හිරේ යන්න සිටි සු මාසිංහ ඩීඅයිජී වුනේ කාගේ පිහිටෙන්ද?

 ශ්‍රී ලංකාව පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරින් 29 දෙනෙකුට එකවර  නියෝජ්‍ය පොලිස්පති වරුන් ලෙසට පසුගියදා උසස් කළේය. ඒ අතර එක් නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූයේ නුවර සහ මාතලේ කොට්ඨාසයන් ආවරණය කරමින් රාජකාරී හි නියුතුව සිටින සුදත් මාසිංහය. ඔහු මෙවර නියෝජ්‍ය පොලිස්පති ධූරය සදහා සම්මුඛ පරීක්ෂණයට යනවිටත් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වීම් ලැබ තිබුණි.

එම පත්වීම ලබා ගත්තේද වංචනික ලෙසය. ඒ ඔහු ගාල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරය හොබවමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 40 ක් තමාගේ ගිණුමට බැර වීම සම්බන්දයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබුණි. එසේ පරීක්ෂණයක් නොමැති බවට විශේෂ විමර්ශන ඒකකයෙන් අසත්‍ය වාර්ථාවක් ලබාදෙන ලෙසට බලපෑම් කර තිබුනේ වත්මන් මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ උපදේශක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීර සහ එම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති ගජසිංහ යන දෙදෙනාය. එසේ වූයේ සුදත් මාසිංහ කූඨ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුව ගෙන් උපයාගත් සංතෝසම් වලින් සොච්චමක් උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් වෙත වියදම් කිරීමෙනි. වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සුදත් මාසිංහ පත්වීම ලැබූ විට ඔහුට උර ලාංඡන පැලවීම දක්වා සම්බන්ධීකරණ ලේකම් සහ උපදේශක පහත් තැනට වැටුනේය.

සුදත් මාසිංහ දකුණේ සේවය කරද්දී තංගල්ල සහ මාතර ප්‍රදේශයන්හි එකක් කෝටි 3 කට වඩා වටිනාකමින් යුක්ත නිවාස දෙකක් සෑදුවාය. එම නිවාස දෙකම සෑදීමට සියළුම දෑ සපයා ගත්තේ ඔහු යටතේ සේවය කල පොලිස් ස්ථාන බාර ස්ථානාධිපති වරුන්ගෙනි. එම පුරුද්ද නුවරට ගියාට පසුද වෙනස් වූයේ නැත. මහනුවර තල්වත්ත ප්‍රදේශයේ  ඇති විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේට තමන්ට නිවසක් නොමැති බවට මුසාවක් කියා පර්චස් දහයක ඉඩමක් ලබාගෙන අලුතින් එහි සුඛෝපභෝගි නිවසක් ඉදිකරමින් සිටීයි. ඒ සදහා පෙර නිවාස දෙක සෑදූ ආකාරයට නුවර දිසාවේ පොලිස් ස්ථානාධිපති වරුන් විසින් අවශ්‍ය සියළුම දෑ සපයමින් සිටී. දැනට සති දෙකකට පෙර සුදත් මාසිංහ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති ඩිෆෙන්ඩර්  වර්ගයේ ජීප් රථයක් මිළදී ගෙන ඇත. මේ පිළිබදව ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමති ආනන්ද විජේපාල මහතාට ලිඛිතව පැමිණිලි කර තිබෙි.

සුදත් මාසිංහ කලකී දේවල් ගැන නිසි පරීක්ෂණයක් සිදුවූයේ නම් ඔහු සිටිය යුත්තේ හිරගෙදරක වුවත් වංචාව පිටුදැකීමට  පත්කර ගත් ආන්ඩුවක් යටතේ ඔහු නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු වී තවත් මහජන ධනය සොරාකමින් පොදි ගසමින් සිටිම කණගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *