තෙල්දෙනිය පොලිසියේ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග කටයුතු කිරිම නිසා ප්‍රදේශයේ නීති විරෝධි ක්‍රියා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසින් පවසයි.
දිගන තෙල්දෙනිය අඹකොටේ ,රජවැල්ල , කෙන්ගල්ල යන ප්‍රදේශවල සිටින මත් ද්‍රව්‍ය ජාවාරමුන්ගේ ගජ මිතුරන් ලෙස මෙම පොලිස් නිලදාරින් කටයුතු කරයි.
හෙරොයින් ,ගංජා ,අයිෂ් ,තූල් ඇතුලු මත් ද්‍රව්‍ය බහුලව ජාවාරම් කරන ජාවාරමුන්ගේ ගජ මිතුරන් වී සිටින තෙල්දෙනිය පොලීසියේ බහුතරයක් ජරාවට යටවී සිටිති.මෙම පොලීසියේ නිලධාරින් නිසි පරිදි පැමිණිල්ලක්වත් විභාග නොකරන බන සදහන්වෙි.
රාත්‍රී මුර සංචාර ,පැමිණිළි විභාග කිරීම් නිසි පරිදි සිදු නොකරන මෙම පොලීසියේ ඇතැම් නිලධාරින් ඒවා ගැන සොයා බලන සමහර උසස් නිලධාරින්ට එරෙහිව පෙත්සම් යවන බවද දැනගන්නට ලැබිණි.
රාජකාරිය පැහැර හැර නිකරුණේ දවස ගෙවන මෙවැනි අලස නිලධාරින් පොලීසියේ ගෞරවයට හානියක් බව පොලීසිය තුලින්ම දැනගන්නට ලැබිණි.
තෙල්දෙනිය පොලිස් වසම තුල ඇතැම් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කලින්ම වැටලීම් පිළිබඳව තොරතුරු දෙන වසර ගනනාවක් මෙම පොලීසියේම පී සී ,සාජන් ,සහ එස්අයි ප්‍රමෝෂන් ලැබ සේවයේ යෙදී සිටින කීප දෙනෙක් විසින් සිදු කරන බව සදහන්වේ.
ඒ අනුව මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් අඩපණ කරන බැවින් මෙම නිලධාරින් සම්බන්ධව බුද්ධිඅංශ වාර්තා ලබාගෙන ඔවුන් වෙනත් ස්ථානවලට මාරු කල යුතුය.මධ්‍යම පලාත භාර පොලිස් ප්‍රධානීන් මෙම දූෂිත නිලධාරින් සම්බන්ධව කඩිනමින් පියවරක් නොගතහොත් අයිෂ් හෙරොයින් තූල් ගංජා සහ හෑෂ් මත් ද්‍රව්‍ය වලින් ප්‍රදේශයේ තරුණ පරපුර බේරා ගත නොහැකි බව තෙල්දෙණියේ ජනතාව පවසති.