තංගල්ල සීනි මෝදර හසුවූ මත්ද්‍රව්‍ය තොගයේ තිරේ පිටුපස ඇත්ත කතාව.

තංගල්ලෙන් හමුවු මත්ද්‍රව්‍ය තොගය ලංකාවට එවනු ලබන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින තංගල්ලේ මොරිල් , උණාකූරුවේ ශාන්ත සග කළු සාගර  යන තිදෙනා විසිනි. එම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙන එන්නේ පකිස්තානයේ සිටය. එය ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරෙන්නේ දෙවුන්දර දෙහිබාලාගේ කන්ඩායමටය. ලංකාවේ සිට එය මෙහෙය වන්නේ දෙහි බාලාගේ පුතාවන පී.එම්. ශෙහාන් සත්සර ය. මුහුදේ කටයුතු කිරීම ගැන හොඳම අවබෝධය ඇත්තේ ඔවුන්ටය. එම නිසා මොරිල් , ශාන්ත සහ කළු සාගර තිදෙනාම දෙහි බාලාගේ සහය ලබා ගනී. එයට තවත් විශේෂ හේතුවක් වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියොජ්‍ය පොලිස්පතිවරයා දෙහි බාලාගේ අතිජාත මිත්‍රයා වීමයි. 

මෙම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට ගෙන එන බවට මුල් තොරතුර ග්‍රහනය කර ගන්නේ ජාතික බුද්ධි සේවයි. ඔවුන් එම තොරතුර ඍජුවම පොලිස්පති වෙත වාර්ථා කර ඇත. පොලිස්පතිවරයා තමාගේ හොඳම මිතුරා වන දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වෙත දැනුම් දී ඇත. එසේ දැනුම් දී ඇත්තේ ඒ එක් වතාවක් නොව තුන් වතවකි. නමුත් එය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගනන් ගත්තේ නැත. ඒ මීට පෙර මාළු ලොරියක ප්‍රවාහනය කරමින් සිටියදී අහබු පරීක්ෂාවක් නිසා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිළධාරින් විසින් කිලෝ 240 කට ආසන්න ප්‍රමානයක මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත්තාට පසු කළු සාගර විසින් කිත්සිරි ජයලත් ට “සර් වැඩේ මාට්ටු වුනේ නැත්නම් සර්ගේ කොටස කෝටි 10 ක් දෙන්නයි හිටියේ” යන්න මතක් වීම නිසා වන්නට ඇත.පොලිස්පති වරයා විසින් ලබාදුන් නියෝග අනුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ක්‍රියාත්මක වූයේ නම් මෙම මත්ද්‍රව්‍ය පිළිබදව සියළුම තොරතුරු සහ සැකකරුවන් සියළුම දෙනාව ජීවග්‍රහනයෙන් අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබුණි.

තමන්ගේ පළමු විවාහයේදී දෙවෙනි මනමාලයා ලෙස සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මෙවෙනි බරපතළ වරදක් කල සිදුකල විට ඔහුව ආරක්ෂා කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ක්‍රියා කරන්නේ නම් ඒ ගැන වෙනම පරීක්ෂණයක් සිදුකල යුතු වන්නේය.එදා නොලැබී ගිය දෙය අද ගෙඩි පිටිං ලැබෙන නිසා කිත්සිරි ජයලත් හිතාමතාම පොලිස්පති ලබාදුන් තොරතුර අනුව ක්‍රියාත්මක නොවී සිටීම පුදුමයට කරුනක් නොවේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ටෝලර් බෝට්ටුවෙන් ඩිංගි බෝට්ටුවට පටවා ගොඩට ගෙන එනවිට අකරතැබ්බයකට පත්විය. ඒ ඩිංගි බෝට්ටුව වෙරළ පෙනි පෙනී පෙරලී යාමයි. මුහුදට වැටුන අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය පාර්සල් සියල්ලම ගොඩට ගෙන සීනිමෝදර නිවසට රැගෙන ආවාය. මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන එන අයට පාවිච්චි කිරීම සදහා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අයිතිකරුවන් විසින් ලබාදීම සාමාන්‍ය දෙයකි. සීනි මෝදර නිවස උණාකූරුවේ ශාන්තට අයත්‍ ය.  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත උණාකූරුවේ ශාන්ත ගේ ඥාති සොහොයුරා ය.

සීනි මෝදර නිවසට ගෙනා අයිස් සහ හෙරෝයින් රටවටා බෙදා හැරීමට ලොරි තුනට පැටවා එක් ලොරියක් පිටත් විය. එහි රියදුරුසහයක ලෙස කටයුත කල තුසිත හදිසියේ අසනීප වීම නිසා සියල්ල කණපිට හැරුණි. ලේ වමනය නිසා රෝහල් ගත කිරිමෙන්  පසුව මියගිය අතර ඔහුගේ පවුලේ ඥාතීන් කියාසිටියේ තුසිත සීනි මෝදර නිවසේ සිට පැමිණි පසු රෝගී වූ බවයි.

පසුව අදාල නිවස පරීක්ෂා කිරීමේදී පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු දෙකක් නිවස තුල තිබී හමුවුය. තව දුරටත් පරීක්ෂා කිරීමේදී එම නිවස ඇති භූමියේ නවතාතිබූ ලොරියක් සහ කුඩා ලොරියක් තුල තිබූ අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගය හමුවිය. ඊලගට පරීක්ෂා කලේ තුසිතගේ නිවස අසල නවතා තිබු  ලොරිය ය. එහි තුල තිබී අසිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අවි ආයුධ තොගයක්ද හසුවිය. සිහිනය බිදවැටුන කිත්සිරි ජයලත් පසුව මාධ්‍ය ඉදිරියට පැමිණ ලොරි ටෝක් දෙන්නට  විය.

සීනි මෝදර නිවස තුල හමුවූ මළසිරුරු බාහිර පෙනුම වූයේ ජලයේ ගිලී සුදුමැලි වූ ලෙසය. එයට හේතුවූයේ ඩිංගිය පෙරලී මුහුදට වැටුන මත්ද්‍රව්‍ය පාර්සල් මුහුදට බැස ගොඩට ගත්තේ මියගිය අම්බලන්තොට ලුණම රණවිරු මාවතේ ඩබ්ලිව් ඊ කවිදු කල්හාර සහ අම්බලන්තොට ලුණම මණ්ඩගලපාරේ ලක්ෂාන් හේවාවිතාරණ යන දෙදෙනාය. සීතලේ පැමිණි දෙදෙනාට ඇග රත්වීමට බීම සදහා මත්පැන් ලබාදී ඇත. ඊට අමතරව තමන්‍ට ලැබුන අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් පානය කර තිබුණි.මත්පැන් සහ අයිස් මත්ද්‍රව්‍ය දෙකම එකට ගැනීම නිසා ඔවුන් දෙදෙනාම මිය ගියේය. සමහරු තර්ක කරන්නේ මත්ද්‍රව්‍ය ගෙනා රහස සැගවීමට ඔවුන්ව මරා දැමූ බවයි. නමුත් දීර්ඝව කරුණු සොයා බැලීමේදී මීට පෙර කළු සාගර සහ උණාකූරුවේ ශාන්ත ගෙන්වූ මත්ද්‍රව්‍ය ගොඩට ගෙනවිත් ඇත්තේ මේ කන්ඩායම විසින්මය. ආයුධ සහ කිලෝ 200 කට අධික මත්ද්‍රව්‍ය පටවා ප්‍රවාහනයට සූදානම්ව සිටි අයෙකුම වස දී මරා දමාවිද යන ප්‍රශ්නය ද පැන නගී. සත්‍ය ලෙසම සිදුව ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය එකට පාවිච්චි කිරීම නිසා ඇතිවූ අසාත්මිකතාවය මත මෙම මරණ සිදුවීමයි.

මේ ආකාරයටම මරණ දෙකක් අංගොඩ ප්‍රදේශයේදී මීට කලකට මාස කිහිපයකට  සිදුවිය. ඒ අංගොඩ ලොක්කාගේ ගෝලයකු සහ තවත් අයකු මියයාමත් එක් අයකු අසාධ්‍ය තත්වයට පත්වීය. සෑම කෙනෙකුම කීවේ අදාල අයට වසදී ඇති බවයි. නමුත් මළසිරුරු පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රජයේ අධිකරණ වෛද්‍ය නිළධාරියා ප්‍රකාශ කලේ මත්පැන් සමග මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඇතිවූ අසාත්මිකතාවය නිසා එම මරණ සිදිවූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *