කෝටි දහසකට වඩා පොලු තැබූ නුවර සමාගම් සහ සංචාරක හෝටල් වලට නගර සභා බලධාරින්ගෙන් අනුකම්පාව

මහනුවර මහ නගර සභාවට රුපියල් කෝටි ගනන් පොලු තැබූ දෙවන රාජසිංහ මාවතේ කෝටිපතියාගේ හෝටලයට මහනුවර මහ නගර සභාවේ  සුපිරි වෙළඳ සංකීර්ණයට (එම්සීසී) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය සහ නගරයේ  පොදු වැසිකිළි අට බදු ගෙන නගර සභාවට හිඟ මුදල් නොගෙවා කට්⁣ටි පනින මහ මහනුවර නගරයේ වීථී වල රථ වාහන නවතා මුදල් අයකිරීමේ  කූඨ  ආයතනය යන ආයතන වලින්  නගර සභාවට අයවිය යුතු මුදල් අයකර නොගෙන  මග අරින නගර සභාවේ ගණකාධිකාරීවරිය ,නාගරික ජල කර්මාන්ත ඉංජිනේරූ  යන අයවලුන්  හුරතල් නොකරන්නැයි නගර සභාවේ මාළිමා මන්ත්‍රීවරු සහ විපක්ෂ මන්ත්‍රීවරු මහනුවර මහ නගර සභාවේ මාළිමා  පාලනයෙන් ඉල්ලා සිටිති.

මහනුවර නගර සභාවට රුපියල් කෝටි ගනන් හිඟ ජල ගාස්තු  නොගෙවා පැහැර  හැර ඇති නගරයේ සංචාරක හෝටල් වලින් නාගරික කොමසාරිස් වරියට, ගණකාධිකාරී වරියට ,ජලකර්මාන්ත ඉංජිනේරූවට සහ  උදේ සිට රෑ වන තුරු පරිඝණකය දිග හැර සිටින නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුලු නඩයට ලැබෙන ජරාව  නිසා මේ සංචාරක හෝටල් පරීක්ෂාව ,සහ ලැබිය යුතු හිඟ මුදල් අයකර ගැනීම කර අරින බව නගර සභාවේ මන්ත්‍රී වරු චෝදනා කරති.

නගර සභාවේ යාන්ත්‍රීක කියත් ( චේන් ෂෝ) ඇතත් ,නගරයේ අනතුරු දායක ගස්වල අතු කපන්නට ,අනතුරුදායක ගස් කපන්නට  කම්කරුවන් නැතැයි   මන්ත්‍රීවරු චෝදනා කරද්දී නාගරික කොමසාරිස් වරිය පස්වතාවක් නගර සභාවේ බදු මුදල් වැයකර රට සවාරි ගොස් තිබෙන බවත් නගර සභාවේ සේවකයෝ පවසති.

නාගරික කොමසාරිස් වරියගේ සියලු දූෂිත  කූඨ ක්‍රියාකාරකම් වලට මාළිමා නගර සභා පාලනය පූර්ණ අනුග්‍රහය දෙන බවට  නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරුද චෝදනා කරති. දූෂිත ටෙන්ඩර් ගනුදෙනු ලිපිගොනු සියල්ල රහසිගතව සඟවා පරීක්ෂණ යට ගසා කටයුතු කරන නාගරික කොමසාරිස් වරිය ඇතුලු දුෂිත නිලධාරින් වහාම මාරු කර දක්ෂ උගත් නිලධාරින් නගර සභාවේ සේවය සඳහා ගෙන්වා ගන්නැයි  නාගරික මන්ත්‍රීවරු සහ නගර සභාවට බදු ගෙවන ජනතාව ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *