රජයේ ප්‍රසම්පාදාන ක්‍රියාවලිය අනුව රජය වාහන මිළදී ගැනීමේදී දින 42 ක් හෙවත් සති 6 ක කාළයක් ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා මිළ ගනන් කැදවීම කලයුතුය. එහෙත් 2/3 ක බලයක් ඇති වත්මන් ආණ්ඩුව රජයට ඩබල් කැබ් 1775 ක් මිළදී ගැනීම සදහා ටෙන්ඩර් කැදවීම දින 12 කට සීමා කර තිබෙි.
එවැනි හදිසි තත්වයකට ආණ්ඩුව ඉදිරිපත් වූයේ ඇයිද යන්න පොදු ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය පොදු ප්‍රශ්නයක් ලෙසට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ගෙන් විමසූ කල ඔහුගේ උද්දච්ච පිළිතුර වූයේ “ආණ්ඩුව ගත් එම ක්‍රියාවලියට අකමැති අයට උසාවි යන්න පුලුවන් ” යන්නයි. රටේ පවතින නීතිය අවභාවිතා කරමින් සහ එය හිතාමතාම උල්ලංඝණය කරමින් එවැනි උද්දච්ච කතා කීම ආණ්ඩුව විහින් ඔවුන්ගේ වලකපා ගැනීමක් වන්නේය.
එසේම පසුගිය 13 වෙනිදා විහාර මහදේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේ පැවති ඉල් මහ විරු උලෙලේදී ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා කීවේ අපි සතුරන්ට කිසිම සමාවක් නොදෙන බවයි. හොරුන්ට අනුකම්පා නොකරන බවයි. ඒත් වත්මන් ආණ්ඩුව ඊ වීසා මගඬියෙන් රජයට කෝටි 900 කට අධික පාඩුවක් කර හොරා කෑ හිටපු ඇමති ටිරාං අලස්ට කක්කි බයය. ටිල්වින් සිල්වා එම ප්‍රකාශය කලේ මුඛයෙන් මද යන්න ප්‍රශ්නය කි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගස කියා සිටියේ පාරේ දමා යන්නට තරම් වාහන රජයට ඇති බවය. එසේම ආණ්ඩුවේ ඇමති වරයෙකු වන සමන්ත විද්‍යාරත්න සිටියේ ඔහුගේ අමාත්‍යාංශයේ පමණක් වාහන 68 ක අතිරික්තයක් ඇති බවත් ඒඅනුව එම වාහන විකුණා මුදල් මහ භාණ්ඩාගාරයට ලබා දෙන බවයි. ඒ සමන්ත විද්‍යාරත්න ම පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ඔහුගේ අමාත්‍යාංශයේ ඇති සියළුම වාහන අබලං නිසා අලුතින් වාහන ගෙන්වීම කලයුතු බවයි.
ආණ්ඩුවට වාහන ගෙන්වීමට ටෙන්ඩර් දැමීමට පෙර ඒ පිළිබදව රහසේ සාකච්ඡා කරේ ජාතික ජන බල වේගය දිනවීමට ඍජුවම දායකත්වය දැක්වූ ලංකාවේ BYD ඒජන්ත වන ජෝන් කීල්ස් ආයතනය සමගය. ඒ BYD පෙට්ට්‍රල් දෙමිහුම් ඩබල් කැබ් මිළදී ගැනීමටය. ජෝන් කීල්ස් ආයතනය ප්‍රකාශකර ඇත්තේ එක් වාහයක් රුපියල් කෝටිය බැගින් ( මිලියන 10 ) ලබා දිය හැකි බවයි. මෙම වර්ගයේ කැබ් රථයක් ලංකාවේ සාමාන්‍ය වෙළද පොල වටිනාකම දෙකෝටි හැටපන් ලක්ෂයකි ( මිලියන 26.5 කි)එවැනි වටිනාකමක් ඇති වාහනයක් මෙතරම් අඩු මුදලකට ලබා දෙන්නේ රජයට ගෙනඑන වාහන සදහා තීරුබදු නොමැති නිසාය. රජයට ගෙනඑන වාහන සදහා තීරුබදු අය කරන බවට කෙනෙකුට තර්ක කල හැක. ඒත් රේගු දෙපාර්තමේන්තුවට ගෙවන එම තීරුබදු මුදල නැවත මහ භාණ්ඩාගාරය වෙතට ලැබෙන නිසා එම තර්කය බොළද ය.
එහිදී වාහන 1775 ක් මිළදී ගැනීම වෙනුවෙන් කුමක් ලබා දෙන්නේද ආණ්ඩුවේ නියෝජිතයා අසා ඇති අතර එම වාහන ආයතනය පවසා ඇත්තේ ආණ්ඩුව විසින් පවසනු ලබන ස්ථාන 250 ක ආරෝපන මද්ධ්‍යස්ථාන නොමිලේ සාදා දිය හැකි බවයි. ඊට දින දෙකකට පසුව මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතුම පුද්ගලයකු ඔහුගේ නියෝජිතයකු නැවත වාහන ආයතනයට යවා අසා ඇත්තේ “තව මොනවද අපට දෙන්නේ” කියාය. “තවත් යමක් දෙනවා නම් ගාන වැඩිකරන්න වෙනවා” යනුවෙන් ලද පිළිතුරට පසුව ඒ කතා බහ නවතා මුදල් අමාත්‍යාංශය විසින්ම නිර්නායකයන් සකසා ප්‍රශ්නගත ටෙන්ඩරය කැදවන ලදි.
මාධ්‍ය වෙත වාර්ථා කලේ දැනට ටොයටා සමාගම පමනක් ඒ නිර්නායකයන් සපුරා ඇති බවයි. එහෙත් වාහන මිළදී ගන්නේ එක් වාහනයක් දෙකෝටි තිස්හය ලක්ෂකට ය. ( මිලියන 23.6 කටය) අපට ලැබී ඇති තොරතුරු අනුව ආණ්ඩුව උත්සහ කරන්නේ කෝටි දෙක ( මිලියන 20 ) බැගින් ගෙවා ඉංදියාවේ නිෂ්පාදිත මහේන්ද්‍රා ඩබල් කැබ් මිලදී ගැනීමටය. ඒ සදහා රාජ්‍ය මට්ටමින් බලපෑමක්ද ඇත.
ආණ්ඩුව ප්‍රකාශ කරන ලෙසට රජය සතුව ඇති වාහන ප්‍රමාණය 7900 කි. එයට ත්‍රිවිධ හමුදාවේ පොලීසිය සහ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව සතු වාහන නොමැතිවය. මේ ආණ්ඩුව වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසුව මේ වන විට අලුත් වාහන පනස්දාහකට (5000කට)අධික වාහන ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි වී ඇත. ඒ අනුව ඇතිවන මාර්ග තදබදය අවම කිරීමට බොහෝ ප්‍රධාන මර්ග අලුත්වැඩියා කටයුතු කිරීම අගය කලයුතු කාර්ය කි. රජය සතුව වාහන 7900 කට අධික ප්‍රමාණයක් තිබියදී රුපියල් කෝටි 4200 කට ආසන්න මුදලක් වැයකර අලුතින් ඩබල් කැබ් රථ මිළදී ගැනීමට යන්නේ එම වාහන ප්‍රමාණයම රුපියල් කෝටි 1775 කට මිළදී ගත හැකිව තිබියදී වීම ප්‍රශ්නයක් නොවේද? ටෙන්ඩරය විවෘත කරාට පසුව බොහෝ දේ ජනතාවට නිරාවරණය වනු ඇත

