වයඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සිටියදී තවමත් කුරුණැගල ඇතැම් පොලිසිවලට එම පළාතභාරව පෙර සිටි වත්මන් දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අණ ලබා දෙන බවට තොරතුරු වාර්ථාවෙි.
තමන්ට හිතවත් අයට නීතීය නැමිමටත් තමන්ට එරෙහි අයට නීතීය තදින් ක්‍රියාත්මක කිරිමටත් එහිදී උපදෙස් ලබා දෙන බව සදහන්වේ.
මිට හොදම උදාහරණය කිත්සිරි ජයලත්ගේ දුෂණ වංචා හෙළිකළ කුරුණෑගල ප්‍රාදේශිය මාධ්‍යවෙිදී බිමල් රුහූණගේ කුරුණෑගල බස්නැවතුමේ සිද්ධීයක් අවරණය කරමින් සිටියදී එම ස්ථානයට පැණි පොලිස් නිළදාරින් අතර වචන හුවමාරුවකින් පසුව එය රාජකාරියට බාධා කළ බව පවසමින් ඔහුගේ උවමනාවට අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙණි.
එම නඩුව පසුගිය සිකුරාදා යළි කැදවා ඇත.එදින පෙරවරුවෙි බිමල් ඔහුගේ අසනීපයකට අයුරේවේද රෝහලේන් ප්‍රතිකාර ලබා ගෙන පෙරවරු දහය වන විට අධිකරණයට ගොස් ඇතත් වෙනදා මෙන් නොව නව මහෙස්‍රාත්වරයා නියමිත වෙිලාවට රාජකාරි ආරම්භ කර එම නඩුව කැදවා ඇත.ඒ වන විට අධිකරණයට නොපැමිණි සිටි බිමල්ට වරෙන්තු නිකුත් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය කිත්සිරි ජයලත්ගේ ගෝලයින් විසින් ඔහුව දැනුවත් කර තිබෙි.එ අනුව කිත්සිරි නියෝග කර ඇත්තේ වහාම නිවසට ගොස් ඔහුව අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැවත දින තුනක් යන තෙක් රක්ෂිත බංධනාගාර ගත කරන ලෙසටයි.ඒ සති අන්තය හා සදුදා දිනය රජයේ නිවාඩු දිනයක් වන නිසාය. කෙසේ වෙතත් ඒ වන විටත් අධිකරණයෙන් බිමල්ට අදාළ වරෙන්තුවට අවශ්‍ය ලේඛණ කුරූණැගල පොලිසියට එවා නොමැති අතර එයද අගහරුවාදා දිනයේ නිකුත් කිරිමට නියමිතව තිබිණි.කෙසේ වෙතත් කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ පමණක් අධිකරණයෙන් වරෙන්තු ලැබුවන් හය සියකට අධික පිරිසක් සිටියදී සිය පුද්ගලික් අභිමතාර්තයන් පිරිමසා ගැනිසට බිමල්ව අත්ඩංගුවට ගැනිමට කුරුණෑගල පොලිසියේ කණ්ඩායමක් පසුගිය සිකුරාදා සිට අවස්ථා තුනකදී නිවසට ගොස් පරික්ෂා කර ඇත .ඊට අමතරව පොලිස් ජංගම ත්‍රිරෝද රථය දවස පුරා බිමල්ගේ නිවස අසල මාර්ගයේ එහා මෙහා යාමට එම දින තුනේම යොදවා තිබි ඇත.
තමන්ගේ දුෂණ හෙළි කළ මාධ්‍ය වෙිදියාගේන් පලි ගැනිමට නිළකබාය දුෂණය කරන මෙම කිත්සිරි ජයලත් නැමති දුෂිත නිළදාරියා යොදා ගන්නේද එවැනිම දුෂිත නළධාරින් බව හෙළිව ඇත.
2025-10-22