ගම්පල නගර සභාවේ සභාපතිට මාධ්‍ය  භීතිකාවක්  මාධ්‍යවේදීන්ට තග දාලා

ගමිපොල නගරයේ දිනපතා ගොඩගැසෙන කුණු කසළ, සත්ව අපද්‍රව්‍ය කොටස්  ,විවිධ විෂබීජ පතුරුවන අපද්‍රව්‍ය රහසිගතව ප්‍රදේශයේ ජනතාව වෙසෙන ගම්මානයකට දැමීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ හෙලිදරව් කිරීම නිසා ගම්පල නගර සභාවේ සමගි ජන බලවේගයේ   නගර සභාපති  වීරරත්න නැමති දේශපළනඥයා භූමිතෙල් වැදුණු ගැරඬියෙකු සේ කලබල වී ,සභාව වාර්තා කරන්නට පැමිණෙන ජනමාධ්‍යවේදීන්ට තග දමමින් තර්ජනය කරමින් බලපෑම් කිරීම  පිළිබඳව ගම්පල මාධ්‍යවේදීන් ඇතුලු  මාධ්‍ය සංගම්    දැඩි අප්‍රසාදය පලකර සිටිති.

මෙම  සභාපති වරයා ජනමාධ්‍යවේදීන්ට බලපෑම් කරමින් ඔහුගේ ආරක්ෂක නියාමකයන් මගින් පීඩා කරවීමට ද පියවර ගෙන තිබේ.මේ සම්බන්ධව ගම්පල ජනමාධ්‍යවේදීන්  සමගි ජන බල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටද  දැනුම් දීමට කටයුතු යොදා තිබේ. බලය ලැබුණු විගස මාධ්‍යයට තග දැමූ ගම්පල නගර සභාවේ සභාපති    වීරරත්න නැමැත්තා තමන්ගේ  නගර සභාවේ මන්ත්‍රී වරු කීප දෙනෙක් හවුල් කරගෙන මාධ්‍යවේදීන්ට නගර සභාව තුල ඇතිවන සාකච්ඡා රැස්වීම් වාර්තා කිරීමට ඉඩ නොදෙන බවටද තර්ජනය කර තිබේ.

මෙම දේශපාළනඥයාගේ ක්‍රියා කලාපය දැඩි සේ හෙළා දකින ගම්පල ජනමාධ්‍යවේදීන්   සමගි ජන බලවේගයේ ආණ්ඩුවක්  පිහිටුවා තිබුණා නම් මාධ්‍ය  වෙත කරන බලපෑම් කෙසේ වෙද්දැයි සජබේ නායකයාගෙන් ප්‍රශ්ණ කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *