උකුවෙල මහා පරිමාණ කසිප්පු ජාවාරමාගේ  සාක්කුවේ නැලටෙවන  මාතලේ පොලිස් ලොක්කන්

උකුවෙලට සංක්‍රමණය වූ මහාපරිමාණ  කසිප්පු ජාවාරමා මාතලේ පොලීසියේ ඉහළම ලොක්කන්ගේ සහ පොඩ්ඩන්ගේ ගජ මිතුරෙකු වීම නිසා එම ජාවාරමා පොලිස් බලතල අතට අර ගෙන ජාවාරම ජයටම කර ගෙන යන බව වාර්ථාවෙි.

මේ ජාවාරමා ගැන පොලිස්පතිගේ සිට සෑම නිලයකටම දැනුම් දී ඇතත් ,මම පොලීසියට බය නැහැ කියමින් තග දාන ජාවාරමා නිසා ප්‍රදේශයේ මහජන සාමයට බරපතළ හානි සිදුව ඇති බව ප්‍රදේශයේ නීතී ගරුක සාමකාමී ජනතාව පවසති.

මාස් පතා මාතලේ පොලිසියට ලැබෙන කප්පම්මුදල්  නිසා වැටලීම පිළිබඳව ජාවාරමාට  කලින්ම තොරතුරු පොලීසියෙන්  ලැබෙි.

රත්නපුර පලාතේ සිට උකුවෙලට පැමිණ සිටින මෙම ජාවාරමාගේ කසිප්පු තිප්පොලෙන් ලක්ෂ ගනනින්  සන්තෝෂම් මුදල් ලැබෙන නිසා  මාතලේ පොලීසියේ කිසිම නිලධාරියෙක් වැටලීම් නොකරන බව ප්‍රදේශයේ ජනතාව  පවසති. ප්‍රදේශවාසීන්ට තර්ජනය කරමින් පොලීසියේ ඩී අයිජීට නෙවෙයි කාට කීවත්   තමන්ට කිසිවක් කරන්නට පොලිසියට නොහැකි බව මොහු පවසයි.

මෙම  කසිප්පු  ජාවාරමා නිසා උකුවෙල ගම්මානය අවට  ජනතාවට විශාල හිරිහැරයක් බව පවසන ප්‍රදේශවාසීන්  පොලීසිය භාර ඇමති වරයා සහ පොලිස්පති මෙම කසිප්පු ජාවාරමා වහා මෙල්ල කල යුතු බව  පවසති.

………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *