දැවැන්ත වී මෝල් හිමියන් බිහි වෙන්නට පෙර ගොවීන්ගේ වී මිළට ගත්තේ වී අලෙවි මණ්ඩලය හා සමූපකාරයයි හරහාය. එහෙත් අසූව දශකයේ විවෘත ආර්ථිකය වේගයෙන් වෙළෙඳපල ආක්‍රමණය කල විට රජයේ ආයතන ස්වභාවිකම අකර්මණ්‍ය වී පුද්ගලික වී මෝල් හිමියන් ඉදිරියට ආවේය .අනූව දශකය වනවිට ගම්මට්ටමින් තිබු කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් ද වැසී ගොස් මහ මෝලුන් වී හා සහල් වෙළෙඳපල මුළුමනින්ම අත්පත් කර ගත්තේය .ඉඳහිට විවිධ රජයන් වී මිළදී ගැනීමට වැඩ පිළිවෙළවල් යෙදූ නමුත් ඒවා මහා පරිමාණයේ වී මෝල් ඉදිරියේ සිහින් කෙඳිරි බවට පත් විය .මාලිමා රජය බිහිවී වසරක් ගතවේ.
අතීතයේ විවිධ ගොවි සංවිධාන වී වලට සාධරණ මිළක් ඉල්ලා සටන් කළද ජ.වි.පෙ.ට සම්බන්ධ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සිදුකල ගොවි සටන් වඩා සංවිධාන ගත විය.කලක් එහි සභාපති වු අනුර කුමාර දිසානායක මහතා අද රටේ ජනාධිපතිය. පසුව එහි ජාතික සංවිධායක වු නාමල් කරුණාරත්න කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍යය.එහි ලේකම් ටී.බී.සරත් වත්මන් නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයාය.ප්‍රකට වෘත්තිය සමිති නායක ලාල් කාන්ත කෘෂිකාර්මික ඇමතිය.එහෙත් වී මිළදී ගැනීමට යහපත් ප්‍රවේශයකට ඔවුන් තාම අවතීර්ණ වී නොමැත .මෙවර යල කන්නයේ දීද රජය වී මිළදී ගෙන ඇත්තේ ද සොච්චමකි.
ඒ තත්වය තුළ ගොවීන් බහුතරයකට තෙත වී විකිණීමට සිදුවුයේ කිලෝවක් රුපියල් සියයකට අඩුවෙන්ය .
වී අලෙවි මණ්ඩලයට එක් ලොරියක් පමණක් ඇති බව ඇමති ලාල් කාන්ත කීවේ ආණ්ඩුව ආ කාලයේ ය.ඔහු දැනුත් ඒකම කීම විහිලු සහගතය .වී අලෙවි මණ්ඩලයට ලොරි 100 ක් හෝ මිළදී ගැනීමට ආණ්ඩුවට හොඳටම කල් ඇතිය .
අනෙක් අතට පුද්ගලික වී මාෆියාව පරාජය කරන්නට රාජ්‍ය මැදිහත් වීම මත මහා පරිමාණයේ වී මෝල් කීපයක් ඇරඹීම අත්‍යාවශ්‍යය.ඒ සඳහා ඉන්දියාව,චීනය ,වියට්නාමය වැනි ආසියාවේ රටවල සහාය ලබා ගැනීම වරදක් නැත..එසේ නොකර ඩඩ්ලිලා ,නිපුනලා,රත්නලා සමඟ ගේම ඉල්ලා තේරුමක් නැත .ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් සාධාරණයක් වීමටනම් වී හා සහල් වෙළෙඳපලින් 20%-25%ක් රජය අත්පත් කර ගැනීම අනිවාර්ය සාධකයකි.එදා ගොවි සටන් වේදිකාවේ වීරයන් වූ නාමල්,සරත්,සුසන්ත නවරත්න වැනි මැති ඇමතිවරු කයිවාරු නවතා අවම වශයෙන් තම කණ්ඩායමේ බිමල් රත්නායක,ප්‍රසන්න ගුණසේන යන සහෝදර ඇමතිවරුන්ගෙන් යමක් ඉගෙන ගැනීම කෝකටත් හොඳය.

