මත් උවදුරින් රට බේරා ගන්න නම් මේ පොලිස් හොරුන්වත් අයින් කරන්නම ඕනේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වරයාව පොලිස් ක්ශේත්‍ර බලකාමූලස්ථානයට මාරු කිරිම සම්බන්ධයෙන් පසුගිය සතියේ රටතුළ කථා බහට ලක්විය. උණාකූරුවේ ශාන්තගෙන් ලද මුදල් වලට එම ස්‍ථාන මාරුවීම හෙළාදකිමින් යූ ටියුබ් නාලිකා කීපයක වැඩ සටහන් ඉදිරිපත් කර තිබුණි. අපට ප්‍රශ්නය වූයේ එම ස්ථාන මාරුවීම ලබා දීම මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්නයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමල් ප්‍රසාන්ත පැටිකිරිය සොයා බැලීමේදී ඔබ උනත් මෙම ස්ථාන මාරුව ලබා දිය යුත්තේ මීට පෙර බව අනුමත කරණු ඇත. ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට පත්වන්නේ 2014 වසරේදීය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටියදීය. එම උසස් වීම සදහා ඔහුව නිර්දේශ කරන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය සජින් වාස් ගුණවර්ධන ය. එයට හේතුව වූයේ 2010 ජනාධිපතිවරණ සමයේදී සජින් වාස් ගුණවර්ධන ගේ මැරයන් විසින් තිරශ්චීන ලෙස පහර දී අම්බලන්ගොඩ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කර තිබුණි. එයට එරෙහිව සමාජය තුල කතාබහක් ඇතිවූ අතර එවකට සිටි අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති මාරුකර ඒ වෙනුවට පත්කරේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු වූ හේමාල් ප්‍රසාන්තය.
ඔහු පැමිණ සිදුකල මුල්ම කාර්ය්‍ය වූයේ නයිදුවාවඩු ඝාතනය කිරීම පිළිබදව ඇසින් දුටු සාක්ෂි තිබියදී අදාල නඩු වාර්ථාව වසා තබන ලෙස අධිකරණය වෙත කරුණු දැක්වීමය. එයට ත්‍යාගය ලෙස උසස්වීම ලද ඔහු ටිරාං අලස් මහජන ආරක්ෂක ඇමතිව සිටියදී දේශබන්දුගේ ගෝලයකු ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයේ අධ්‍යක්ෂ ලෙස පත්විය. ඔහු මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි ගේ ඥාති සොහොයුරාය.
එසේම පසු ගිය සති කීපය තුලදී දකුණු වෙරළබඩ ප්‍රදේශයන්හිදී පොලිස් සහ නාවික හමුදා අත් අඩංගුවට පත් කිලෝ 1500 කට අධික මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ අයිතිකරු වූ උණාකූරුවේ සානතගේද ඥාති සහෝදරයාය. මෙම මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබදව ඔහු දුන් ඔත්තුවක් නැත. ඔහු කරේ දින 90 ක් රැදවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කලයුතුව සිටි සම්පත් මනම්පේරීව රැදවුම් නියෝග නොගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම පමණි.
අධ්‍යක්ෂකවරයා මාරුකිරීමට පෙර මාරුකරේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඔෂාන් හේවාවිතාරණය. ඔහු දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින මිණීමැරුම් සාදහා රතු වරෙන්තු නිකුත් වී ඇති පීඑම් ගිහාන් සත්සර නොහොත් දෙහිබාලාගේගේ හොඳම ගජයාය.
ගිහාන් සත්සර හොද බෝට්ටු ස්කීපර් වරයෙකි. ඔහුගේ ගෝලයන්ද එසේමය. දින දෙකකට ප්‍රථම නාවික හමුදාවෙන් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 රැගෙන ආ බෝට්ටුවේ සිටි දෙවුන්දර පුද්ගලයා සෙහාන් සත්සර ගේ ගෝලයෙකි. දෙවුන්දර සිංහාශන පාරේ ඇති සෙහාන් සත්සරට අයත් තෙමහල් මන්දීරයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිටීමට වෙන්කරන ලද කාමරයක් පවා ඇත. 2024 අගෝස්තු මස දෙවුන්දර දේවාලය පැවති පෙරහැරට සහභාගී වීමට ශෙහාන් සත්සර නොහොත් දෙහි බාලේ ඔහුගේ බිරිඳ සහ සහෝදරයා ඩුබායි සිට පැමිණි මොහොතේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කල පොලිස් පරීක්ෂක පැතුම් නම් නිළධාරියාගේ ආරක්ෂාව යටතේ ගුවන් තොටුපළ සිට දෙවුන්දර දක්වා රැගෙන යාමටත් ඔහු නැවත රටෙන් බැහැර වන විට ගුවන් තොටුපළ දක්වා ආරක්ෂා සහිතව රැගෙන යාමට කටයුතු සැලසූවේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ ය. 2024 දෙවුන්දර දේවලයේ පෙරහැර ඔෂාන් හේවාවිතාරණ නැරඹුවේද දෙහිබාලේගේ ගෙදර සිටය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටින ඊලග හූණියම සහකාර පොලිස් අධිකාරී ධම්මික සේනාරත්නය. ඔහු කලක් කොළඹ වෙරළබඩ පොලීසියේ ස්ථානාධිපති ලෙසද කටයුතු කල අයෙකි. එහිදී ඔහු ඉපයූ කළු සල්ලි වලින්ම සුඛෝපභෝගී වාහන දෙකක් ගෙන ඇත. මත්ද්‍රව්‍ය සහ අනෙකුත් හොර ජාවාරම් කරන පුද්ගලයන් ඔහුගේ මිතුරන්‍ ය. මේ වසරේ ජනවාරි මසදී යුධ හමුදා බුද්ධි ඒකකය හරහා ලැබුන ඔත්තුවක් මත කොළඹ වරායේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප ඒකකයේ උපපොලිස් පරීක්ෂක දොඩම්පේ ඇතුළු නිළධාරින් කන්ඩායම විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනා සිගරට් තොගයක් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම සිගරට් තොගය විශාල පෙට්ටි තුනක තිබූ අතර යුධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් ඔත්තුව වෙනුවෙන් එම සිගරට් අඩංගු පෙට්ටි තුනෙන් එකක් ඉල්ලා තිබුණි.
උපපොලිස් පරීක්ෂකවරයා එම සිගරට් අඩංගු පෙට්ටියක් යුධහමුදා බුද්ධි නිළධාරින්ට ලබා දී තිබුණි. එම සිගරට් මෙරටට රැගෙන ආ පුද්ගලයා සහකාර පොලිස් අධිකාරී ධම්මික පෙරේරා ගේ හොඳම මිතුරෙකි. ධම්මික පෙරේරා කර තුබුණේ සිගරට් තොගය ගෙන ආ පුද්ගලයාද වැටලීම සිදුකල උපපොලිස් පරීක්ෂක දොඩම්පේ ඇතුළු නිළධාරින්ද කොම්පඤ්ඤවීදියේ කිව් පාරේ ඇති ඔහුගේ නිළ නිවස වෙත ගෙන්වා ගෙන නඩුව ගොඩින් බේරන්නට යෑමයි. ඔහු කියා ඇත්තේ යුධ හමුදා බුද්ධි නිළධාරින්ට ලබාදුන් සිගරට් තොගය නැවත එය ලංකාවට ගෙනා වග උත්තර කරුට ලබාදෙන ලෙසයි.
වැඩේ නොකෙරුණ නිසා උපපොලිස් පරීක්ෂක දොඩම්පේ ඇතුළු නිළධාරින්ගේ වැඩ තහනම් කෙරිණි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දැනට සේවය කරන පොලිස් කොස්තාපල් වරුන්වන ඉෂාර බටුගෙදර, බංඩාර, අතුල විජේසිංහ,
මධුෂාන් යන නිළධාරින්ද එක ඒකකයේ සිටිනඅනෙක් පිලිකාවන්‍ ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් යම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් පිලිබඳ රහසිගතව පරීක්ෂණ පවත්වන්නේ නම් එහි එක් අංගයක් වන්නේ අදාල පුද්ගලයාගේ දුරකතන ඇමතුම් පිළිබදව විශ්ලේෂණය කිරීමයි. එවැනි අවස්ථාවක් ආ විගස ඉෂාර බටුගෙදර සහ බංඩාර දෙදෙනා එම විස්තරය කලිං පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට සමීපරූප ( සීසීටීවී) කොට්ඨාසයේ සිටින පොලිස් පරීක්ෂක පැතුම්ට දැනුම් දෙයි. ඊටපසුව පොලිස් පරීක්ෂක පැතුම් කරන්නේ අදාල පුද්ගලයාට ඍජුවම අමතා දුරකතන විස්තර ලබා නොගැනීමට නම් ලක්ෂ ගනනින් මුදල් ඉල්ලා සිටීමය. මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට මාරු කර යවන්නේද ඔහු විසින් කරන ලද විශාල වරදක් නිසාය.
සෑම ධීවර බෝට්ටුවකටම අංකයක් ඇත. එම අංකය සදහන් කර පරීක්ෂා කිරීමේදී අදාල බෝට්ටුව නිවැරදිව ඇති ස්ථානය හදුනාගැනීමේ හැකියාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තිබුණි. හිටපු නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ නියෝග කර තිබුනේ අදාල යෙදුම (app)පොලිස් පරීක්ෂක පැතුම්ගේ පුද්ගලික දුරකතනයේ පමණක් භාගත කරගන්නා ලෙසය. එසේ සිදුකරේම ඔෂාන් හේවාවිතාරණගේ සම්බන්දකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ බෝට්ටු වලට ආරක්ෂාව දීමටය. නමුත් පොලිස් පරීක්ෂක පැතුම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් පරිබාහිර පුද්ගලයන් ට අදාල යෙදුම විවෘත කර බැලීමට අවස්ථාව ලබාදී තුබුණි. ඔෂාන් හේවාවිතාරණ කරේ ඔහුට එයට දඩුවමක් නොදී 2014 සිට වසර 10 පොලිස් පරීක්ෂක පාඨමාලාව හදාරා නොතිබුන පොලිස් පරීක්ෂක පැතුමව පොලිස් පරීක්ෂක පාඨමාලාව හැදෑරීමට යවා පසුව ඔහුට පෙනෙන මානයේ පොලිස් පරීක්ෂක පැතුම්ව රඳවා තාබා ගැනීමට සමීපරූප ( සීසීටීවී) කොට්ඨාසට මාරුකිරීමය.පසුගිය අගෝස්තු මසදී පොලිස් කොස්තාපල් ඉෂාර බටුගෙදරගේ විවාහ උත්සවයක කඩවතදී පැවතිණි. එම විවාහ උත්සවයට මුදල් වියදම් කර තිබුණේ පොලිස් පරීක්ෂක පැතුම්‍ ය.
ඉහල නිළධාරින් පමනක් නොව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පමණක් නොව ඒ හරහා ලංකාවටම ශාපයක් වෙන මෙම නිළධාරින්ව පොලිස් දෙපාර්තමේන්තුවෙන් ම පන්නා දැමිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *