මාධ්‍යට යමෙකු ඇති කිරිමටත් නැති කිරිමටත් හැකිය.එම නිසා බොහෝ දෙනා මාධ්‍ය සමග හැප්පිමට බියකමක් දක්වයි.එහෙත් දුෂිතයින් මෙන්ම දුෂිත ආකාරයට මුදල් හරි හම්බකරගත් අය ද මාධ්‍ය ඉදිරියේ වීරයින් ලෙස රග දක්වන්නේ තමන් සුදනන් ලෙස පෙන්වමිණි.ඒ සදහා දුෂිත ලෙස හම්බකරගත් මුදල්ද වැය කරන්නේ කෙසේ හෝ තමන් දුදනෙකු බව පෙන්විමටය.
අප මේ කියන්න යන කථා නායකයාද එවැනි කලු චරිතයකි.අප එදා සිට දුෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පහර එල්ල කරන අතර ඔහුගේ හෝ ඇයගේ තරා තිරම,නිළය වැදගත් නොවිය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් නැමති පොලිස් නිළධාරියාද එවැනි දුෂිත පුද්ගලයෙකු බව ප්‍රථමවතාවට අප හෙළි කරන්නේ දැනට වසර එකහමාරකට ඉහතදීය.වෛද්‍ය සාෆිගේ තිරනාටකය ලියා එදා කරලියට පැමිණී ඔහු සිය නිළබලය උපයෝගි කරගෙන රටේ නිතියද තුට්ටු දෙකට දමා කුඹුරක් ගොඩකර අනුරාධපුර පුජාභූමිය ආසන්නයේ ඉදි කළ සිව්මහල් හෝටලය සම්බන්ධයෙණි.
කෙසේ වෙතත් එම තොරතුරු හා තවත් ඔහු සමිබන්ධ දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී හෙළි කළේය.අවසානයේ එම තොරතුරු අපට ලැබෙන ආකාරය සම්බන්ධයෙන් ඔහු සැක කළේ කුරූණෑගල ප්‍රාදේශිය මාධ්‍යවෙිදි බිමල් රුහුනගේ නැමැති මාධ්‍යවෙිදියාවයි.කනගාටුව කරුණ නම් මෙම තොරතුරු ඔහු සමග වැඩකරන ඉහළ හා පහළ නිළයන් දරණ පොලිස් නිළදාරිධාරින් විසින්ම රහසි ගතව අපට ලබා දෙන අතර ඒ සියල්ලටම බිමල් සම්බන්ධ බවට කිත්සිරි මහතා සැකකර ඔහුට දිගින් දිගටම පහර දිමට කටයුතු කරයි. මේ අතර අනුරාධපුර හෝටලයක් පිළිබඳව පළවුණු වාර්තාවට තොරතුරු ලබා දෙන ලද්දේ මෙම මාධ්‍යවේදී යැයි සැකැකකරමින් මෙම මාධ්‍යවේදියාට විරුද්ධව කළ හැකි යම් දෙයක් ගැන මාන බලමින් සිටි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම මාධ්‍යවේදියා විසින් යම් කිසි මාධ්‍යාවරණයක් සඳහා කුරුණෑගල බස් නැවතුම්පොළ වෙත ගොස් ඇති අවස්ථාවක පොලිස් නිළධාරින් සමග යම් වචන හුවමාරුවක් ඇතිවූ බවට පවසමින් බිමල්ව අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
අප මේ සම්බන්ධයෙන් සොයා බැලිමේදී හෙළි වුයේ බිමල් හා කිත්සිරි මෑතක් වනතුරු හිතවතුන් ලෙස කටයුතු කර ඇත.අප හෙළි කළ ඔහුට අයත් අනුරාධපුර හෝටලය සම්බන්ධ තොරතුරු නිසා දෙනො අතර යම් හිත අමනාපයක් ඇතිව තිබෙි.අවසානයේ එම අමනාපය සිය කැළණි විශ්ව විද්‍යාලයේ සමකාලිනයින් එක්ව විසදා දෙනො මිතුරු කර ඇත.
පසුව බිමල්ට ලැබෙන ප්‍රවෘත්ති තොරතුරු වයඹ නියෝජ්‍ය පොලිස්පතිව සිටි සමයේ කිත්සිරි ජයලත් මහතාට ලබාදී ඇති බව අප කළ සොයා බැලිමෙිදී හෙළිවිය.අවසානයේ එම තොරතුරුවලින් ලකුණු දමා ගෙන ඇත්තේද කිත්සිරි බව වාර්ථාවෙි.හලාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය විදේශ ජාතිකයන් රාශියක් බඩුබාහිර සමග අත්ඩංගුවට ගැනිම ඉන් එකකි.
බිංගිරිය දැදුරු ඔයේ වැලි ජාවාරම දිගින් දිගටම හෙළි කිරීම නිසා එයද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත්ව ඔහුගේ ගෝලයකු වු පල්ලම ස්ථානාධිපති ලෙස තබාගෙන සිදු කළ මහා පරිමාණ වැලි ජාවාරම මෙම මාධ්‍යවේදියා විසින් හෙළි කිරිම නිසා යළිත් දෙනොගේ මිතුරුකම පලුදු වී ඇත.
කෙසේ වෙතත් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුෂිත ක්‍රියා සම්බන්ධයේන් අප හෙළි කිරිම නිසා එහි ගිණුම බැරව ඇත්තේ බිමල්ට බව පසුව අප කළ සොයා බැලිමේදී හෙළිවිය.මෙම නිසා නයි මුගුටි වෛරයක් බවට අද වන විට එය පත්ව ඇත. අප හෙළි කළ අනුරාධපුරයේ හෝටල් ඉදිකිරිම පිළිබද තොරතුරු මෙම තත්වය නිසා අල්ලස් කොම්ෂම දක්වා ගොස් ඇත.මෙම තත්වය මත අද වන විට කාකි ඇදුමලාගේන තරු ඔටුණු පැළද ගෙන ප්‍රදේශය මාධ්‍යවේදියෙකුට අභියෝග කිරිමට ඔශු පටන් ගෙන ඇත. කළ යුත්තේ එවාට අභියෝග නොකර තමන්ට එල්ලවී ඇති චෝදනා මිතුරු පොලිස්පති බැජා ලවා එම ෆයිල් යට නොකර එවාට මුහුණ දිමයි.
2025-10-03

