රාජිතටම ගැලපෙන හොර වෘත්තීය සමිති නායකයෙක්

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති සිටි අවදියේදී ඔහුගේ පූර්ණ ආශිර්වාදය ඇතිව රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිළධාරින් ගේ සංගමය පිහිටුවන ලදි. එහි සභාපති ලෙසට නාමල් ජයසිංහ කටයුතු කරයි. ඔහු රාජිත සේනාරත්න ටම ගැලපෙන නාථ හොරෙකි. ඔහු රාජිත ගේ බලය පාවිච්චි කරමින් 2016 වසරේ සිට අදාල වෘත්තීය සමිතියේ මූල්‍ය වාර්ථා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නැත. එම හේතුව මත එම වෘත්තීය සමිතිය කම්කරු දෙපාර්තමේන්තුව මගින් මේවන විට තහනම් කර ඇත.

වත්මන් සභාපති නාමල් ජයසිංහ විසින් පසුගිය වසරේ පමණක් අවස්ථා 11 කදී රුපියල් 2445000/= ඔහුගේ පුද්ගලික පරිහරණය සදහා  කොළඹ 10 රීජන්ට් මාවතේ ලංකා බැංකු ශාඛාවේ පවත්වාගෙන යන අංක 79421272 ගිණුමෙන් ලබාගෙන ඇත. එම කාරනය හේතු කොට සංගමයේ සාමාජික සාමාජිකාවන් කණ්ඩායමක් සභාපති නාමල් ජයසිංහට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත  පැමිණිල්ල කර ඇත. එසේම තම වෘත්තීය සමිතියට කරන ලද හානිය පිළිබදව සාධාරණ පරීක්ෂණයක් පවත්වා දූෂිත නිළධාරින්ට දඩුවම් කරන ලෙස ඉල්ලා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතද ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *