ජාජබ ආණ්ඩුව අලුත් වැඩකට අත ගසා තිබේ.වැඩේ නම් මාරය.ඒ 2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමය.අපරාධ මගින් උපයාගත් දේ විමර්ශනය කිරීම තහනම් කිරීම ,රජය සතු කිරීම,සහ බැහැර කිරීම,සඳහා විධි විධාන සැළසීමත් ඒවා කළමනාකරණය වෙනුවෙන් අධිකරියක් පිහිටුවීමත් එම පනතේ ප්‍රධාන අරමුණ වේ.අපරාධ වලට අදාල වින්දිතයන්ට සහාය වීමට මෙන්ම අපරාධ වලින් උපයාගත් වෙනත් රටවල පවතින වත්කම් මෙරටට රැගෙන ඒමත් පනතේ අනිකුත් අරමුණු අතර වේ.
මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා අරඹන ලද නව පොලිස් කොට්ඨශයේ අධ්‍යක්ෂවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත් කර තිබේ.මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා එහි අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද්දේ පොලිස්පතිවරයාගේ බලපෑම මත බව පැවසේ.අමාත්‍ය ආනන්ද විජේපාල එම පත් කිරීමට මුලදී අදි මදි කළ බවද පසුව පොලිස්පතිවරයාගේ බලපෑම නිසා එම පත්වීමට අනුමැතිය දුන් බවද අනාවරණය වන්නේ පොලීසිය තුළින්මය.
එම ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයා ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කළ නිළධාරියෙකි.
හිටපු ඇමති වජිර අබේවර්ධන හා ඇවන්ගාඩ් සේනාධිපති හා එකට කන බොන ගජයෙකි.පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමට යන අවස්ථාවෙි අසංක කරවිට හැසිරුණේ පුකට පැට්‍රල් ගැසූ බල්ලෙකු විදියටය.රනිල්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා සියල්ල සිල්ලර විදියට දියාරු කිරීමට අසංක කරවිට බරපතල උත්සාහයක නිරත වූ බව රහස් පොලීසියේ බොහෝ දෙනා දනී.ඒ අවස්ථාවේ එජාපයේ බොහෝ දෙනා සිය ගැලවුම්කාරයා ලෙස විශ්වාසය තබා සිටියේ අසංක කරවිට වෙතය.එදින අසංක කරවිටගේ දුරකතන ඇමතුම් වාර්තාවක් ලබා ගන්නේ නම් වජිර අබේවර්ධන කී වතාවක් ඔහු අමතා තිබේදැයි සොයා ගත හැකිය.
ඒ දේශපාලනික සම්බන්ධතාවක් යැයි සිතා අපට තව දුරටත් නිහඬ විය හැකිය.එහෙත් මෙහිදී මෙම නව පොලිස් කොට්ඨාශයෙන් එජාපයේ වජිර අබේවර්ධනගේ සමීපතමයන් කිසිවෙකුගේ දේපොල ගැන නම් විමර්ශනය නොකෙරෙන බව නම් අපට ඉර හඳ මෙන් විශ්වාසය.
ඊට වඩා බරපතල වන්නේ අසංක කරවිට ගේ මේ පත්වීම සම්බන්ධයෙන් කොස්ගොඩ සුජී ඩුබායිහිදී මත්පැන් සාදයක් පැවැත්වූ බවට ලැබෙන තොරතුරුය.අසංක කරවිට කොස්ගොඩ සුජීගේ කලු සල්ලි මෙරට සුදු කරන්නා ලෙස පාතාලය තුළ ප්‍රසිද්ධ ගල්කිස්සේ කෝකිල මෙන්ඩිස් ගේ බොක්කේ යාළුවාය.කෝකිල මෙන්ඩිස්ට එරෙහිව රහස් පොලීසියේ මුදල් විශුද්ධි කරණ කොට්ඨාශයට ලැබී ඇති පැමිණිලි තඹ දොයිතුවකට මෙතෙක් ගනන් ගෙන නැත.
එහි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් යනු පානදුරේ කුඩු සළිඳුගේ මවගේ වැඩිමහල් සහෝදරියගේ අක්කාගේ පුතාය.කොස්ගොඩ සුජී ගේ දේපොල සඟවා ඇති තැන් පිළිබඳ බුද්ධි වාර්තා ගණනාවක් මේ වන විට එම කොට්ඨාශයට යවා ඇතත් ඒවා පිළිබඳවද කිසිදු විමර්ශනයක් නැත.අද වන විට කොස්ගොඩ බලපිටිය ජනතාව අතර කතා බහ වන්නේ මොන පාතාලයාගේ දේපොළ රාජසන්තක කෙරුවද කොස්ගොඩ සුජීගේ දේපොල වලට පොලීසිය අත නොතියන බවය.අසංක කරවිට ගේ පත් වීම කොස්ගොඩ සුජී ගේ දේපොල ආරක්ෂා කරන “බහිරව පත්වීමක්” බව අපට සීයට දෙසීයක් ෂුවර්ය.අප මේ ලියන දේ ඇත්තද නැත්තද යන්න සෙවිමට ජනපතිවරයාට පුළුවන.ඒ මේ ප්‍රදේශවල රාජකාරියේ යොදවා සිටින ජාතික හා මිල්ටෙරි අංශ කොළඹට යොමු කර ඇති බුද්ධි තොරතුරු වාර්තා ගැන සොයා බැලීමෙනි.එම බුද්ධි තොරතුරු වාර්තා සගවා ඇත්තේ කවුරුන් විසින්දැයි දැන ගැනීම තුළිිනි.
මේ ආණ්ඩුවෙි ඇතැම් පොලිස් ලොක්කන්ගේ ආදරණීය පාතාල පෙම්වතා කොස්ගොඩ සුජීය.අප ආණ්ඩුවේ වැඩ පිළිවෙලට අකුල් හෙලන්නන් යැයි යමෙකුට කිව හැකිය. එහෙත් අප ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරමු.අප මේ අනාවරණය කිරීම් කරන්නේ ජාජබය බලයට පත් කරවීම සඳහා කැප කිරීම් කළ පහල ඇවරියේ මිනිසුන් වෙනුවෙනි.ආණ්ඩුව මේ විදියට වගකීමක් නොමැතිව පත් වීම් කළ හොත් කවදා හෝ කෙල වන්නේ ඒ අහිංසක මිනිසුන්ටය.අපට මේ ආණ්ඩුව මිස වෙන විකල්පයක්‍ද නැත.ආණ්ඩුවේ ඔළුව ඉදිමීම නිසා අප මේ ලියන තොරතුරු සත්‍යදැයි සොයා බලන්නේද නැත.
මේ වන විට ජාතික බුද්ධි සේවාවද හමුදා බුද්ධි සේවාවද බිමට කඩා වැටෙන්නට ඔන්න මෙන්නය.මේ සියල්ල වන්නේ ජනපතිවරයාට තවමත් ආරක්ෂක උපදේශකයෙක් පත් කර ගෙන නැතිවීම නිසා බව අපට සිතේ.ඒ නිසාම බුද්ධි ප්‍රධානින්ද ආරක්ෂක අංශ වල ලොක්කන්ද විවිධ හැඩයේ පිස්සු කෙලමින් සිටී.ඒ පිස්සු කෙලිය නිසාම අසංක කරවිට වැනි තක්කඩි ජාවාරම් කරුවන්ට මේ තනතුරු වල වැජඹෙන්නට ඉඩ හැකියාව ලැබී තිබේ.
මේ වන විට ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් සමීපයේ විශ්වාසවන්තයන් ලෙස රූපාන්තරනය වී සිටින්නේ පසුගිය ආණ්ඩුවල පට්ට දූෂිතයන්ය.ඒ කාඩරය වඩාත් පැහැදිලිව දැක ගත හැක්කේ පොලිස් දෙපාර්තමේන්තුව තුළය.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලට ගොනාට අන්දා සිය දූෂිත පැවැත්ම තව දුරටත් තහවුරු කර ගෙන සිටින
රාජපක්ෂ සට්ටැඹි පොලිස් ලොක්කන් ගේ ඔළුවේ තියෙන සැලසුම තුළ ඇත්තේ ජාජබ ආණ්ඩුවට හෙන පාත්වන දවස ගැන දකින හීන වේ.ඇතැම් පොලිස් දූෂිතයන් ආණ්ඩුවේ ඔඩොක්කුවට වැදී හුරතල් වෙමින් සිටින්නේ වෙලාව ආ විට ආණ්ඩුවේම බිජුවත් ඇට දෙකත් කඩා ගෙන යාමට කුරුමානම් අල්‍ලමින් බව ඉතා පැහැදිලිය.
ජාජබ ආණ්ඩුව පිහිටුවීමට කතිරය ගැසූ බොහෝ දෙනා මේ වන විට ඉන්නේද කළකිරීමෙනි.ඒ අතරේ වැඩි දෙනා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ය.ලියන්නන්ය.ආණ්ඩුවේ කෙරුම්කාරයන් දැන් හැසිරෙන්නේ තමන් ගේ මිත්‍රයන් කවුරුන්ද සතුරන් කවුරුන්ද යන්න විනිශ්චය කර ගැනීමට නොහැකි දුබලතාවයකිනි.ඒ නිසාම ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා දර දිය ඇදි වුන් මංඥං වී සිටී.ආණ්ඩුවේ ඇතැම් කෙරුම්කාරයන් දැන් හැසිරෙන්‍නේ කෙළෙහි ගුණයක් නැති වුන් විදියටය.ජාජබ ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියා කාරිකයන් විසින් ඉදිරිපත් කරන සාධාරණ විවේචනයකට පවා ඇහුම්කම් නොදෙන තරමට ආණ්ඩුව දඩබ්බර වී ඇතැයි හැඟෙන තරමට වැඩ සිද්ධ වෙමින් පවතී.
එය සමාජය තුළට කාන්දු වී ඇත්තේ ආණ්ඩුවේ කෙරුම්කාරයන් බලය ලබා ගැනීම තෙක් තමන් සමීපව සිටි හිතවතුන් දැන් අත් හැර දමා ඇති බවට සදහන් පණිවුඩයක් විදියටය.ජාජබය බලයට පත් කිරීම සදහා සමාජ මාධ්‍යවල විශාල කැප කිරීමක් කළ බොහෝ දෙනාට තමන් හොඳින් දන්නා හඳුනන ජාජබයේ කෙරුම්කාරයකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තරමට ආණ්ඩුවේ කෙරුවාව බාල්දුවී තිබේ.එහෙත් එසේ කළකිරී සිටින්‍නන් සාකච්ඡා වන එක් අදහසක් පමණක් ආණ්ඩුවට වාසියක් වී ඇති බව පැහැදිලිිය.ඒ මේ ආණ්ඩුව පරාජයට පත් කරවීමට කටයුතු කිරීමෙන් පසු බලයට පත් වීමට තිබෙන පක්ෂය හෝ නායකයා කවුරුන්ද යන්න ගැන කිසිවෙකුත් අතර තවමත් අදහසක් නැතිවීමය.නමුත් මේ රික්තකය කවදා කවර ආකාරයෙන් වෙනස් වේදැයි කිසිවෙකුට කිව නොහැකිය.දේශපාලන සුනාමි ඇතිවන්නේ නැකැත් බලා නොවේ.
ඒ ගැන ආණ්ඩුවේ හා පැලවත්තේ කෙරුම්කාරයන් තේරුම් ගන්නේ නම් අප හැමදෙනාටම හොඳය.
(බුද්ධි අංශ ලියුම්කරුවෙකු විසිනි )