ජනාධිපතිවරයාටත් උඩින් යන පොලිස්පතිවරයා යාලුවා බෙිරා ගන්න සී අයිඩි  පරික්ෂණය නතර කරයි

දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ආයථා වත්කම් හා දුෂණ සහ වංචා පිලිබදව  අපරාධ පරික්ෂණ දෙපොර්තමේන්තුවේ වාණිජ එකකය මගින් ආරම්භ කර තිබු විමර්ශනය වහාම පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් නතර කර ඇති බව වාර්ථාවෙි.

කුරුණෑගල  ප්‍රාදේශිය මාධ්‍යවෙිදියෙකු විසින් හෙළි කළ කිත්සිරි ජයලත්ගේ දුෂණ වංචා සම්බන්ධයෙන් ඔහුගෙන් ලබා ගත් කටඋත්රය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ එකකට මගින් විමර්ශන ආරම්භ කර තිබෙි.

අනුරාධපුර ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් ගොඩකර සිව්මහල් හෝටලයක් ඉදිකිරිම හා ඊට අවශ්‍ය සිමේන්ති උතුරුමාද පළාතේ පොලිස් ස්ථාන අලුත්වැඩියා කරන මුවාවෙන් පුත්තලම සිමෙන්ති ආයතනය විසින් නොමිලයේ ලබා ගැනිම සමිබන්ධයෙන් එම විමර්ශන ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ  පොලිස් පරික්ෂකවරයෙකු විසින් පරික්ෂණ ආරම්භ කර තිබියදි පොලිස්පති වරයා විසින් එය නවතා දමා තිබෙි.

අපට වාර්ථාවන අන්දමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතාවත් මෙිවනතෙක් පොලිසිය සිදුකරන පරික්ෂණයක් නවත්වන ලෙසට නියෝග කර නොමැති පසුබිමක තම මිත්‍රයා බෙිරාගැනිමට කටයුතු කිරිම ගැන  පොලිස්පතිවරයා ලැජ්ජා විය යුතුය.

ජනාධිපතිවරයා පුනපුනා පවසන දුෂිතයන්ට දඩුවම් දෙන එක නතර නොකරන බව පැවසුවත් ඊටත් උඩින් ගොස් පොලිස්පතිවරයා කරන මේ වැඩේ ගැන ජනාධිපතිවරයාත් ලැජ්ජා විය යුත්තේ මේවැනි දුෂිතයින් රකින නිලදාරින් එම තනතුරුවලට පත් කිරිම ගැනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *