දියවඩන නිළමෙ වෙන්නත් කළින් ආරක්ෂකයින් පිරිවරා යන නිළමේ

මහනුවර   ලංකාවේ ලොකුම භික්ෂූ රෝහල හදන්නට පොරොන්දු දුන්  දියවඩන නිළමේ අපේක්ෂකයෙකු තමන්ගේ කෙරුවාව කියන්නට ගෙන්වා ගත් මාධ්‍යවේදීන්ට  ” පුලන්නෝ  ,”  වෙනුවෙන් දෙන දෙයක් දිය යුතු බව කියමින් දේවාලයට බැතිමතුන්  පූජා වට්ටියේ තබා  දෙවියන්ට පූජා කරන පළතුරු  වලින් ( අඹ  පැපොල්  ,කෙසෙල් අන්නාසි)  සැලඩ්  සකසා සංග්‍රහ කර  ,තමන්   ලක්ෂ  300 ක් ,වියදම් කලා යැයි   පම්පෝරි ගසා  ,තමන් ජයගත්තත් ,පරාද වුණත්   නිළමේ යැයි වහසි බස් දෙඩවූවාලූ..

මේ දියවඩන නිළමේ අපේක්ෂකයා  දේශපාළනඥයන් මෙන්  භික්ෂූන් වහන්සේලා රවටන්නට පටන් ගෙන තිබේ.මොහුගේ දේවාලය පිටුපස දේවාලයට අයත්  භූමියේ හරක් මස් ගාත් පිටින් දිනපතා තම්බයි. හරක් බොකු බාබත් කරිය  දිවාරාත්‍රී විකුණයි.කතරගම දෙවියන් හමුවේ දෑත් උස්සා කන්නලව් කරන මෙම නිළමෙ අපේක්ෂකයා මාධ්‍යවේදීන් අන්ත යාචකයන් ලෙස සළකයි.

මොහු වටා  සිටින සහචරයන් අතර  චීවරය ගලවා   හීරළුවෙක් වූ අයෙක්ද  උපදේශක වශයෙන් කටයුතු කරයි.කයිවාරු නිළමේ නමින් ප්‍රසිද්ධ මොහු  විවිධ ව්‍යාපාර කරන්නෙකි.

කලක් මෙඩිකල් රෙෆ් කෙනෙකු ලෙස කටයුතු කර ,මහා පරිමාණ  බෙහෙත් රටින් ගෙන්වන්නෙකු ලෙස පෙනී සිටින ,මෙම දියවඩන නිළමෙ අපේක්ෂකයා ,පිටරටින්  වාහන ගෙන්වන රථවාහන සේල් හිමියෙකුද ලෙස පෙනී සිටියි.

තමන්  ධූරයට පත්වු හොත් නිල නිවස ,නිල වාහන පාවිච්චි නොකරන බව පවසයි ,එහෙත් ඔහු වටේ රැවුල් වවාගත් ශරීර ආරක්ෂකයන් ( බොඩි ගාඩ්ලා )  යොදාගෙන   යන යන තැන  ඔවුන්ගේ ආරක්ෂාව මැද සිටියි,වැසිකිළියට යද්දී පස්සෙන් යන රැවුල් ආරක්ෂකයෝ    ඔහු වැසිකිළියට ගිය විට දොර ලඟ රැඳී සිටිති.දෙවියන්ට මෙ තරම් සමීප තැනැත්තා මෙතරම්බය කාටදැයි බොහෝ දෙනෙක්  නගන ප්‍රශ්ණයද වෙයි.

ලංකාවේ ලොකුම භික්ෂූ වාට්ටුව හදන බවට කයිවාරු වපුරන මේ දියවඩන නිළමෙ අපේක්ෂකය  ගැන දැන් කවුරුත්  දන්නවලු.ලංකාවේ ලොකුම  භික්ෂූ රෝහල මහනුවර හදන්නෙ  තමන් දියවඩන නිළමෙ ලෙස පත්වුණාට පස්සෙලු.

දේවාලයට අයත් කඩවලින්  ගන්න මුදල් ලක්ෂ ගනනින් වැඩිකරලලු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *