විනය විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂමට ලැබි ඇති පැමිණිල්ලක් මත කුරුණැගල මුලස්ථාන පොලිස්යේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර නැමැති අයගේ සේවය අත්හිටුවා වාහාම විමර්ශනයක් නරන ලෙසට අවස්ථා දෙකකදි නියෝග කර තිබියදී ඔහුගේ ඥාතියෙකු වන දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උවමනාවය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් ඔහුව හික්කඩුව පොලිසියේ ස්ථානධිපතිවරයා ලෙස පත් කර තිබෙි.
ඇවරිවත්ත පොලිසියේ රථවාහන අංශයේ ස්ථාධිපති ලෙස කටයුතු කරන සමයේ ස්පා අචලා යන කාන්තාවත් සමග අනියම් ස්මබන්ධතාවයක් වපත්වා ඇයගෙන් ලක්ෂ පහළවකට ආසන්න මුදලක් ලබා ගෙන මෙම පොලිස් පරික්ෂකවරයා වංචා කර ඇත් බවට පොලිස් කොම්ෂමට ඇය විසින් පැමිණිළි කර ඇත.
විවාහක පුද්ගලයකු වුවද කාන්තාවන්ට දැඩිව ලොල් පුද්ගලයකු වන මොහු ස්පා අචලා නැමැති කාන්තාව සමඟ අනියම් පෙමක් පවත්වාගෙන ගිය ඇයගෙන් ලක්ස පහළොවකට ආසන්න මුදලක් ඉල්ලාගෙන ඉන් අනතුරුව ඇය මගහැර වෙනත් කාන්තාවන් සමග ඇසුරු කළ බවත් මීගමුව බස් නැවතුම්පොළේ දී එම කාන්තාවක සමග සිටියදී අචලාට හසුව ඔශුට පන්න පන්න පහර දී තිබෙි. දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරියගේ ඥාති සම්බන්ධතාවයක් පවතින මෙම පොලිස් පරික්ෂකවරයා ඔහු වයඹ පළාත්භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටදී කුරූණෑගලට ගෙන්වා මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස පත් කර ආරක්ෂා කළේය.එහිදී පොලිස් කොම්ෂම ලබා දුන් නියෝගයද කිත්සිරි ජයලත් විසින් ක්‍රියාත්මක නොකර මගහැර සිටියේය.
දැනට දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වත්මන් පොලිස්පතිවරයා අතර ඇත්තේ පොලිස් කොස්තාපල් අවදියේ සිට පැවත ගෙන එන දැඩි මිත්‍රත්වයකි. පොලිස්පතිවරයාගේ පළමු විවාහයේ යහළු මනමාලයා ලෙස සිට ඇත්තේ ද මෙම ජේෂිඨ නියෝජ්‍ය පොලිස්පතිවරයායි.

