ටෙලිකොම් ආයතනයේ ඉහළම තුන්කට්ටුව විසින් බිල් පත් ගැලපීමෙන්   කරන මහා වංචාවෙි තරම

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අර්ධ වාර්ෂික මූල්‍ය වාර්තාව පිට වීමත් සමග විශාල කලබගෑනියක් සිදුව ඇත. විශේෂයෙන් බදු අය කිරීමෙන් පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.4, එනම් පසුගිය වසරට සාපේක්ෂව 873% ක ප්‍රතිශතයකින් ලාභය වැඩි වීමත්, ඒ සඳහා සම්මාන ලබා ගැනීමට ඉහල නිළධාරීන් කිහිප දෙනෙකු කයිවාරු ගැසීමට යාමත් සමග ආයතනය තුළ විශාල කාලගෝට්ටියක් සිදු වී ඇත.

මෙම ලාභය වැඩි වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2.1 කින් වියදම් (direct cost) අඩු වීමය. Finance cost එක රුපියල් බිලියනයකින් (පසුගිය වසරට සාපේක්ෂව) අඩුවීමද මෙයට බලපා ඇති අනිත් සාදකයක්ය.

විශේෂයෙන් මෙම direct cost එකට අදාල වියදම රුපියල් බිලියන 2.1 කින් අඩු වීම සම්බන්ධයෙන් ඉහල නිලධාරීන් හතර දෙනෙකු තරගයට කයිවාරු ගැසීමත් සමග අවුරුදු ගණනක් තිස්සේ කරගෙන ගිය ඉතාම විශාල ප්‍රමාණයේ දුෂණයන් පිළිබඳව

ඉවක් ආයතනයේ සෑම මට්ටමකම සේවකයින්ට දනී ඇත. මෙම කයිවාරු ගසන්නට පටන් ගත හතර වුයේ ළඟදී විශ්‍රාම යමට නියමිත ප්‍රධාන විධායක නිලධාරී, පසුගිය අගෝස්තු හත් වනදා විශ්‍රාම ගිය හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ළඟදී විශ්‍රාම යාමට නියමිත් ප්‍රධාන අලෙවි නිලධාරී සහ ප්‍රධාන මුල්‍ය නිලධාරි යනනිලධාරීන්ය. මොවුන්ගේ කයිවාරුව වුයේ පසුගිය කාල වකවානුවල්වල වල, මෙහෙයුම් සම්බන්ධ මිලදී ගැනීම්, කොන්ත්‍රාත්කරුවන් ලවා වැඩ කරගැනීම් වැනි කටයුතුවලදී වලදී, රුපියල් සියයට කලින් කල දෙය, ඔවුන්ගේ හපන් කම් නිසා වර්ථමානයේ රුපියල් පනහකට පමණ කල හැකි වීමය. විශේෂයෙන්, 2022 සිදු වූ විශාල මුදල් අවප්‍රමාණය වීමත් තුල, ඉස්සර රුපියල් සීයට කරපු බොහෝ මිලදී ගැනීම් අද රුපියල් පනහට කරගන්නවා කියනුයේ, කාලයක පටන් ඉතා විශාල ප්‍රමාණයේ දූෂණයන් සිදු වී ඇති බවය. නමුත් දැන් ප්‍රශ්නය වනුයේ, ඇයි එම අඩුකර ගැනීම් මීට කලින් නොකළේ යන්නයි. මෙම කයිවාරු ගසන හතර දෙනාම පසුගිය අවුරුදු හයක කාලය පුරාම ආයතනයේ තීන්දු තීරණ ගන්න ඉහලම හය හත් දෙනා අතර අයය. මොවුන් හොරකම් කල බවට අප ඔවුන්ට චෝදනා නොකලත්, බොහෝ කාලයක් තිස්සේ ඉතාමත් ඉහල මිලකට මිලදීගැනීම් සහ කොන්ත්‍රාත්කරුවන්ලවා වැඩ කරගනිමින් සිටියදී අන් කිසිවක් නොකළේ ඇයිද යන්න හෙළි කල යුතුය.

ඔවුන් එසේ නොකළේ යම් කිසි බලපමකින්න ම් ඔවුන් එය එළිකළ යුතුය. මෙතරම් කාලයක් මෙලෙස විශාල ලෙස වංචා කල මුදල් ගියේ කා ලඟටද යන්න විමර්ශනය කල යුතුය. මෙය නිකන්ම ඊයේ පෙරේදා මේ කියන වැඩ්ඩෝ ටික ඇවිත් අඩුකරා කීම

විහිළුවකි. පසු අවුරුදු ගණනක් සිදුවු මෙම වංචාව හෙළි කල යුතුය. ඔවුන්ට මිලියන ගණනින් පඩි ගෙවුයේ යහපත් තීරණ ගැනීමටය. විශේෂයෙන් ප්‍රධාන මූල්‍ය නිලධාරියා 2019 කාලයේ ආයතනයට පැමිණි කාල වකවානුව තුල differed payment,

hedging, USD agreements with local contractors , USD floating rate contract ආදී එකී නොකී මෙකී නොයෙක් ආකාරයේ දිව උළුක්කු වන දේවල් ගැන අසන්න ලැබෙන්නට පටන් ගත්තේය. ප්‍රධාන මූල්‍ය නිලධාරි ගෙන්වා ගත් පසු මේවා ක්‍රියාත්මක වුවාද,

නැත්නම් මේවා ක්‍රියාත්මක වූ පසු ප්‍රධාන මූල්‍ය නිලධාරි ආයතනයට ආවා දැයි නොදනි. නමුත් සැමට තේරෙන එකම දෙය නම්, ප්‍රධාන මූල්‍ය නිලධාරි, විශ්‍රාම ගිය හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ළඟදී විශ්‍රාම යාමට නියමිත් ප්‍රධාන අලෙවි නිලධාරී සහ ප්‍රධාන විධායක නිලධාරි යන නිලධාරීන් මේ සිද්ද වූ වංචාව සම්බන්ධයෙන් බොහෝ කාරනා දන්නා බවය. මෙය එලි කිරීම ඔවුන්ගේ වගකීමය.

හොරු ඇල්ලීම කෙසේ වෙතත්, වංචා දුෂණ සිදු වූ ක්‍රම වේදයන් එලි කිරීම ඔවුන්ගේ වගකීමය.  ඔවුන්ට මේවා එළිකිරීම සම්භන්ධයෙන් ජීවිත තර්ජන ඇත්නම් ඒවාද එළිකළ යුතුය. ඔවුන්ට රුපියල් මිලියන් ගණනින් පඩි ගෙවුයේ බකන්

නිලාගෙන ඉඳීමට නොවය. කෙසේ නමුත් අවසානයේ හෝ වියදම් අඩු කිරීම සම්භන්ධයෙන් ගෞවරයක් හිමිවිය යුතු වුවත් , බොහෝ දෙනාගේ අදහස ඔවුන් ලබන වැටුපට ගැලපෙන ලෙස වැඩ කල යුතු බැවින් ඔවුන් දැන්වත් මේ දූෂිත ක්‍රියාවන් හෝ ඒ සම්බන්ධ ඉහල පුද්ගලයින් එලි කලයුතු බවය. තවත් සමහරුගේ අදහස, යම් කිසි විදියක විගණනයක් සිදු වුවොහොත්

කලින්ම දැනුම් දී තිබීමේ ආරක්ෂක පිළිවෙලක් ලෙස මෙම කයිවාරු ගැසීමේ ක්‍රියාව ඔවුන් අනුගමනය කරන බවය.

මෙහිදී තවත් වැදගත් කරුණක් තිබේ. එනම් ආයතනයේ අර්ධ වාර්ෂික මුල්‍ය වාර්තාවට අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් තබා ඇති අධ්‍යක්ෂක සම්භන්ධයෙන් ආයතනයේ පවතින කතිකාවය. මෙම අධ්‍යක්ෂවරයා, 2016 සැප්තැම්බර් මස සිට 2019 දෙසැම්බර් මස තෙක්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සිටි ප්‍රධාන විගණකාධිවරයාය . මෙම කාලයේ ආයතනයේ සිදුවූ සිදුවීම් මොහු කෙසේවත් නොදැන සිටිය නොහැක. හිටපු ජනපති සහෝදර සභාපතිවරයාගේ පත්වීමක් බැවින් විශේෂයෙන්, ඉංජිනේරු වෘත්තීය සමිතියේ දැඩි බලපෑම මතම මොහුට 2019 දෙසැම්බර් ඉවත් වන්නට සිදුවිය. එදා ඔහුව පත් කලේ හිටපු ජනපති සහෝදර සභාපතිවරයා නිසා සමහර විට ඔහු බොහෝ සීමාවන්ට යටත්ව සිටින්නට ඇත. නමුත් සිදුවූ සියල්ල ඔහු නොදැන සිටියානම් එය ඔහුගේ වෘත්තීය හැකියාව පිලිබඳ සැකයකි. නමුත් දැන් ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන්ය. විශේෂයෙන්ම, ආයතනය යහපත් මාර්ගයට ගැනීමටය. එම නිසා එදා ප්‍රධාන විගණකාධිවරයා ලෙස කිරීමට නොහැකි වූ දේ දැන් අධ්‍යක්ෂක කෙනෙකු ලෙස කර පෙන්වීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. මෙසේ කළහොත් එදා වෘත්තී සමිති වලින් කල චෝදනාවලින් නිදහස් වීමටද පුළුවන. එම නිසා මෙම අධ්‍යක්ෂවරයවද, ප්‍රධාන මූල්‍ය නිලධාරි, විශ්‍රාම ගිය හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ළඟදී විශ්‍රාම යාමට නියමිත් ප්‍රධාන අලෙවි නිලධාරී සහ ප්‍රධාන විධායක නිලධාරි

යන නිලධාරීන් සමග එකම කොමිටියකට පත් කොට පසුගිය කාලවල direct cost මෙපමණ වැඩිවූයේ අයි දැයි සොයා බැලීමට පත්කලයුතුය.

තවද ආයතනයේ ආදායම (revenue) සහ අයකර ගැනීම් (collection) අතර ඉතාමත් විශාල පරතරයක් පවතින අතර, ආදයම් (revenue) ලෙස ඉතා විශාල ව්‍යාජ අගයන් පෙන්වීමද හැකි ඉක්මනින් විගණනය කල යුතුව ඇත. විශ්ලේෂකයන් සඳහන්

කරන්නේ අයකර ගැනීම් (collection) 40% කටත් වැඩ අඩු බවය.

ආයතනයේ කිසිම දුෂණයක් හෝ වංචාවක් ඉංජිනේරුවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ දැන හෝ නොදැන ලබා දෙන සහයෝගයෙන් තොරව කල ඉහල නිධරීන්ට සහ බලධාරීන්ට පමණක් එක්ව කල නොහැක. අඩුම ගන්නේ වංචාවක් වූ පසුව හෝ ඒ සඳහා පුර්ණ සහයෝගය දෙනවනම් තිබෙන දූෂණ ක්‍රමවෙදයන්ව නිවැරදි මාර්ගයට ගත හැක.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සෑම වංචාවක් හෝ දුෂණයක් සම්භන්ද විමර්ශනයකදීම, ඉංජිනේරුවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ අවංක සහය ලැබෙයි නම් කිසිම බාධාවකින් තොරව සියල්ල එළිකළ හැකිය.

ආයතනික වෙලදාම් (Enterprise Sales) කොට්ටාශයේ කුජීත incentive දීමනා

කාලයක පටන් ආයතනික වෙලදාම් කොඨඨාශයේ සිදු වන විශාල නාස්ති සහ වංචා දූෂණ සම්භන්ධයෙන් කතිකාවක් තිබු නමුත්, ප්‍රධාන විධායක නිලධාරිගේ කලින් සිටි කොඨඨෘශය බැවින් Enterprise Sales කොට්ටාශය තමන්ට අවශ්‍ය හැටියට නීති

සාදාගෙන කිසි කරදරයකින් තොරව තමන්ට රිසි සේ ගේම් එක ගසමින් සිටීමට හැකිපවී තිබේ. නීති සියල්ල ඔවුන්ගේය.

විශේෂයෙන් ඔවුන්ගේ ලොවෙත් නැති දිරිගැන්වීමේ දීමනා ක්‍රමවේදය (incentive payment scheme) එක් අතකට හාස්‍යජනකය. අනෙත් අතට ජුජුප්සාජනකය.සියලු දෙනාම පාහේ දන්නා සම්මත ආකාරය අනුව incentive payment schemes හඳුන්වා දෙන්නේ අලෙවි කණ්ඩායම් වලට තමන්ට දී ඇති අලෙවි සහ අදායම් ඉලක්ක වලට වඩා වැඩි ඉහල ඉලක්ක වෙත යාමටය. සාමාන්‍යයෙන් ඔවුන්ගේ මුලික පඩිය අඩු වන අතර, ඔවුන්ව දිරිගන්වනු ලබන්නේ මෙම incentive schemes හරහා තමන්ගේ

ඉපයීම් වැඩි කරගන්න ලෙසය.

නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ Enterprise Sales කොට්ටාශයේ incentive scheme ඉතා ප්‍රහේලිකාවකි. ඉහල නිලධාරීන් තම පඩිය සහ දීමන වලට අමතරව ඉහලම incentive දීමනාවන් fixed incentive ලෙස ලබා ගැනීම ඉතාම ගැටලුසහගතය.

පසුගිය අවුරුද්ද (2024) සඳහා enterprise sales සාමාන්‍යාධිකාරි වරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුන්ගෙන් සමන්විත් කණ්ඩායමක් සඳහා fixed incentive ලෙස කෙනෙකුගේ මාසික දීමනාව රුපියල් 60,000 සිට රුපිය 150,000 දක්වා පරාසයක

රඳවාගෙන ඇත. එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු (Public Sector Business Development) 2024 සඳහා රුපියල් 1,800,000 ක incentive දීමනා ලබාගෙන ඇති බවට තොරතුරු එලි වී ඇත. මේ incentive දීමන ඔවුන් ලබන්නේ ඔවුන් හට ලැබෙන

සම්පුර්ණ පඩිය සහ අදාළ අනෙකුත් සියලු දීමනාද, සිංහල දෙමල අලුත් අවුරුද්ද සහ අවුරුද්ද අග ලබාදෙන බෝනස් දීමනාද, නිවාඩු නොගැනීමේ දීමනාද, extra duty දීමනාද යන සියලු දේට අමතරවය. මෙසේ 2024 සඳහා සමහරු ලබාගෙන ඇති

incentive ඉතාමත පැටලිලි සහගතය. 2023 වසර සඳහාද අනෙකුත් සියලු සේවකයන් හට වසර අග බෝනස් නොගෙවූ පරිසරයක් තුලද මෙම කණ්ඩායම incentive දීමන ලබා ගෙන තිබීම සහ ඊට අනුබල දුන් ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ගැනද සේවකයන් තුල ඇත්තේ ඉමහත් අප්‍රසාදයකි. මෙසේ බොහෝ දෙනෙකු කිසිදු නව සම්බන්ධතා හෝ අදායම් ඉලක්ක වලින් තොරව incentive ලබාදීම සඳහා අනුමැතිය ලබාදුන් අධ්‍යක්ෂ මණ්ඩලයටද වෙළඳාම් කරන

හැටි ගැන සාමාන්‍ය දැනීමක් හෝ නොතිබුනයයි සිතීමද ප්‍රහේලිකාවකි. විශේෂයෙන් ප්‍රධාන විධායක නිලධාරිගේ අනුග්‍රහය ඉතාමත් ඉහලින් ලැබී ඇති Enterprise Sale  කණ්ඩායම ප්‍රධාන විධායක නිලධාරි හරහා අධ්‍යක්ෂ මණ්ඩලයද නොමග යවමින්

මෙම incentive scheme සඳහා අනුමහිය ලබගත්තාදැයි සාධාරණ සැකයක් ඇත. මෙහිදී තවත් අඳුරු පති කඩක් වනුයේ, අදායම් සම්බන්දයෙන් ඇති ඉතා ගැටළු කාරී ස්වභාවයයි. Enterprise Sales කොඨඨාශය මගින් ප්‍රධාන විධායක නිලධාරිගේ විශේෂ අවසරය මත රිසි සේ හිතු මතේට ඉතාමත් පාඩු සහගත ආයෝජන දිගින් දිගටම කරගෙන යන අතර ඒවා සොයා ගැන බැලීමට කිසිවෙකුටත් අවසර දෙනු නොලැබේ. සමහර ආයතනික පරිභෝගිකයින් සඳහා කර ඇති ආයෝජන වලින් කවද කෙසේ අදායම් ලබා ලබා ගනීදැයි සිතීමත් අසීරුය. බොහෝ විට විගණන වලින් බේරීම සඳහා අදායම් වාර්තා (revenue) සම්භන්ධයෙන් නොයෙකුත් ප්‍රයෝග සිදුකරන බව ඉතා ප්‍රකට කරුණකි. ලේකනගත අදායම් (revenue) සහ සත්‍ය අයකිරීම් (collection)

අතර ඇති පරතරය ඉතා වැඩිය. මෙම හිතුමතේ කිසිම ක්‍රම වේදයක් නැතුව කරන ආයෝජන, දිරි දීමන (incentives) ගෙවීම් ආදිය ගැන ඉතාමත් ඉක්මනින් විගනයක් නොකළහොත්, මෙම පිළිල වැනි ක්‍රියා පිළිවෙලවල් වලින් ශ්‍රී ටෙලිකොම් ආයතයන

බේරා ගැනීම ඉතාමත් අසීරු වනු ඇත.

ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ආයතනික වෙලදාම් ප්‍රධාන  නිලධාරීගේ ඍජු අනුමැතිය යටතේ සිදු කරඇති ඉතාමත් පාඩු ලබන ආයෝජනයක් ගැන උදාහරනයක් ලෙස ව්‍යපෘති/ටෙන්ඩර් අංකය _ 130803 ව්‍යාපෘති වියදම _ රුපියල් මිලියන 373.5 (මීට අමතරව සෑම වසරකම ව්‍යාපෘති වියදමින් 10% ත් 30% ත් අතර ප්‍රමාණයක් නඩත්තු වියදම් වශයෙන් වාර්ෂිකව

ගෙවා ඇත) අදායම _ ව්‍යාපෘති වියදමින් 10% කටත් අඩුය . අද උපකරණ වල තත්වය _ අදාල උපකරණ පද්දතියෙන් ඉවත් කර ඇත.

එසේ නමුත් තව දුරටත් මේ ව්‍යාපෘතිය යටතේ ඇති සේවා සපයන බව පෙන්වමින් පරිභෝකයින්ගේ ගිණුම් වලට එම සේවා අමුණමින් වැරදි ආදායම් පෙන්වීමේ කූට බඋපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

(ටෙලිකොම් සේවක පිරිසක් විසින් විද්‍යුත් තෑපලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *