අධීවෙිගි පොලිස් යතුරුපැදියක් පිට පුද්ගලකෙුට දී අනතුරක් කර මියගිය සිද්ධීයේ පොලිස් නිලදාරියාට දුන් ලිහිල් දඩුවම

පොලිස් අධිවෙිගි මාර්ග සංචාරක යතුරු පැදි එකකයේ (හයිවේ ට්‍රැෆික්) කුරුණෑගල පිහිටි එකකයට අනුයුක්ත යතුරු පැදියක් සිවිල් පුද්ගලයෙකුට ලබාදි එය අනතුරට ලක් කර එම පුද්ගලයා මිය යාමෙි සිද්ධියට සම්බන්ධ පොලිස් නිලදාරියාට එාරහිව නිතිය ක්‍රියාත්මක නොකර ඔහුට ස්ථාන මාරුවිමක් පමණක් ලබා දී ඇති බව වාර්ථාවේ.

මිට සති කිහිපයකට පෙර කුරුණෑගල කිරිවව්වල දැදරු ඔය ප්‍රදේශයේදී එම අනතරු සිදුවිය.එම අධිවෙිගි මාර්ග සංචාරක යතුරු පැදි එකකයේ 56375 අංකය දරණ ලෙස්ලි නැමති නිලදාරියා සිය දෛනික රාජකාරිය නිමවා පොත්වල ද සටහන් දමා පිටව ගොස් ඇත.එහෙත් එම යන අතර තුර 600 සීසී වර්ගයේ යතුරු පැදියක් රැගෙන ගොස් ඇත්තේ එහි අලුත්වැඩියාවකට බව පවසමිණි.ඒ නිත්‍යානුකුළ නොවන ආකාරයටය.

පසුව යතුරුපැදිය කිරිවව්ල ප්‍රදේශයේ ගරාජයකින් අලුත්වැඩියා කර එහි ගරාජ් හිමිකරු සමග එහි ළග පිහිටි හෝටලයකට ගොස් සප්පායම්වී ඇත.එහිදී ගරාජ් හිමිකරුගේ පියා පදම ඉක්මවා සිටි මොහොතේ පොලිස් නිළදාරියාගේ යතුරුපැදිය ඉ්ලා ගෙන එය ආසාවට පදවා තිබෙි.එහෙත් ඒ ගොස් ඇත්තේ අවසන් ගමනයි.මාර්ගයේ අසල තිබු ගසක වැදිමේන් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය කුරුණෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ උපදේස් මත එම යතුරුපැදි එකකයේ ස්ථානාධිපති දිමුතු ගුණසේකර විසින් සියලු පොත්පත් වෙනස් කර සිදුවිම යටපත් කිරිමට කටයුතු කර තිබෙි. අවසානයේ එම නිලදාරියා එම ඒකයෙන් කූරුණෑගල පොලිසියේ රථවාහන අංශයට පමණක් මාරුකර ඇත.

ලක්ෂ තිස්පහක් පමණ වටිනා යතුරු පැදිය අලුත් වැඩියා කිරිම සිදු කළ යුත්තේ පොලිස් ගරාජයෙණි.එසේ නොමැතිනම් පිට ගරාජයකින් අලුත්වැඩියා කිරිමට ප්‍රසම්පාදන ක්‍රියාවලියට මුලස්ථානයෙන් අවසර ලබා ගත යුතුය.එසේ නොකර පිදු කළ රාජ්‍ය දේපළ පාඩුවට දුන් අපුරු දඩුවම වන්නේ ස්ථාන මාරුවිම පමණියි.පොලිස්පතිවරයා මේ දිනවල රටට බන කියමින් යන අතරේ තමාගේ ආයතනයේ සිදුවන අකටයුතුකම් ගැන නොදැනිම කනගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *