමාජයේ කතිකාවක් පැවතියද ඔවුන්ට එරෙහිව ලංකාවේ කිසිම අධිකරණයක් ඉදිරියේ කිසිම නඩුවක් නැත . උදාහරණයක් ලෙසට දැනට බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය ලැබ එහි සිටින හිටපු කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ලාල් පීරිස්‍ නොහොත් මාලිගාවත්තේ කුඩු ලාල්‍ ය. නම කුඩුලාල් වුනාට ඔහුට එරෙහිව දුම්කුඩු විකුණූ නඩුවක්වත් නැත. ඔය බාර වෙන්න ලෑස්තියි කියන කන්ඩායම සූදානම් කර ඇත්තේ ඩුබායි හි සැගව සිටින කොස්ගොඩ සුජී නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධ කරුවාය. දැනට තිරේ පිටුපස ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන පුද්ගලයාය. භාර වෙන උන්ට ආණ්ඩුවේ රැකවරණය ලැබෙන අතර ආණ්ඩුවට හිසරදයක් වූ අය ඉවත් කිරීම ඔවුන්ට පැවරෙන රාජකාරිය වනු ඇත.

බලන්න නයනී ආනන්ද විජේපාල ගේ ආනන්ද ජනක විහිළුව. ඊටපස්සේ උන් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම රාජ්‍ය අනුග්‍රහය යටතේ කරන කොට කෙදිරි ගාන්න ඔට්ටු නෑ හොඳේ. අපරාධය ක් කර විදේශීය රටක සැගව ඉන්නා එකෙක් මේ නාරවලට එන්නේ නැත. ඒත් අපරාධ නඩු නැති උන්ට රජයෙන් ආරක්ෂාව ලබාගෙන උන්ට අවශ්‍ය ලෙස ධනය උපයා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නම් මොන ලේබලයක් හෝ අලවාගෙන උන් ලංකාවට එනු ඇති අතර ඇමති ආනන්ද විජේපාල තව දුරටත් විහිළු සපයමින් අනුරගේ මාලිගයේ කවටයාගේ චරිතය රඟපානු ඇත.

(විශේෂ ලියුම් කරුවෙකු යොමු කළ ලිපයකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *