මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධූර කාලය අවසන් වීමත් සමග වැඩ බලන දියවඩන නිළමේ ලෙස ප්‍රදීප් නිලංග දෑලමහතා පත්වූ අතර ,එම තනතුර සඳහා නව දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කර ගැනීමේ නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගේ අධීක්ෂණමත නොවැම්බර් මස 07 වන දින මහනුවරදී පවත්වනු ලබයි.
එම ධූරය සඳහා මේ වන විට වත්මන් වැඩ බලන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග තවත් අපේක්ෂකයන් 5 ක් තරඟ කරන බවට පැවසීමත් සමග දියවඩන නිලමේ පොරයක් බවට පත්ව තිබෙි .ඒ අනුව ජන්දය හිමි විහාරස්ථානවලට හා ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු ජන්ද දායකයින් හමුවිමට තුටුපඩුරු රැගෙන එම අපේක්ෂකයින් හොරරහසේ යන බව ද වාර්ථාවෙි. මේ අතර බස්නායක නිළමේ ධුරයට තරගවදින අනෙක් අය වන්නේ දමින්දබණ්ඩාර උඩුරාවණ ( මහනුවර කතරගම දේවාලය) සරත් බණ්ඩාරනායක ( ශ්‍රී නාථ දේවාලය මහනුවර) රොෂාන් පස්සර මුදලිගේ මහතා ,ජාත්‍යන්තර ,මැණික් ව්‍යාපාරික ,සෝණුත්තර රජමහා විහාරයේ බාරකාර ,බස්නායක නිළමේ වන රොෂාන් පස්සර මුදලිගේ මහතා විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වන තිලක් සුබසිංහ මහතා ,සහ හිටපු රාජ්‍ය නිලධාරියෙකු වනාමීණී කළුහැන්දිවෙල යන අයවලුන් බව වාර්ථාවෙි.

මිට අමතරව මෙම නිලවරණයට ඉදිරිපත්වී සිටින නවක අපේක්ෂකයන් තිදෙනා විහාර දේවාල ගම් පණත යටතට ගැනෙන ලංකාවේ කිසිදු පිළිගත් ඓතිහාසික දේවාලයක බස්නායක නිළමේ ධූරවත් හොබවා නැති විහාර දේවාල ගම් පණත පිළිබඳව අබැටක දැණුමක් තිබෙන අයවලුන් නොවෙති.
අනෙක් අපේක්ෂකයන් තිදෙනා අතරින් ප්‍රදීප් නිලංග දෑල ,රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය ,කතරගම ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය ,සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩක නිළමේ ධූරය දැරූ පළපුරුදු නිළමේ වරයෙකි. සරත්බණ්ඩාරනායක මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අනුබද්ධ ,ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හොබවයි ,දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාලයේ සහ පස්ගම ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හොබවයි.
ඉතා උණුසුම් තරඟකාරී ත්ත්වයක් ඇත්තේ මෙම නිළමේ වරුන් තිදෙනා අතරය. අනෙක් අපේක්ෂකයන් තිදෙනා ශ්‍රී දළදා මාළිගාවේ හතර කොණවත් නොදන්නා අයවලුන්බව මහනුවර ජනතාව මෙන්ම මහා සංඝරත්නයද පවසති. උඩුරාවණ මහතා පිටරටින් වාහන ගෙන්වන සේල් හිමියෙකු මෙන්ම පිරටින් බෙහෙත් ගෙන්වන ව්‍යාපාරිකයෙකි. සරත් බණ්ඩාරනායක මහතා මල්වතු මහා නාහිමි ඥාතීයා බව පවසමින් ඉඩම් සහ වෙනත් ව්‍යාපාර කරමින් පොලියට මුදල් දෙන්නෙකු ලෙස මහනුවර ප්‍රකටය. පස්සර මුදලිගේ යන අය ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු කියමින් දළදා මාළිගාවේ විවිධ අංශවල සේවකයන් ලෙස කටයුතු කල කීප දෙනෙකු එක්කර ගනිමින් රට වටේ යයි .ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කල පොලිස් නිලධාරියෙකු බව පවසයි. මහාචාර්ය වරයෙකු වන පුද්ගලයා කලක් පැවිදිව සිටි අයෙකු බව බොහෝ දෙනා පවසති.ජාතික හැඳුම ඇඳ සිටින පුද්ගලයා හිටපු රාජ්‍ය නිලධාරියෙකු වබ කියන ගාමීණී කළුහැන්දිවෙල යන අයෙකු වන අතර ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් හෙළි නොවේ.ඔහු දියවඩන නිළමෙ තනතුර සඳහා ඉදිරිපත් වන බවක් ප්‍රචාරය කර ඇත.
රොෂාන් පස්සර මුදලිගේ යන අය මහනුවර අයෙකු නොවන අතර විදෙස් රටවල් රැසක ව්‍යාපාර කරන බව කීවද ,ඔහු නුවර ගෙස්ට් හවුස් එකක තවකාළිකව නවාතැන් ගෙන දළදා මාළිගාවේ සුළු සේවකයන් ලෙස සේවය කර ,එම ස්ථානයෙන් ඉවත් කල පුද්ගලයන් කීප දෙනෙකු පිරිවරාගෙන දියවඩන නිළමේ ධූරයට ඡන්ද හිමිකම් ඇති පිරිස් සොයා යති.

