කටුනායක ගුවන් තොටුපොළේ බුද්ධි අංශය සදහා කිසිදු සුදුසුකමක් නොමැති කාන්තාවකට

කටුනායක ගුවන් තොටුපොළේ බුද්ධි අංශය සදහා ඒ සදහා කිසිදු සුදුසුකමක් නොමැති කාන්තාවක් පත් කර ඇති බව වාර්ථාවෙි.

සිවිල් නිළදාරිනියක්  වන ඇය පසුගිය යුධ සමයේ දෙමළ පුද්ගලයින් ගුවන් තොටුපළේන් පිටමන් කිරිමට චෝදනා එල්ලවු තැනැත්තියක් බව සදහන්වේ.

ගුවන්තොටුපළේ විවිධ අංශවල ත්‍රිවිධ හමුදාවන්හි බුද්ධි සේවාවන්වල සේවය කර පසුව ගුවන්තොටුපළට සේවයට එක්වු කිහිප දෙනෙකු සිටින බව එහි අභ්‍යංතර ආරංච් මාර්ග සදහන් කරයි.

ගුවන්තොටුපළ සභාපතිවරයාට ලබා දෙන වැරදි තොරතුරු මත එම නිළධාරිනිය ඊට පත් කර ඇති අතර ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇත ආරක්ෂිත කැමරා පද්ධතිය වගකිමද ඇයට පවරා තිබෙි.

ගුවන් තොටුපළේ ඇති රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පිරික්ෂණ දෙපාර්ථමේන්තුව ආදි ආයතනවල අංශ සමග සහයෝගයෙන් කටයුතු කර බුද්ධි තොරතුරු රැස් කළ යුතු අතර මෙම නිළදාරිනියට බුද්ධි තොරතුරු සමිබන්ධයෙන් කිසිදු දැනුමක් නොමැත.ඇය සේවය කරන ආරක්ෂක අංශයේම සේවකයින් දිනපතා සිදුකරන අක්‍රමකතා සම්බන්ධයෙන් පළමුව සෙවිය යුතු අතර එම අංශයේ සේවකයින්ගෙන් බහුතරය දිනපතා හෙරොයින් , අයිස් , අභින් ආදි මත්ද්‍රව්‍ය භාවිතා කර සිටිම පළමුව ඇයට සොයා ගැනිමට ඇති බුද්ධි තොරතුරය.එය සනාථ කර ගැනිමට පාලන අධිකාරි කළ යුතුව ඇත්තේ අහබු ලෙස වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරිමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *