විවිධ ආණ්ඩු යටතේ ජනතාව සඳහා ඔප්පු ලබා දීම් ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කලේ ඉඩම් ගැටළු යනු සංවේදී කාරණයක් නිසාය .ඒ අනුව යූ.එන්.පී.ආණ්ඩුව ස්වර්ණ භූමි ලෙසද, පොදු පෙරමුණ ආණ්ඩුව ජය භූමි ඔප්පු වශයෙන් ද, සංධාන ආණ්ඩුව හා යහපාලන ආණ්ඩු රන්බිම ලෙසටද ජනතාව වෙත ඔප්පු නිකුත් කලෝය.රනිල් ගේ ආණ්ඩුව ඔප්පු ලෙස සින්නක්කර ඔප්පුක් නිකුත් කලේ උරුමය වශයෙනි .
ඉකුත් ජනාධිපතිවරණය සමයේදී උරුමය ඔප්පු නිකුත් කිරීම නතර කල අතර වත්මන් ආණ්ඩුව බලයට පත් වූ විට ප්‍රකාශ කලේ උරුමය ඔප්පු අඩුපාඩු සහිත බැවින් නව ඔප්පුවක් කඩිනමින් හඳුන්වා දෙන බවකි.ඒ සඳහා කමිටුවක් ද පත් කලේය .දැන් ඒ වැඩේට මාස හත අටක්ම ගෙවී ගොස්ය .ඔප්පු සකස් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට හා මහවැලියට ලේඛණ භාරදුන් මිනිසුන්ට කිසිදු පිළිතුරක් ලැබි නැත.මහවැලි අධිකාරියට භාරගත් බලපත්‍ර සඳහා සීමිත ඔප්පු ප්‍රමාණයක් ලබා දෙන ලෙසට උපදෙස් ඇතැත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙතෙක් එවැන්නක් ලැබී නැත.
ඉඩම් ඇමති ලාල් කාන්ත රජරටය.ඉඩම් කොමසාරිස් ජනරාල් ද පොලොන්නරුවේ කෙනෙකි.මේ දෙදෙනාම මේ කාරණය පිළිබඳව හොඳින් තොරතුරු දනී.එහෙත් ඔප්පු දීමට කල් මැරීම බරපතළ ප්‍රශ්නයකි.මේ ආණ්ඩුවට ඇති බරපතළ වෝදනා ද මේ අකාර්යක්ෂමතාවයි.මේ වැනි ප්‍රශ්න වලට ක්ෂනිකව හා නිවැරැදි පිළිතුරු සොයා ගැනීම ප්‍රමාද වන තරමට ජනතාවගේ ඉවසීමේ සීමාවද ඉක්මවා යාමේ ඇති ඉඩකඩ වැඩිය.
(විද්‍යුත් තෑපෑලට ලැබුණූ ලිපියකි)

