එකල මන්ත්‍රී අනුර කුමාර දිසානායක සෑම අවස්ථාවකදීම ප්‍රසිද්ධියේ කියා සිටියේ රටක පැවැත්මට විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන කුළුණ තුනම වෙන්වෙන්ව ආරක්ෂාව කලයුතු බවත් එය පවත්වාගෙන යාම සදහා නීතියේ විධානයේ ආධිපත්‍යය නොකැලැල්ව ස්වාධීනව පවත්වාගෙන යායුතු බවයි.
ඉතිහාසය එසේ උවද අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ භාවිතාව ඊට අංශක 180 ක් හැරී ඇත. එසේ කීමට හේතුපාදක වූ කථාව මෙසේය.
ඔක්තෝබර් 23 දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ නියෝජිතයකු
පාර්ලිමේන්තු මන්ත්‍රී පෆිසර් මුස්තාපා හමුවී ජනාධිපතිවරයාගේ විශේෂ පනිවිඩයක් දැනුම් දී ඇත. එනම් ලබන වසරේදී වයස අවුරුදු 65 සැපිරීම නිසා විශ්‍රාම යාමට නියමිත වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සූරසේන මහතාගේ සේවා කාළය තවත් අවුරුදු 5 ක් ඉදිරියට දීර්ඝ කරන ලෙසට පුද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එනම් අග්‍රවිනිශ්චයකාර වරයා විශ්‍රාම ගැන්වීම අවුරුදු 70 ක් දක්වා ඉහල දැමීමටය.
එහිදී පෆිසර් මුස්තාපා පෙන්වා දී ඇත්තේ තනි පුද්ගලයකු ඉලක්ක කර එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනවා වෙනුවට දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ව විශ්‍රාම ගැන්වීමේ කාළය වසර 65 වෙනුවට වසර 70 දක්වාද දැනට අභියාචනාධිකරණ විනිසුරුවන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ක කාළය වයස අවුරුදු 67 දක්වා වැඩි කලයුතු බවට පොදු යෝජනාවක් ඉදිරිපත් කිරීම කාලෝචිත බවයි.
එසේම එම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරුද්ධ වුව හොත් කුමක් කරන්නේද යන්න ඔහු විමසා ඇත. එවිට ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නියෝජිතයා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් එම යෝජනාවට එරෙහි වුව ඔහුව සංස්කෘතික අරමුදල අවභාවිතා කිරීම යටතේ අත් අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර හරහා සජිත් ප්‍රේමදාස දැනුවත් කර ඇති බවයි.
වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පදමන් සූරසේන යුධහමුදා ස්වේච්ඡා බලකායේ හිටපු කපිතාන් වරයෙකි. ඔහුගේ පියා දෙබරවැව මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ලෙස රාජකාරී කරමින් සිටියදී දිළිඳු දරුවන්ට සිදුකල අසාධාරණකම් හේතුවෙන් කිපුන පියෙක් විසින් එල්ලකරන ලද මන්නා පහරකින් හිස දෙපළු වී මියගොස් ඇත. ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ ශේත්‍රයට පිවිසෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහාය. ඉන්පසුව මහාධිකරණ විනිසුරකු වී ඉහලට ගොස් ඇත. ඔහු මහාධිකරණ විනිසුරකු ලෙස සිටියදී මිණී මැරුම් නඩු විභාගයේදී බොහෝ විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දී ඇත. එයට බලපා ඇත්තේ තම පියාගේ ඝාතනය යි.
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ බුද්ධාගම ප්‍රමුක ස්ථානය ලබා දෙන බව පැවසුවද ඇමරිකාවේ ආධාර ඇතිව බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක වන බෝන් එගේන් නිකායේ ලංකාවේ සිටින ප්‍රබල පුද්ගලයකු ලෙසට වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන ප්‍රසිද්ධ රහසකි.

ඉහත කරුණු වලින් සනාථ වන්නේ එදා මන්ත්‍රී ලෙසට සිටි අනුර කුමාර දිසානායක ප්‍රජාතන්ත්‍රවාදී වුවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම බලය රදවා ගැනීම සදහා හිට්ලර්ටත් එහාට ගිය අයෙකුගේ රංගනයේ යෙදෙන බවයි.
සියළු බලතල තිබූ ගෝඨාභය රාජපක්ෂව මිනිස්සු එලවා දැමුවේ බලු කුක්කෙක් ලෙසිනි. බලය රැකගැනීමට අනවශ්‍ය දේ කිරීමට ගියහොත් මෙම ආන්ඩුවටද ඉතාමත් අවාසනාවන්ත අනාගතයකට මුහුණ දීමට සිදුවනු ඇත.
ජන්දයට පෙර එදා වේල අනුන්ගෙන් ලැබුන බවකියූ වත්මන් බොහෝ ඇමතිවරු කෝටිපතියන් නිසා රටේ යම් වියවුලක් ඇතිවූ කල ඔවුන් විදෙස් රටකට පැනගොස් ඔවුන් සතුව ඇති ධනයෙන් ජීවත්වනු ඇත. නමුත් ගමේ පහල සාමාජිකයන්ට අවාසනාවන්ත මරණයකට මුහුණ දීමට සිදුවීම වලැක්විය නොහැකි බව මොවුන් අවබෝධ කර ගතයුතුය.
(කොළඹ අලුත්කඩේ උසාවියේ නීතීඥ මහතකු විසින් විද්‍යුත් තැපෑලට යොමු කල ලිපියකි.)

