මෙරට ප්‍රසිද්ධ සිවිල් සමාජ ක්රියාකාරිණයක හදිසියේම මේ ලියුම්කරු ඇමතීය.
”මාර වැඩේ සහෝදරයා වෙලා තියෙන්නෙ.රාජපක්ෂවරුන්ගෙ කාලයෙදි අපේ ජීවිත ආරක්ෂා කර ගන්න උපාය උපක්‍රම ගැන අපට අදහසක් තිබුණා.ඒ දවස්වල ඔවුන් මිනිස් ඝාතන වල නිරත වුන ආකාරය ගැන අපට හොඳ අවබෝධයක් තිබුණ නිසා.දැන් මේ ආණ්ඩුව තුළ අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මාර බයකින්.හෙට අනිද්ද වෙද්දි කොහෙන් ඔළුවට පත්තු වෙයිද කියල හිතෙන තරමට අවදානම් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්නෙ.මහජන ආරක්ෂාව සීරෝ වෙලා.පොලීසිය රාජකාරි කරන්නෙ තම තමන්ට ඕනෑ විදියට.ඒ කියන්නෙ ජාජබයෙ දේශපාලන බලධරයන්ගෙ පාලනයෙන් පොලීසිය මිදිලා.ඒ නිසා අපට බරපතල ජීවිත අවදානමක් මතුවෙලා”යනු වෙන් ඇය පැවසුවාය.ඇය පවසන කාරණය සහතික ඇත්තය.
ඇය පැවසූ අදහස තවදුරටත් තහවුරු කෙරෙන කාරණයක් පිළිබඳව මෙම ලියුම්කරු දැනුවත් කෙරුවේ පොලීසියේ ඡ්යෙෂ්ඨයෙකි.
” මම සක්‍රීය පොලිස් සේවාවෙ ඉඳගෙන මාලිමාව බලයට ගේන්න බොහොම උදව් උපකාර කෙරුවා.ඒ අවදානමක් අරගෙන.
හදිසියෙවත් මාලිමාව පැරදුනානම් මගේ රස්සාව නැති වෙන්න පවා ඉඩ තිබුණා.
මම මාලිමාවට උදව් කෙරුවෙ ප්‍රමෝෂන් ගන්නවත් වෙන මොනව හරි ලාභ ප්‍රයෝජන ගන්නවත් නොවෙයි.මාලිමා ආණ්ඩුවකින් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ තිබුණ පාදඩ දූෂණ ක්‍රමය වත් නිවැරිදි කරාවි කියල බලාපොරොත්තුවක් තිබුණා.ඒත් දැන් මාලිමා ආණ්ඩුව පොලීසිය හසුරවන හැටි දැක්කාම ඔක්කාරයට එනවා.පරණ දූෂිතයන්ම ඒ ඒ තැන්වල තවම ගේම් ගහ ගෙන වැඩ.පොලිස් ඇමතිවරු දෙන්න ඒව ගැන හොයල බලන්නෑ.මේ යන විදියට පොලීසිය ඉදිරියට ගියොත් මාලිමා ආණ්ඩුට සොරි තමා.ඇත්තටම රාජපක්ෂලාගේ ආණ්ඩුව තියෙන කාලෙ අපි උන් විවේචනය කර කර වුනත් රස්සාව කරා.දැන් අපට වෙලා තියෙන්නෙ මාලිමාව බලයට ගේන්න උදව් කරා කියල විඳවන්න.අර පරණ සෙට් එක දැන් පලිගන්නෙ අපෙන්.ඒත් අපට සිද්ධ වෙන අසාධාරණය කියන්න එකෙක් නෑ.
මාලිමා දේශපාලන බල අධිකාරිය ඒව හොයන්නෑ.මාර වැඩේ අපට වුනේ.”
මේ ලියන ලියවිල්ලට ඒ ප්‍රකාශ දෙකම අදාලය.එම ප්‍රකාශ වලින් ඇඟවෙන කළකිරීම නොසළකා හරින්නට බැරි තරමේය.ඒ මක්නිසාද යත් ,පොලීසිය තුළ සිද්ධ වෙන තක්කඩි ක්‍රියාකාරකම් ජාජබ ආණ්ඩුවේ පැවැත්මට හානි කර වන නිසාය.
දකුණු පළාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයා කිත්සිරි ජයලත්ය.මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව ගැන අමුතුවෙන් අටුවා ටිකා ටිප්පණී ලියන්නට ඕනෑ නැත.පාස්කු ප්‍රහාරයට වේදිකාව සාදන ලද පීතෘවරයා මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
ඒ දොස්තර සාෆි කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කරන ලදැයි ව්‍යාජ තොරතුරක් සමාජ ගත කරමිනි.එම ව්‍යාජ තොරතුර නිසා රට ගිණි ගත්තේය.ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් විමර්ශන වලින් අනතුරුව ගන්නා ලද අධිකරණ ක්‍රියා මාර්ග වලින් පසුව දොස්තර සාෆි වෙත එල්ල කරන ලද වඳ සැත්කමි චෝදනාව පට්ට බේගලයක් බව තහවුරු විය.
සමස්ත සමාජය තුළ ඉතා බරපතල කම්පනයක් ඇති කරන ලද සාවද්‍ය තොරතුරක් සමාජගත කළ මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් කාරයා වර්තමානයේ සිටිය යුත්තේ වැලිකඩ හිරගෙදර ජම්පරය ඇඳගෙනය.එහෙත් ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිය වෘත්තීය බලධාරිත්වය පතුරවමින් සිටින්නේ පරණ පුරුදු ආකාරයටම රාජකාරි කරමිනි.
දොස්තර සාෆිට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින් රාජකාරිි විෂමාචාරයක නිරත වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත යුතු වුවද වර්තමාන පොලිස්පතිවරයා විසින් එවැන්නක් නොකරන බව සහතිකය.
ඒ මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වර්තමාන පොලිස්පති වරයාගේ “යාළු මාලු අඹ යාළුවා” නිසාය.
කෙටියෙන්ම සඳහන් කරතොත් වර්තමාන පොලිස්පතිවරයා විවාහ වන අවස්ථාවේ දෙවන මනමාළයාට සිටියේද මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ය.
කිත්සිරි ජයලත් විසින් දොස්තර සාෆි විසින් වඳ සැත්කම් කරන ලදැයි කළ චෝදනාව පිළිබඳව විමර්ශනය කිරීමට හා ඒ සඳහා ගන්නා ලද අධිකරණ ක්‍රියා මාර්ග වෙනුවෙන් වැය කරන ලද මහජන මුදල් ප්‍රමාණය අති විශාලය.එලෙස මහජන මුදල් වැය කිරීම පිළිබඳව සම්පූර්ණ වරද කර ඇත්තේ කිත්සිරි ජයලත්ය.එලෙසම ඔහු ගේ එම අවශ්‍යතාව දේශපාලනික බවද ඉතා මැනවින් පැහැදිලිය.සැබැවින්ම කිත්සිරි ජයලත් මේ වන විට පොලිස් සේවාවේ සිටිය යුතු පුද්ගලකු නොව අධිකරණ විනිශ්චය සඳහා අත් අඩංගුවට ගත යුතු සාහසික අපරාධකාරයෙකි.එහෙත් මාලිමා ආණ්ඩුවේ කොන්ද පණ නැති කමට කොකා පෙන්වමින් ඔහු තවමත් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමින් සිටී.
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වන විට දකුණු පලාත භාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
තවදුරටත් මොහු දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තබා ගැනීමට ආණ්ඩුව තව දුරටත් කටයුතු කළ හොත් හනුමා ගේ ගිණි ඇවිලිල්ලට වඩා හපන් ගිණි තැබීමකින් ආණ්ඩුවට කට උත්තර නැති කරන බව නම් නිසැකය.
ඒ පිළිබඳව ඇඟවෙන අපූරු උදාහරණයක් අප වෙත ලැබී තිබේ.ඒ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ කරණ්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වර්ෂවිතාන පදනම් විරහිතව ස්ථාන මාරු කර යැවීම පිළිබඳවය. ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වර්ෂවිතාන කරන්දෙණිය ස්ථානාධිපතිවරයා ලෙස පැමිණීමෙන් පසුව එම ප්‍රදේශය තුළ සිඳු කෙරුණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට වැට බැඳුන බව ප්‍රදේශවාසීන් සාක්ෂි දරයි.
විශේෂයෙන් පොලීසියේ සිටි දූෂිතයන්ටද පාදඩ තක්කඩි වැඩ කිරීම අත් හැර දමන්නට සිදු වූයේ ස්ථානාධිපතිවරයාගේ සෘජු රාජකාරියයි.
ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මුදල් වංචාවක් පිළිබඳව චෝදනා ලද නිළධාරියෙකි.මොහු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ටම ගැලපෙන මරිසිකාරයෙකි.කරන්දෙණිය ස්ථානාධිපතිවරයා ගේ සෘජු රාජකාරිය ඒ ඉහළ ඩබලට රිස්සුවේද නැත.එහි අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වර්ෂවිතාන කෑගල්ලට එලවා දැමීමය.
මේ සිද්ධියේ හොඳම කෑල්ල අනාවරණය වන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථාන මාරු කර යවන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් පොලිස්පතිවරයාට යවන ලද වාර්තාවක් බව පැවසේ.ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වර්ෂවිතාන සිය මුහුණු පොත් ගිණුමේ දේශපාලන පොස්ටු ෂෙයාර් කරන බවට එම වාර්තාවෙන් චෝදනා කර ඇතැයිද අනාවරණය වේ.මේ කියවෙන දේශපාලන පේස්ටු මාලිමා රජයේ පොදු මහජන සේවාවන් ගැන පැවසෙන පෝස්ටු මිස දේශපාලන විවේචනයන් නොවේ.පවතින රජයේ යහපත් ක්‍රියාකාරකම් වරදක් ලෙස සිතෙන ඔළු ඇති ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ටත් ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් කරන්දෙණිය ස්ථානාධිපතිවරයා පිළිබඳව අජීර්ණය වැළඳීම ගැන පුදුම විය යුතුද නැත.රාජපක්ෂවරුන්ගේ දේශපාලන සූදුවේ අත් උදව් කරුවන් වූ මේ ඩබල තවමත් කරන්නේ මාලිමාවට හිතවත් පොලිස්කාරයන්ගෙන් ඉතා සැළසුම් සහගතව පළිගැනීමය.
දැන් අප මේ ලියා ඇත්තේ පට්ට පල් බොරු යැයි මාලිමාවේ කෙරම්කාරයන්ට සිතෙන්නට ඉඩ තිබේ.ඒ ඇතිවන හිතේ කුලප්පුවට ඇත්තේ එකම බෙහෙතකි.කරන්දෙණිය ස්ථානාධිපති ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වර්ෂවිතාන ගේ රාජකාරිය ගැන සඳහන් බුද්ධි තොරතුරු වාර්තා කියවන ලෙසය.
ජාතික බුද්ධි සේවාව හා යුද හමුදා බුද්ධි තොරතුරු වාර්තා වල ඔහුගේ රාජකාරිය පිළිබඳව වටිනා ඇගයීමක් කර තිබෙන බව අපට දැන ගැන්මට තිබේ.
පොලිස්පතිවරයා තමන්ගේ දෙවන මනමාළ අඹ යාළුවාගේ හිත චූන් කරන්නට දක්ෂ පොලිස් නිළධාරීන්ගේ බෙල්ල කපා දමන්නේ නම් එය අනුමත කළ නොහැකි කුප්පම කුප්ප වැඩකි. පොලිස්පතිවරයාට මෙලෙස අංඟ පුලාවක් නැති වැඩ කරන්නට ඉඩ දී බලා සිටින මහජන ආරක්ෂක ඇමති ඩබල ගැන අපට දැනෙන්නේ බරපතල කණගාටුවකි.ඒ කණගාටුව අකුරු වලින් ලියවෙන්නේ නම් “අනේ අම්මපා ඕයි ඔය ඇමතිකමි මොනිටසෝරි ළමයින්ට දීලා” දානවායැයි ලියන්ටද හැකිය.මෙවැනි පලි ගැනීම් හරිම අසික්කිතය.ඒ පලිගැනීම් වඩාත් බරපතල වන්නේ ඒවාට බිලි වන්නේ මාලිමා ආණ්ඩුවට ලෙන්ගතු නිළධාරීන් වීම නිසාය.
(බුද්ධි නිළධාරියකු විසිනි )

