“ටෙලිකොම් ආයතනයේ ශුද්ධ ලාභය 873% කින් වැඩි වීම සහ සැඟවී ඇති දූෂණ” සමිබන්ධයෙන් හෙළි කිරිමත් සමග එහි සැගවුණු දිමනා සමිබන්ධ තොරතුරු රැසක් ගැන ලිපියක් අප වෙත යොමු කර තිබෙි.
සම්මත Incentive Payment ක්‍රමවේදය:
සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයක් තම අලෙවි කාර්මණ්ඩලයට incentive payments හඳුන්වා දෙනු ලබන්නේ නියමිත අලෙවි සහ ආදායම් ඉලක්ක වලට අමතරව නව අලෙවි ඉලක්ක ලබා ගැනීමට උනන්දු කිරීම සඳහායි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ මුලික පඩිය අඩු වන අතර, ඔවුන්ව දිරිගන්වනු ලබන්නේ මෙම incentive schemes හරහා තමන්ගේ ඉපයීම් වැඩි කරගන්න ලෙසය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඇති ගැටලුකාරී Incentive Payment ක්‍රමවේදය සම්මත ආකාරය කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ Enterprise Business කොට්ටාශයේ හඳුන්වා දී තිබෙන incentive payment ක්‍රමවේදය ඉතාමත් ගැටළු සහගතය.
2024 දී සාමාන්‍යධිකාරී සිට ගිණුම් කළමනාකරු දක්වා 114 දෙනෙකුට රුපියල් මිලියන 134 ක incentive payment ගෙවා ඇත. ප්‍රධාන නිලධාරියට ගෙවූ මුදල හෙලි වී නැත. මෙම ඉහල නිලධාරීන් සිය incentive ලබා ගන්නේ ස්ථාවර incentive ලෙසය. මෙය ඉතාමත් ගැටළු සහගතය. ඔවුන්ට කිසිම ඉලක්ක ලඟා කර ගැනීමකින් තොරව පඩි වැඩි වීමක් පරිද්දෙන් එම ස්ථාවර incentive දීමනා දෙනු ලැබේ. මේ දීමනා ඔවුන් ලබන්නේ ඔවුන් හට ලැබෙන සම්පුර්ණ පඩිය සහ අදාළ අනෙකුත් සියලු දීමනාද, අප්‍රේල්/දෙසැම්බර් බෝනස් දීමනාද, නිවාඩු නොගැනීමේ දීමනාද, අතිරේක දින වැඩකිරීම් දීමනාද යන සියලු දේට අමතරවය.
මෙහි ඇති ඉතාමත් කණගාටුදායක කරුණ නම් ඉහලම නිලධාරීන් තමන්ට රිසි සේ තමන් සඳහා වැඩිම දීමනා ලබා ගැනීමය. මෙම දීමනා ක්‍රියාපටිපාටිය ඉතාමත් රහසිගතව ප්‍රධාන නිලධාරියා සහ සාමාන්‍යධිකාරි වරයන් ඒ සඳහාම යොදවා තිබෙන වෙනම නිලධාරියෙක් ලවා (Manager — Enterprise Sales Administration & Analysis) මෙම ක්‍රියාවලිය කරගෙන යනු ලැබේ.
Enterprise Sales කොඨාඨාශයේ 2024 අවුරුද්ද සඳහා Incentive දීමනා ලබා දී ආකාරය:
1) එක් සාමාන්‍යධිකාරීවරයෙකුට රු . 3,000,000.00 කට අධික Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ මාසිකව රු. 100,000.00, තුන්මාසිකව රු. 225,000.00 සහ වසර අග රු. 900,000.00 වන ස්ථාවර ගෙවීම් ලෙසය. මෙම කොට්ටාශයේ මෙවැනි සාමාන්‍යධිකාරීවරු පස්දෙනෙකු සිටිති.
2) එක් අලෙවි නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙකුට රුපියල් 1,800,000 ක් පමණ Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ මාසිකව රු. 60,000.00, තුන්මාසිකව රු. 135,000.00 සහ වසර අග රු. 540,000.00 වන ස්ථාවර ගෙවීම් ලෙසය.
3)ව්‍යාපාර සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයාට තුන්මාසිකව රු. 450,000.00 ක ස්ථාවර Incentive දීමනාවක් ලෙස 2024 සඳහා රුපියල් 1,800,000.00 ක් ගෙවා ඇත.
4) එක් විසඳුම් නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙකුට උපරිමය රුපියල් 1,600,000.00 කට ආසන්න Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ තුන්මාසිකව අවමය රු. 221,000.00 සහ උපරිමය රු. 450,000.00 වන චල්‍ය ගෙවීමක් ලෙසය.
5) එක් පෙර අලෙවි ඉංජිනේරුවරයෙකුට උපරිමය රුපියල් 1,700,000 ආසන්න Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ මාසිකව අවමය රු.14,000.00 සහ උපරිමය රු. 165,000.00 වන චල්‍ය දීමනාවක්, තුන්මාසිකව රු. 90,000.00 ක ස්ථාවර දීමනාවක් සහ වසර අග අවමය රු. 44,000.00 සහ උපරිමය රු.540,000.00 යන චල්‍ය දීමනාවක් ලෙසය.
6) එක් විසඳුම් ඉංජිනේරුවරයෙකුට උපරිමය රු.1,300,000 ආසන්න Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ ත්‍රයිමාසිකව අවමය රු. 44,000.00 සහ උපරිමය රු. 330,000.00 වන චල්‍ය දීමනාවක් ලෙසය.
7) එක් අලෙවි කළමනාකරුවෙකුට උපරිමය රු.1,760,000 වන Incentive දීමනා ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ මාසිකව අවමය රු. 27,500.00 සහ උපරිමය රු. 165,000.00 චල්‍ය ගෙවීමකුත්, ත්‍රයිමාසිකව රු. 99,000.00 වන ස්ථාවර ගෙවීමකුත්, වසර අග රු. 265,000.00 ක ස්ථාවර දීමනාත් ලෙසය. මෙවැනි අලෙවි කළමනාකරවරු 13 දෙනෙකු සිටිති.
8)සෑම ගිණුම් කළමනාකරුවෙකුටම රු.1,870,000 ක පමණ Incentive දීමනාවක් ගෙවා ඇත. මෙම දීමනාව සමන්විත වනුයේ මාසිකව අවමය රු. 22,500.00 සහ උපරිමය රු. 455,000.00 වන චල්‍ය ගෙවීමක්, ත්‍රයිමාසිකව රු. 81,000.00 වන ස්ථාවර ගෙවීමක්, සහ වසර අග අවමය රු. 72,000.00 සහ උපරිමය රු. 264,000.00 ක් වන චල්‍ය ගෙවීමක් ලෙසය.
9)ඉහත සඳහන් කරන ලද නිලධාරීන් සඳහා කරන Incentive ගෙවීම් වලට අමතරව, 2024 දී කණ්ඩායම් (teams) ලෙසද incentive ගෙවීම් කර ඇත. ඉහත සඳහන් නිලධාරීන්ද එම කණ්ඩායම් වල සාමාජිකයින් වන අතර නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙකු යටතේ ඇති අංශයක් මෙම කණ්ඩායමක් ලෙස සලකා ඇත. මෙම එක් එක් කණ්ඩායමක් සඳහා 2024 දී රුපියල් 2,800,000.00 බැගින් ගෙවා ඇත. සමහර කණ්ඩායම් සඳහා මෙය මාසිකව රුපියල් 150,000.00 ක සහ වසර අග රුපියල් 1,000,000.00 ක ස්ථාවර ගෙවීමක් ලෙස ගෙවා ඇති අතර, සමහර කණ්ඩායම් සඳහා එය ත්‍රයිමාසිකව ගෙවා ඇත. Enterprise Sales කොඨිඨාශයේ මෙවැනි කණ්ඩායම් 10ක් පමණ ඇති අතර සෑම කණ්ඩායමක් සඳහාම රුපියල් 2,800,000.00 ක ස්ථාවර ගෙවීමක් ලෙස මේ දීමනාව ගෙවා ඇත. මේ කණ්ඩායම් සඳහා තනි පුද්ගලයන් ලෙස incentive දීමන ලබාගන්න නිලධාරීන්ද ඇතුලත් කර තිබීමෙන් අදහස් වන්නේ ඔවුන් තනි පුද්ගලයින් ලෙස ලබා ගන්න Incentive දීමනා වලට අමතරව මෙම කණ්ඩායම් දීමනවලින්ද කොටසක් ලබා ගන්න බවය. මෙම කණ්ඩායම් සඳහා ලබා දෙන දීමනා බැර වන්නේ කාගේ ගිණුම් වලටද යන්න සහ ඒවා වියදම් කරන ආකාරය ඉතාමත් රහසිගතය.
තවද මෙම කණ්ඩායම් වල සිටින විධායක නොවන සේවකයින් හට (Front Office Staff, Back Office Staff, Technical Officers වැනි විධායක නොවන සේවක කොටස් ) තනි පුද්ගල Incentive දීමනා ලබා නොදෙයි.කෙසේ නමුත් ප්‍රධාන නිලධාරියාට හිතවත් සමහර විධායක නොවන නිලධාරිනියන් සඳහා අනීතික ලෙස ඔවුන්ට රිසිසේ Incentive දීමනා ලබා දෙන බවද වාර්තා වේ. මෙම හේතුන් මත Incentive දීමනා ලබා නොදෙන අවංක ලෙස ඉතා හොඳින් වැඩ කරන සේවක සේවිකාවන් හට ඉතා අසාධාරණයක් සිදුව ඇති අතර ඔවුන් තුල SLT ආයතනය සහ කළමනාකාරිත්වය ගැන දැඩි කලකිරීමක් ඇතිවී තිබේ.
අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය දීම:
මෙම දීමන සඳහා ප්‍රධාන විධායක නිලධාරී හරහා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලබා ඇති බව පැවසේ. කෙසේ නමුත්, අධ්‍යක්ෂ මණ්ඩලය කුමන පදනමක් මත මෙම අනුමැතිය දුන්නාදැයි දැඩි සැකයක් පවතී.
තවද, මෙම incentive ලබා දීමේදී, පහසුකම් සලසන අනෙකුත් කොට්ටාශ කිසිවකුත් ගණන් නොගැනීම, ආයතයන අද පවතින අර්බුදකාරී කළමනාකරණය පිලිබඳ තවත් එක් උදාහරණයකි. Enterprise Business කොට්ටාශයේ දීමනා සඳහා අනුමැතිය ලබාදීමේදී සහ ඒ සඳහා රෙකමදාරු කිරීමේදී ප්‍රධාන විධායක නිලධාරිවරයටවත්, අදාළ අධ්‍යක්ෂකවරුන්ටවත් එහි ඇති ප්‍රශ්නකාරී තත්වය අවබෝධ නොවීම ඉතාමත් කණගාටුදායකය.
Incentive දීමනා සඳහා වැරදි ආදායම් පෙන්වීම:
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ Incentive Payment ක්‍රමවේදයේ පවතින තවත් දැඩි ගැටළුවක් වන්නේ, දීමනා ගණන් ගැනීම සඳහා භාවිතා කරන ආදායම් වාර්තා පිලිබඳ ඇති ප්‍රශ්නකාරී බවය. කිසිම විටක ආදායම් සැලකීමේදී ඒ සඳහා යන අනෙකුත් වියදම් නොසැලකීම ඉතාමත් බරපතල තත්වයකි. කිසිම විටක යම් කිසි සේවයක් සඳහා ආදායම් ගණන් බැලීමේදී, ලාභයක් ලැබීම සඳහා ඒ සඳහා ලැබිය යුතු නියමිත ආදායම ලැබෙන්නේද කියා ගණන් නොබලා, ඉතාමත් පාඩු ලබන අදායම්ද දීමනා සඳහා ගණන් බැලීම ඉතාමත් සදාචාර විරෝධීය. මෙය සැබවින්ම මංකොල්ල කෑමකි. සෑම සේවාවක්ම හඳුන්වා දීමේදී ඒ සඳහා අදාළ ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් මණ්ඩලයෙන් නියමිත අනුමැතිය ලබා ගත යුතුය. මෙහිදී Business Proposal සහ Project Proposal අදාල අනුමැතියන් සඳහා ඉදිරිපත් කරනවිට, ලබා ගැනීමට පොරොන්දු වූ ආදායම් ඉලක්කම් ලබා ගත් බවට අප විසින් පසු විපරමකට භාජනය කරන ලද කිසිම සේවා ව්‍යාපෘතියකින් සාක්ෂාත් කරගෙන නොමැත. බොහෝ ආදායම් ලැබීම් පොරොන්දු වූ ප්‍රමාණයට වඩා 10% මට්ටමටද වඩා පහලව පවතින බව අප විසින් කරන ලද සොයාගැනීම් වලින් ඔප්පු වී ඇත.
ඊට අමතරව අදායම් වලින්, අයකරගැනීම් (actual collection) ලෙස ලැබෙන්නේ බොහෝ පහල ප්‍රතිශතයකි. එය 40% ට වඩා අඩු බව මුලික විශ්ලේෂණ වලින් පෙනී ගොස් ඇත.
නිවැරදි, අපක්ෂපාතී විගණනයක දැඩි අවශ්‍යතාවය පවතින නිසා, මෙම තත්වය තුල, නිවැරදි සහ අපක්ෂපාතී විගණනයක් පවත්වා, ඉහත සඳහන් කරුණු සොයා බලන ලෙස අපි ඉල්ලා සිටිමු. වෙළඳ, අදායම්, අයකරගැනීම්, වියදම් ආදී දේ සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමේදී, ඒ සියල්ල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පද්දති හරහා කෙලින්ම ලබා ගන්න ලෙසද ඉල්ලා සිටිමු. Enterprise Business කොට්ටාශය හරහා යම් විස්තරයක් ලබා ගන්නේනම් ඒවායේ ඇති නිවැරදි බාවය තහවුරු නොකර විගණනය සඳහා නොගන්න ලෙස අපි ඉල්ලා සිටිමු.
( ටෙලිකොමි සේවකයින් පිරිසක් යොමු කළ ලිපියකි)