ආණ්ඩුවේ හිස මතට කඩා වැටුන මිද්දෙණියෙ අයිස් කන්ද?

කෙසෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගැනීමේ සිට රටේ වගකිවයුතු මාධ්‍ය හැසිරුණේ සත්‍ය ජනතාවට දැන ගැනීමට සලසනවා වෙනුවට ආණ්ඩුවට හිතැති පාක්ෂිකයන් පිනවීමට අල්ලේ පැලවෙන බොරු ගොතා කීමටය. .

රජයේ මාධ්‍යයට එහා ගොස් ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය නාලිකවක් රේන්දයක් මෙන් ගොතමින් බොරු වැපුරුවේය. ඒ බොරු දැන් පැලවෙමින් ඇත. පලදාව ලැබෙන කොට පාක්ෂිකයන්ගේ රෙදි නැතිවෙනවා සිකුරුය.

මෙම බොරු පැතිරවීමට වත්මන් පොලිස්පති ඇතුළු පොලීසිය ද විශාල මෙහෙයක් සිදුකල බව නොරහසකි. බැකෝ සමන්ගේ පාපොච්චාරණය අනුව පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභාමන්ත්‍රී සම්පත් මනම්පේරිට අයත් ඉඩමේ වළදමා තිබූ ඩොලමයිට් වලට සමාන සුදු පැහැති අමුද්‍රව්‍ය තොගයක් ගොඩ ගත්තේ අයිස් කන්ටේනර් දෙකක් සොයා ගත්තා යනුවෙන් පුරසාරම් දොඩවමින්‍ ය.

මේ පිළිබදව ප්‍රවෘත්ති සදහා ජනාධිපතිවරයාටත් වඩා මුල්තැන දෙමින් කාළය ලබා දෙනලදි.ඒ සමගම සිදුවූයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අන්තරාදායක ඖෂධ පාලක මන්ඩලය කීවේ එම අමුද්‍රව්‍ය වලින් ලබා ගත් නියැදි 20 න් 17 කම අයිස් මත්ද්‍රව්‍ය ඇති බවයි. එයට සමගාමීව එම අමුද්‍රව්‍ය නුවරඑළිය සහ කඳාන ප්‍රදේශය හිද ස්ථාන දෙකක තිබී හමුවිය. එයටද පෙර සේම විශාල ප්‍රචාරයක් ලබාදෙන ලදි.

 එපමණකින් නොනැවතුන මාලිමා පාක්ෂිකයන් ඔවුන්ගේම පංතියේ රටේ තවත් ජන කොටසක් ආමන්ත්‍රණය කිරීමට “අයිස් බයියා ” යන වචනයද  කිසිම හිරිකිතයකින් තොරව භාවිතා කළේය. කවුරු මොනවා කීවත් අධිකරණය පිළිගන්නේ රජයේ රස පරීක්ෂක ගේ වාර්ථාව බව අප ලියූවිට අපේ දෙමාපියන්ට පිං අනුමෝදන් කරමින් මාලිමා පාක්ෂිකයන් විස්තර සටහන් ලියූ අයුරු අමතක නැත.

සත්‍ය වශයෙන්ම පොලීසිය මැදිහත් වී අදාල සාම්පල් වලට අයිස් මත්ද්‍රව්‍ය කලවම් කළ බවට සැක මතුව තිබෙි.  ඒ ආණ්ඩුව සහ පාක්ෂිකයන් චූන් කිරීමටත් ඒ හරහා අදාල පොලිස් නිළධාරින්ට වරප්‍රසාද සහ වරදානයන් දිනා ගැනීමටත් ය. අදාල පොලිස් නිළධාරින් පිළිබදව නමගම් සහිතව ඉදිරියේදී සවිස්තරාත්මක ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමු.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් සාම්පල ලබා ගත්තේ පොලීසිය පෙන්වූ තැන්වලින් නොවූ නිසා ඔවුන් ලබාගත් නියැදියන් වල අයිස් මත්ද්‍රව්‍ය හෙවත් කිෂ්ටල් මෙතාෆෙටමින් අඩංගු වූයේ නැත.එම රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමගම බොරුව රඟදැක්වූ පොලීසිය ඔවුන් මැවූ බොරු අයිස් කන්ද ආණ්ඩුවේ සහ මාලිමා පාක්ෂිකයන්ගේ හිසමතට කඩා වැටුණාය. දැන් බොරුව සමාජගත කිරීමේ වගකීම බාරගැනීමට එකෙක් නැත. ජයග්‍රහණය පියවරු දහසක් සිටියාට පරාජය අවජාතක. ඒ නියමයට අනුව අයිස් කන්දේ බොරුව දැන් අවජාතක ය. ඊලගට ශෝක ගී ලියන්න වෙන්නේ සම්පත් මනම්පේරි අයිස් කන්දේ නඩුවෙන් නිදොස්කර නිදහස් වූ දිනට ය. ඒ ලෙසට කෙසෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කරුවන්ට එසේ නොවිමටවත් බලධාරින් වගබලා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *