උසස්විම නොළද පොලිස්සැරයන්වරුන් 244ක් ජනවාරියේ විශ්‍රාම ගැනිමට යයි

පොලිස් උසස්වීම් ලබා දිමේදී වැඩිම අසාධාරණයක් ලක්ව ඇත්තේ 2009 දී පොලිස් සැරයන් තනතුරට පත් පිරිස බව වාර්ථාවෙි.

ඔවුන් වසර15වකට වැඩි කාලයක එකම තනතුරේ සේවය කර මුලු සේවා කාලය වසර 35කට වැඩි කාලයකින් පසු තවත් වසර දෙකකට ආසන්න කාලයකින් කිසුද් උසස්විමක් නොබලා විශ්‍රාම යාමට නියමිතව සිටින බව වාර්ථාවෙි.

පොලිස් දිනයට සමගාමිව පසුගියදා පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස්  පරික්ෂක තනතුර දක්වා උසස් විම ලබා දිමෙිදී මෙසේ අසාධාරණයට ලක්වු සරයන්වරුන් 244 දෙනෙකු සිටින බව සදහන්වේ.

ජේෂ්ඨතාවය අනුව සියයට හැත්තෑවකට උසස්විම් ලබා දෙන බව සදහන් කළද ලබාදී ඇත්තේ සියයට තිහකට පමණි.

ඒ අනුව 455 දෙනෙකුට උසස්විමි ලබා දිමෙිදී ඉන් මියගිය හා විශ්‍රාම ගිය නිළදාරින් 153 උසස්විම් ලබා දී ඇත.

ඒ අනුව සක්ක්‍රිය සේවයේ සිටින නිළදාරින්ට අසාධාරණයක සිදුව ඇති බව ඔවුන් සදහන් කරයි.

මෙි අතර උප පොලිස් පරික්ෂක තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා උසස් විම් ලද 683 දෙනෙකුගේ උප පොලිස් පරික්ෂක පුරප්පාඩුද තිබියදී මෙම පොලිස් සැරයන් වරුන් උප පොලිස් තනතරුට උසස් කිරිම සිදු නොකිරිම අසාධාරණ බව ඔවුන් පවසයි. මේ සදහා ලබන ජනවාරියට පෙර සාදාරණයක් ඉටු නොවුන හොතු එසේ අසාදාරණයට ලක්වු පොලිස් සැරයන් වරුන් සියලු දෙනා විශ්‍රාම ගැනිමට තිරණය කර ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *