ආගමික දේවල් හැර අන් සියල්ලම කරන කාඩිනල් තුමා

ලංකාවේ ප්‍රසිද්ධම සුසාන භූමිය වන්නේ බොරැල්ල පොදු සුසාන භූමියයි. අපට පෙනුමට ඇත්තේ එය එකම සුසාන භූමිය ක් ලෙස වුවත් එහි අභ්‍යන්තරය කුමක්ද යන්න සොයා බැලූවිට ඔබ පුදුමවනු නොඅනුමානය. බොරැල්ල පොදු සුසාන භූමිය තුල ප්‍රධාන වශයෙන් සුසාන භූමි තුනක් ඇත. එකක් කොළඹ නගර සභාව මගින් පවත්වාගෙන යන පොදු සුසාන භූමියකි.

අනෙක පොදු රාජ්‍ය මන්ඩලීය සුසාන භූමිය ( දෙවන ලෝක යුද්ධයේදී මියගිය මිත්‍ර පාර්ශික සොල්දාදුවන් මිහිඳන් කර ඇති ස්ථානය) වන අතර තෙවන්න  කතෝලික සුසාන භූමියයි. ( මෙය කාදිනල් මැල්කම් රංජිත් ගේ පුද්ගලික පරිපාලනය යටතේ ඇති කොටසකි)

මෙම සුසාන භූමි නඩත්තු කරනු ලබන්නේ වෙන වෙනම ලැබෙන මුදල් වලිනි. ඒවා ලැබෙන්නේ මෙසේය. කොළඹ නගර සභාවට අයත් කොටස නඩත්තු කරනු ලබන්නේ කොළඹ නගර සභාවට ලැබෙන බදු මුදල් සහ මළසිරුරු භූමිදාන කිරීමට සහ ආදාහනය කිරීමට අය කරනු ලබන මුදල් වලිනි. සේවකයන් සියළුම දෙනා කොළඹ නගර සභාවට අනුයුක්තව සේවය කරන අයවන අතර ඔවුන් රාජකාරි කරන අවස්ථාවේ පාවිච්චි කිරීමට කොළඹ නගර සභාව මගින් අවශ්‍ය මුව ආවරණ අත් වැසුම් බූට් සපත්තු සියල්ලම පමණක් නොව නිළ ඇදුම් පවා සලබා දෙයි.

පොදු රාජ්‍ය මන්ඩල සුසාන භූමිය තුල සිදු වන්නේ එදිනෙදා පිරිසිදු කිරීමේ කාර්‍ය්යන් පමනක් වන අතර  ඔවුන්ට ගෙවීම් කිරීම සදහා සියළුම මුදල් එංගලන්තයේ පිහිටි පොදු රාජ්‍ය මන්ඩලීය මූලස්ථානය මගින් ශ්‍රී ලංකා රජය හරහා කොළඹ නගර සභාවට ලබා දෙනු ලබයි.

කාදිනල් මැල්කම් රංජිත් ගේ ඍජු පාලනය යටතේ ඇති කතෝලික සුසාන භූමිය කොටසේ ස්ථිර සේවකයන් 7 දෙනෙක් සේවය කරයි. ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 25000/= කි .එය හැර වෙනත් කිසිම දීමනාවක් ඔවුන්ට ලැබෙන්නේ නැත. අත් වැසුම් මුව ආවරණ බූට් සපත්‍තු කිසිවක් ඔවුන්ට ලැබෙන්නේ නැත. 

  එහි සිරුර කාණ්ඩ දෙකක් යටතේ භූමි දානය කරනු ලබයි. එනම් ස්ථිර ලෙස මුදල් ගෙවා භූමියක් වෙන් කරගත් ස්ථානයන්හි නැවත නැවත එම භූමිය අයත් අයගේ පවුල්වලට අයත් මළසිරුරු භූමිදානය කිරීම සහ ස්ථිරව භූමියක් වෙන් කර නොගත් පවුල්වලට අයත් අයගේ පවුල් මළසිරුරු කතෝලික සභාවට සහ බිෂොප් නිවසට අයත් කාදිනල් විසින් පාලනය කරනු ලබන පොදු කොටසේ භූමි දානය කිරීමයි.

සාමාන්‍යයෙන් මළසිරුරක් භූමිදානය කිරීමට රුපියල් 5000/= ගෙවිය යුතුය. ඊට අමතරව ස්ථිර භූමි වෙන් කරගෙන ඇති පවුල්වල අය වාර්ෂිකව රුපියල් 4800/= බැගින් බිෂොප් නිවසට ගෙවිය යුතු අතර එම මුදලට අමතරව එම පවුල්වල අය එම භූමිය තුල සිදුකරන සෑම මළසිරුරක් සදහාම රුපියල් 5000/= ක මුදල ගෙවිය යුතුය.

මෙහි ශෝචනීය කොටස නම් ස්ථිර ලෙස මළසිරුරු මිහිදන් කිරීමට භූමිය වෙන් කරගෙන ඇති අයගේ පවුල් වල මළසිරුරු භූමි දානය කරන අවස්ථාවයි. එම භූමියක් අයිති පවුලක මළසිරුරක් භූමිදානය කිරීමට යාමේදී වසර දෙකකට මෙපිට එම භූමිය තුල මළසිරුරක් භූමිදානය කර තිබුනේ නම් පෙර භූමිදානය කරතිබූ මළසිරුර නැවත ගොඩගෙන එම වළේම තවත් වලක් කපා මිනිදන් කිරීම සිඳුකරයි. පෙර මළසිරුර නිසිලෙස දිරාපත් නොවී තිබුන හොත් අදාල මළසිරුර සේවකයන් විසින් කිසිම අත් ආවරණයක් නොමැතිව තම දෑතින් ගොඩගනු ලබයි. එය කොතරම් නරක දෙයක්ද? මළසිරුරක් තුලින් කොතරම් විෂබීජ ප්‍රමාණයක් නිකුත්වන්නේද? යම් ලෙසකින් කුඩා තුවාලයක් හෝ ඇති සේවකයෙකුට කිසිම ආවරණයක් නොමැතිව නිසිලෙස දිරාපත්නොවූ මළසිරුරක් අතින් අල්ලා ගොඩ ගැනීමට ගොස් විෂබීජයක් ශරීරගත වුවහොත් කුමන තත්වයක් ඇතිවේද?

මේ ගැන එම කොටසට කෙනෙකුගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට පැමිණි කතෝලිකයකු ගෙන් ඇසූ කල ඔහු කියා

“සිටියේ සියළුම දේ කරන ආගමික කටයුතු ගැන කිසිවක් නොකරන අපේ කාඩිනල් තුමා ස්වර්ගයට නොවා අපායටම යන” බවයි

(සේවකයෙකු එවු ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *