අතීතයේ සිටම පොලීසියට කෙනෙකු බඳවා ගැනීමට පෙර අදාල පුද්ගලයාගේ හත්මුතු පරම්පරාව ගැනම සොයා බැලීම සාමාන්‍ය දෙයකි. ඒත් 1977 දී විවෘත ආර්ථිකය හදුන්වා දීමත් සමග එය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඊට පසුව ප්‍රභූවරුන් වූයේ නූගත් හොඳ සමාජ පසුබිමක් නොතිබු ලූම්පන් පන්තියේ අයුතු ලාභ උපයන පුද්ගලයන් ය. ඉන් පසුව ඔවුන් කළේ තමන්ගේ දේශපාලන බලධාරියා ලවා තම දූ පුතුන්ට ආරක්ෂක අංශයේ රැකියාවල් විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවල් ලබාදීමය.
එසේ නැතහොත් ආරක්ෂක අංශවල සිටින අයට තම දියණියන් පුතුන් අවාහ විවාහ කරදීමය. නාවල නිහාල් යනු ප්‍රසිද්ධ පාතාල නායකයෙකි. ඔහුගේ මාමාගේ දියණිය විවාහ වන්නේ එවකට නාවික හමුදාවේ නිළධාරියකු වූ හේමසිරි ප්‍රනාන්දු සමගය. ඔහු යහපාලන සමයේ රටේ ආරක්ෂක ලේකම් විය. නාවල නිහාල් ගේ මහප්පාගේ පුතා වූ රම්‍යා වික්‍රමසිංහ උපපොලිස් පරීක්ෂක වරයෙකු ලෙස පොලීසියට බැඳී නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු වී විශ්‍රාම ලැබිය. හේමසිරි ප්‍රනාන්දු ගේ මස්සිනා වූ නලින් ෆොන්සේකා විවාහ වන්නේ ජේෂ්ඨ පොලිස් අධිකාරී නවරත්නම් ගේ දියණිය සමගය. නලින් ෆොන්සේකා පොලිස් කොස්තාපල් වරයෙකු පැහැරගෙවිත් වඳදී මරා දැමීමේ සැකකරුවෙකි. මෑත අතීතය එසේ වුවද වර්ථමාන ඊට වඩා භයානකය. වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිස් අංශය භාරව සිටින්නේ දකුණේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කොස්ගොඩ සුජී ගේ නෑනා වන ඉසාරා ය. කොස්ගොඩ සුජීගේ පියාගේ සහෝදරයා ගේ පුතා වත්මන් කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාය. තංගල්ල සීනි මෝදරදී හසුවූ මත්ද්‍රව්‍ය තොගය උණාකූරුවේ ශාන්තට අයත් බව පොලීසිය විසින් මාධ්‍යට පවසා ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වත්මන් අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රසාන්තගේ ඥාති සොහොයුරාය. විදෙස් රටක සැගවී සිට යූ ටියුබ් නාලිකාවක් මෙහෙයවන මාධ්‍ය වේදියකු කියන අයකු කීවේ උණාකූරුවේ ශාන්ත 87/89 කාළයේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ අංශයේ සාමාජිකයකු බවය. එය අතේ රෝල් බොරුවකි. එකල ඔහු පාසල් යන කුඩා කොළුවෙකි.ඔහු ඉපිද ඇත්තේ 1976 වර්ෂයේය. උණාකූරුවේ ශාන්ත ට ඇත්තේ මෑත ඉතිහාසයේ එනම් වසර 10 ක මෙපිට ඔහු විසින් කරන ලද මිණීමැරුම් පිළිබද චෝදනාය. පසුගියදා සීනි මෝදරදී හසුවූ මත්ද්‍රව්‍ය තොගය මෙරටට මුහුදෙන් ප්‍රවාහනය කලේ දෙවුන්දර දෙහි බාලේය. එය මෙරට සිට එය සම්බන්ධීකරණය කලේ දෙහි බාලේගේ පුතාය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශේෂාන් හේවාවිතාරණ දෙහි බාලේගේ ඥාති සොහොයුරා සහ අතිජාත මිත්‍රයාය. දෙවුන්දර දේවාලය අසල සිංහාසන පාරේදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීම සැලසුම් කර සිදු කළේ දෙහි බාලේය.
ඉහත හෙළිදරව්ව කලේ රටේ සාමාන්‍ය ජනතාව පමනක් නොව රටේ පාලකයන් පවා නොදන්නා රහස් ය. මේවා පාලකයන්ට ලබා දිය යුත්තේ රටේ ජාතික බුද්ධි සේවයයි. නිවැරදි තොරතුරු ලබාදී නොමැතිනම් ඔවුන් තමන්ගේ වගකීම පැහැර හැර ඇත. එයට වන්දි ගෙවන්නේ රටේ ජනතාව මිස ඔවුන් නොවේ.

