කාකි ඇදුමට ආවරණය වී ලොකු රාලහාමි කරන දැව ජාවරම

දකුණ පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සිය ලී බඩු ව්‍යාපාරවලට අවශ්‍ය දැව අනුරාධුපර දිස්ත්‍රික්කයේ  පිහිටි වනාන්තරවලින් කපා පොලිස් ආරක්ෂාව මත මොරටුවට හා කුලියාපිටිය ප්‍රදේශවලට දිර්ඝ කාලයක සිට ප්‍රවාහවය කරන බව වාර්ථාවෙි.

එසේ ප්‍රවාහනය කරන වාහන සමිබන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට අවස්ථා ගණනාවකදී තොරතුරු ලැබි ඇතත් අවසානයේ එසේ පැමිණෙන දැව පැටවු ලොරි පරික්ෂා කිරිමේ වරදට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවිම්වලට ලක් කිරිමට තරම් මෙම නිළදාරියා බලය පාවිච්චි කර තිබෙි.

ඇතමුන්ට පසුව එම ස්ථානවලින්ද  අවස්ථා කිහිපයකදී වෙනත් පොලිස් ස්ථානවලට ස්ථාන මාරුවිම් කර පලිගන්නා බවද වාර්ථාවෙි.

මේ ආකාරයට කලාඔය පාලම මතදි එන් සී එල් කේ 1530 දරණ ටිපර් රථයෙන්දැව  ප්‍රවාහනය කරමින් තිබියදී තඔුත්තේගම පොලිසියේ මාර්ග බාධක නිළදාරින් විසින් පරික්ෂා කර ඇති එහිදි එම ලොරිය වාහම නිදහස් කරන ලෙස එවකට තඔුත්තේගම මුලස්ථාන පොලිස් පරික්ෂක ලෙස කටයුතු කළ අතුකෝරල නැමති නිළධාරියා එම මාර්ග බාධකයේ සිටි නිළදාරින්ට දැන්වා ඇත.එම ලොරියේ අයිතිකරුවන ප්‍රසන්න හා එහි සහයකයා වන උපුල් ද එහි සිට තිබෙි.

ඒ වන විටත් එම ලොරියේ කුබුක් හා කලුවර ලී තිබි ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා  පවසා ඇත්තේ එම ලොරියේ ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්මහතාට අයත් ලී නිසා අමාරුවේ වැටෙන්නැතිව එවා නිදහස් කරන ලෙසයි.

අවසානයේ  සිදුව ඇත්තේ ඊට දින කිහිපයකට පසු එම මාර්ග බාධකයේ රාජකාරි කළ පොලිස සැරයන් බංඩාර (14957)පො සැ ජගත්පාල(48123),පො සැ මහිපාල(61527),පො කො එකනායක(54790),පො කො සොමරත්න (79758)යන නිළදාරින් එප්පාවල පොලිසියට මාරු කර ඇත. ඇතුම් ඉන්ද ටික දිනකින් තවත් පොලිස් ස්ථාන කිහිපයකට මාරු කර ඇත්තේ එම දැව ලොරිය පරික්ෂා කිරිමේ වරදටය.

ඒ අවස්ථාවෙි පොලිසිය ක්‍රිඩා කටයුතු වලට භාවිතා කරන නිල් පැහැති කලිසමකින් හා ටීෂටයකින් සැරසි සිටි නිලධාරින් දෙදෙනෙකුද ලොරි යේ ආරක්ෂාවට එස්. පී. එච් එස් 6762 දරණ කාර් රථයේ පැමිණ ඇත.

මේ ආකාරයට පසුගිය වර්ෂයේ පමණක් අවස්ථා ගණනකදී පොලිස් හදිස් ඇමතුම් අංශයට  දැව ප්‍රවාහනය කරන බවට පැමිණිළි ලැබි ඇතත් එවා කිසිවක් පරික්ෂා කර නොමැත.

තඹුත්තේගම පොලිසියට 2024 මාර්තු 02  7.30 වෙිලාවට, එම මාසයේම 25 දින 6.40,ගිය වර්ෂයේ ජුනි 18 දින 9.30,අගෝස්තු 25 දින 10.33, සැත්තැම්බර් 24 දින 8.40 ආදි වශයෙන් හදිසි ඇමතුම් අංශයට ලැබුනු පැමිණිළි තඹුත්තේගම  පොලිසයට යොමු කර ඇත්ත ඒසදහා කිසිදු නිතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ සදහා පසුගිය කාලයේ එන් ඩබිලිව් කේ එල් 0407දරණ ඇලුමිණයම් බොඩිය සහිත ලොරිය,එස් සී පී ඩබිලිව් 0111 ටාටා ලොරිය,එන් සී එල් ඩි 5395 ඇලුමිනියම් ලොරිය, , එන් සී ජී එෆ් 7981 දරණ ඇලුම්නියම් ලොරිය හා 42 – 3515 සුදු බොඩි ලොරිය ආදා ලොරා රථවලින් මෙම දැව ප්‍රවාහන කර ඇති අතර ඒ සදහා ඩබිලිවි පී  කේ එස්  1495 දරණ වාහනයෙන් ආරක්ෂාවසපයා තිබෙි.

කෙසේ වෙතත් මෙම ජාවාරම තවත් පහසු කර ගැනිම සදහා කිත්සිරි ජයලත් එවකට වයඹ පළාතෙ  නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සමයේ කුරුණැගල සහකාර පොලිස් අධිකාරි කාර්යාල 1 හි රාජකාරි කළ පොලිස් අධිකාරි අතුල කරුණාපාල මේ වන විට තඹුත්තේගම පොලිස් කොඨඨාශයේ ප්‍රධානියා ලෙස පත් කර ගැනිමට තරම් මොහු බලවත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *