ඔන් ලයින් විසා ලබා දිම සමාගමකට පැවැරිමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම ඩොලර් දාහතර ලක්ෂ දඑඅට දහස් තුන්සිය හැටක් (1418360) අහිමි වී ඇති බව ඒ සමිබන්ධයෙන් සිදු කර විගණනයේදී හෙළිවී ඇත.
මොඩිටෙල් ආයතනය මගින් සිදු කළ කටුනායක ගුවන් තොටුපළේ සංචාරකයින් සදහා වු ඔන් ලයින් විසා පසුගිය ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාගේ උවමනාව මත් සමාගම් දෙකකට පැවරිණි.
ජී බී ඒස් ටෙක්නොලිජි සර්විස් සහා අයි වී එස් ගෝලෝබල් යන ආයතනට පැවැරිණි.ඒ අනුව 2024 අප්‍රේල් 16 සිට අගොස්තු 02 දින දක්වා කාලයේදී සංචාරකයින් තුන්ලක්ෂ හැත්තැපන්දහස් හතරක් (375004) සදහා විසා නිකුත් කර ඇත.
එමගින් ඇමරිකන් ඩොලර් 6918883 ක මුදලක් එම සමාගම් උපයා තිබෙි.
එසේ උපයා ඇති මුදලින් රජයට ගෙවිය යුතු සමාජ ආරක්ෂක බද්ධ වන සියට 2.5 සහ සියට 18ක් වු එකත්කළ අගය මත් අයකරන බදු හෙවත් වැටි බදු මුදල ගෙවිමට එම සමාගම කටයුතු කර නොමැත.ඒ අනුව සමාජ ආරක්ෂක බදු මුදල ඩොලර් 172970ක්ද වැටි සදහා ඩොලර් 1245360ක් වශයෙන් ඩොලර් 1418360ක් රජයට ගෙවිම පැහැරහැර ඇති නිසා වහාම එම මුදල අයකර ග්නනා ලෙසට විගණන දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.
මිට අමතරව ඒ කාලය තුළ දී විසා නිකුත් කළ පිරිසෙන් 1013 දෙනෙකු සම්බන්ධයෙන් ආගමන විගමණ දෙපාර්තමේන්තුවට අඩුවෙන් දන්වා ඇති බවද විගණනයේදී හෙළි කර ගෙන තිබෙි.
2025-10-29

