පත්මේ නුවරඑළියේ හැදු අයිස් කිලෝ 24 ප්‍රමිතියෙන් තොර වෙලා ඉන් 14ක් මනම්පේරිටත් දිලා

වසර 125 කට වඩා ඉතිහාසයක් ඇති පැවති ලෝක යුද්ධ දෙකෙහිම වේදනා නාශකයක් ලෙසට සටන් වැදි සෙබළුන්ට පිහිටවූ මෙත්ඇම්ෆෙටමීන් නම් ඖෂධය වර්ථමානයේ කරළියට එන්නේ රටක් වනසා දැමිය හැකි භයානක මත්ද්‍රව්‍ය ක් ලෙසය. මෙම මත්ද්‍රව්‍ය ක්‍රිස්ටල්මෙත්, ක්‍රිස්ටල්, ග්ලාස්, ක්‍රයිසී ටීනා සහ ස්පීඩ් යන නම් වලින් ලොව අන් රටවල් හැදින් වූවද ශ්‍රී ලංකාවේ එය ප්‍රසිද්ධියට පත්වන්නේ අයිස් කියන නාමයෙනි. මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙකු අනෙක් මත්ද්‍රව්‍ය වලට වඩා ඉතාමත් වේගයෙ ඇබ්බැහිවන බව වෛද්‍ය වරුන්ගේ මතයයි.
අතීතයේ ගංජා අබිං හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය බහුතරයක් පුරුෂ පාර්ශ්වය පාවිච්චි කලද අයිස් මත්ද්‍රව්‍ය වලට පිරිමින් හා සමානව කාන්තාවන්ද ඇබ්බැහි වීම ඉතාමත් ශෝචනීය තත්වයකි. විරැකියාව, මානසික අතෘප්තිය , නොලැබීම වැනි දෑට තාවකාලික පිළිතුරක් ලෙසට මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම පොදු කරුණක් වී ඇත. ඒත් ඉන් ඇතිවන දීර්ඝකාලීන බලපෑම සහ අතුරු ආබාධ රටකට දැරිය නොහැකි තරම්‍ ය.
නැවත වටයකින් අයිස් මත්ද්‍රව්‍ය ගැන සමාජයේ ආන්දෝලනයක් ඇතිවන්නේ ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට පත් කෙසෙල්බද්දර පත්මේ ඇතුළු කන්ඩායම විසින් කරනු ලබන පාපොච්චාරණයන් සමගය. එම කන්ඩායමේ සිටි බැකෝ සමන් පවසා ඇත්තේ ලංකාව තුලදීම අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සදහා අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ලංකාවට ගෙනා බවත් ඒවා පියල් විරාජ් මනම්පේරි නම් හිටපු පොදුජන පෙරමුණ නියෝජනය කල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට අයත් මිද්දෙණියෙ පිහිටි ඉඩමේ වලදමා ඇති බවත් ය.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය කිලෝග්‍රෑම් 50000 කට ආසන්න ප්‍රමාණයක් එම අමුද්‍රව්‍ය සොයාගෙන තිබුණි. එසේම එම අමුද්‍රව්‍ය වලට සමාන තවත් කොටසක් කඳාන පිහිටි නිවසකින්ද සොයාගෙන ඇති අතර මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සදහාම කුළී පදනම යටතේ ලබා ගන්නා ලද සුවිසල් නිවසක්ද නුවරඑළිය ප්‍රදේශයෙන් සොයා ගත්තේය. සොයාගත් සෑම තැනකම තිබ්බේ ඩොලමයිට් වලට සමාන එකම වර්ගයේ පාෂාණ කොටස්ය. කිසිම තැනකින් මෙරට නිශ්පාදනය කල අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට උපයෝගී කරගත් වෙනත් කිසිදු යන්ත්‍රයක් පරීක්ෂණ කණ්ඩායම් මෙතෙක් සොයාගෙන නැත.
වැඩිදුර සොයා බැලීමේදී අපවෙත අනාවරණය වූයේ නුවරඑළියේ ඇති කුළී පදනම යටතේ ගත් නිවස තුලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 24 ක් නිපදවා ඇති බවයි. නමුත් එසේ නිශ්පාදනය කල අයිස් මත්ද්‍රව්‍ය නිසි ප්‍රමිතියෙන් තොර ඒවා විය. එයින් කිලෝග්‍රෑම් 14 ක් පත්මේ ඇතුළු කන්ඩායමටද කිලෝග්‍රෑම් 10 ක් ඒවා නිෂ්පාදනය කිරීමට මුල්වූ පියල් විරාජ් මනම්පේරිට ලබාදී ඇත. ප්‍රමිතියෙන් ඉහල අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට නොහැකි වූ නිසා එම ගෙනැවිත් තිබූ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකම පියල් මනම්පේරිගේ ඉඩමෙහි වලලා ඇත. ඒ ඉදිරියේදී ප්‍රමිතියෙන් උසස් අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට හැකියාව ලද විගස ඒවා පාවිච්චියට ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය. බැකෝ සමන් අත් අඩංගුවට පත්වූ විගස පියල් මනම්පේරී අතුරුදන් විය. වැඩිම ප්‍රතිශතයකින් සිදුවිය හැක්කේ ඔහු තායිලන්තය බලා පලා යෑමය. ඒ සදහා ඔහුගේ දත්ත ඇතුලත්කර ව්‍යාජ ලෙස සාදා ඇති ගුවන්ගමන් බලපතයක් පාවිච්චියට ගනු ඇත. ඒ ඔහුගේම නමින් ඔහු විදෙස් ගත වූවානම් ඒගැන ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා දැන ගැනීමට පහසු වන නිසාය.
දැන් පොලීසිය කලයුත්තේ අයිස් නිපදවීම සදහා උපයෝගී කරගත්තාය කියන පාෂාණ කොටස් සොයා ගන්නා තැන් පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව එම අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අනෙක් රශායනකිය ද්‍රව්‍ය සහ ඒවා නිශ්කාරනය කිරීමට උපයෝගී කරගත් යන්ත්‍රසූත්‍ර පිළිබදව සියළුම තොරතුරු සොයා ඒවා අත් අඩංගුවට ගැනීමය. එසේ නොකල හොත් ගමක් ගමක් ගානේ කසිප්පු නිශ්පාදනය කරන ආකාරයට ගෘහ කර්මාන්තයක් ලෙසට අයිස් මත්ද්‍රව්‍ය නිපදවන රටක් බවට පෙරදිග ලෝකයේ බබළන මුතු ඇයට ලෙස හදුන්වන ශ්‍රී ලංකාව පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *