මහනුවර මහ නගර සභාවේ නවීන රථ ගාල කොමසාරිස් වරියගේ සැමියා සේවය කල පාවහන්  අළෙවි සැලකට  තුට්ටු දෙකට බදු දීලා

මහනුවර මහ නගර සභාවට වැඩි ආදායමක් ලබා ගත හැකි  සභාව සතු කරළිය සම්මන්ත්‍රණ ශාලාවේ නවීන රථගාල් සංකීර්ණය නාගරික කොමසාරිස්වරියගේ සැමියා සේවය කල සමාගමක  පාවහන් අළෙවි කිරීම සඳහා නාගරික කොමසාරිස් වරියගේ හිතුමතේට   සුළු මුදලකට  බදුදී තිබෙන බව නගර සභාවේ සේවකයන් සහ නාගරික මන්ත්‍රී වරු  පවසති.

සභාවේ මන්ත්‍රීවරුන්ගේ කිසිදු එකඟතාවයක් නැතිව කොමසාරිස්වරියගේ සැමියාගේ  මන දොළ සපුරාලීම සඳහා නාගරික ජවතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන නගර සභාවට වැඩි ආදායම් ලබා ගත හැකි ,නවීන රථගාල පාවහන්  අළෙවි පොලකට  ලබාදීම  පිළිබඳව නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රී වරු  මෙන්ම  සේවකයන්ද  මවිතය පළ කරති.

නාගරික කොමසාරිස් වරියගේ සැමියා  සේවය කල පාවහන් නිෂ්පාදන සමාගමට මෙම රථ ගාල බදු දී ඇති මෙම  කොමසාරිස් වරිය   රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ( පත්කල) හොබවද්දී ඔහුගේ  ලේකම් ධුරය හෙබවූ සමන් ඒකනායක යන අයගේ  නිර්දේශ මත ,එවකට හිටපු නගරාධිපති කේසර සේනානායකගේ  වුවමනාවට  මහනුවර මහ නගර සභාවට පත්කර එවූ තැනැත්තියකි.

මෙම කොමසාරිස් වරිය හිතුවක්කාර ලෙස අඩු ලංසුවකට නගරයේ වීථී  රථවාහන නැවතීම සඳහා බදු දී ඇති අතර ,එම සමාගම නගර සභාවට ගෙවිය යුතු  වාරික මුදල්  ද ගෙවීම අතපසු කරන්නේ නාගරික කොමසාරිස් වරියගේ    හුරතලය නිසා බව නගර සභාවේ මන්ත්‍රීවරු පවසති.

දැනටමත් මහනුවර නගරයේ වීථී බදු ගත් ආයතනයට එරෙහිව නගර සභාවට බදු ගෙවන ජනතාව සහ වෙළඳ ප්‍රජාව නාගරික කොමසාරිස් වරියගේ අකාර්යක්ෂම දුර්වල පරිපාලනයට දැඩි විරෝධය පලකර තිබේ.කොමසාරිස් වරියගේ සැමියා සේවය කල පාවහන්  නිපදවන සමාගමට නගරයේ නවීන රථගාල තුට්ටු දෙකට බදු  දීම නිසා මහනුවර මහ නගර සභාවට  ලැබිය යුතු ආදායම අහිමි වී ඇත.පලාත් ආණ්ඩුකාර වරයාද  ,මේ කිසිවක් නොදන්නා අයෙකු මෙන් නිහඬව සිටීම ගැන නගරයේ බදු ගෙවන ජනතාවද ඔහුට අප්‍රසාදය පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *