රටින් ගෙන්නැති හාල්වලටත් ගැසටි ගහලා

ආනයනික සහල් සදහා රජය විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතත් එහි විදේශයන්ගෙන් ආනයනය නොකරන සහල් සදහාද පාලන මිලක් නිකුත් කර තිබෙි.
මේ වනවිට කිරි පොන්නි හා කිරි සම්බාවලට සමාන සහල් ආනයනය කළ ද රතු , සුදු සහ සම්බා සහල් ආනයනය නොකෙරේ.
එහාත් එම සහල් වර්ග සදහාද පාලන මිලක් නියම කර ගැසට් පත්‍රය නිකුත් කර ඇත.ආනයනික සහල් සදහා රජය රුපියල් හැටපහක බද්ධක් අයකරන අතර දේශය සහල් පාලන මිල ඉක්මවා අලෙවි කරන්නේ කිසිදු බදු මුදලක් රජයට නොගෙවාය.
මේ අතර කිරි සම්බා සහල් ආනයනය සදහා අවසර ලබා දෙමින් වෙළද අමාත්‍යංශය ගත් තිරණයට ආනයනකරුවන් දැඩි විරෝධය දක්වයි.
ඊට හේතුව දේශිය ආදායම් බදු ටින් අංකය ඇති ඕනෑම අයෙකුට සහල් ආනයනයට අවසර ලබා දිමයි.එමගින් කේෂත්‍රයේ නොමැති වෙනත් ව්‍යාපාරිකයින්ද සහල් ආනයනයට පෙළබි ඇති නිසා වසර ගණනාක් එම කේත්‍රයේ සිටි ව්‍යාපාරිකයින්ට එමගින් දැඩි බලපැමක් එල්ල වී ඇති බව ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *