ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වශයෙන් පත්වී පත් කළ අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා සභාපතිවරුන්ගේ ප්‍රගතිය සමිබන්ධයෙන් නිරික්ෂණය කර අසාර්ථක නිලදාරින් එම තනතුරුවලින් ඉවත් කර ඒ සදහා දක්ෂ නිලදාරින් පත් කිරිම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්ථාවෙි.
රජය බලයට පත්ව වසරක් ගතවිමෙන් පසු මෙම තක්සේරුව කිරිම කරන බව ඔවුන් පත්කරන අවස්ථාවෙිදිද සදහන් කර ඇති බව සදහන්වේ.
මේ අතර සිය අසාර්ථකත්වය මත මිට පෙර අවස්ථාවලදී ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් සේම සංස්ථා සභාපතිවරුන් ද එම තනතුරුවලින් ඉවත් කළේය.
ඒ අනුව ප්‍රවාහන,ධීවර , මහජන ආරක්ෂක ,කර්මාන්ත ,සෞඛ්‍ය යන අමාත්‍යංශවල හා ඊට අනුබන්ධ සංස්ථා මණ්ඩල කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආංච් මාර්ග සදහන් කරයි.