මහනුවර  ප්‍රධාන පෙලේ විදුහල්පතිනියක් අල්ලස් චෝදනාවලින් බෙිරිම සදහා රට පනින්න සැරසේ

මහනුවර  ප්‍රධාන පෙලේ විදුහල්පතිනියක් අල්ලස් චෝදනාවලින් බෙිරිම සදහා රට පනින්න සැරසේ

ලක්ෂ  14  ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස්  හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මගින් පරීක්ෂණ පවත්වන මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ බාළිකා විදුහලක විදුහල්පතිණීයකට එරෙහිව   පලාත් ආණ්ඩුකාරයා  නිසි පරීක්ෂණයක්  සිදු නොකරන බව  පලාත් අධ්‍යාපන කාර්යාලයීය  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විදුහල්පතිනිය   පත්කර එවා ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ නිර්දේශ මත   හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව මෙම විදුහලේ   ගුරුවරු පවසති.

අල්ලස් පරීක්ෂණ වලින් බේරීම සඳහා රහසිගතව විදෙස් ගතවීම සඳහා මෙම   දූෂිත  විදුහල්පතිනිය  මේ දිනවල  සූක්ෂමව  කටයුතු කරයි.

මෙම විදුහල්පතිනිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර ඇයගේ   දූෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන්  විදුහලේ  සිසුවියන්මෙන්ම  දෙමව්පියන්ද   අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව  පැමිණිළි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *