ස්ථාධිපතිවරයා ස්ථාන මාරුවි යන කොට කඩුවෙල පොලිසියට පරිත්‍යාග ලෙස ලැබුණු බඩු රැසක් රැගෙන ගිහින්

කඩුවෙල පොලිස් ස්ථානයේ හිටපු ස්ථාධිපතිවරයා ස්ථාන මාරුවිම් ලබා යන විට පොලිස් ස්ථානයට පරිත්‍යාග ලෙස ලැබුණු උපකරණ හා භාණ්ඩ රැසක් රැගෙන ගොස් ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව පොලිස් ස්ථාධිපතිවරයාට භාවිතා කිරිමට පරිත්‍යාග කර තිබු පුටුව , වායු සමීකරණ යන්ත්‍රය, ජනේල ආවරණ රෙදි ආදිය ඉන් ප්‍රධාන වෙි.

මෙසේ ලැබුණු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් කඩුවෙළ ව්‍යාපාරිකයින් විසින් පොලිස් ස්ථානයට ලබා දුන් එවා බව සදහන්වේ.එසේ ලැබුණු එවා පොලිස් ස්ථානයේ තොග ලැයිස්තුවට ඇතුළත් කර නොමැතිව තිබි ඇති බව වාර්ථාවෙි.එසේ පරිත්‍යාග ලෙස ලබා ගැනිමත් වැරදි ක්‍රියාවක් වන අතර තොග ලැයිස්තුවට ඇතුළත් නොකිරිමද වැරදි සහගත ක්‍රියාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *