ඇගිලි සලකුණුවලට එරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ ත්‍රාඩ පාලනයට ආණ්ඩුව බයද

රජයේ සේවකයින්ට සේවයට වාර්ථා කිරිම හා පිටවිම විමේදී ඇගිලි සකුණු  ඇගිලි සලකුණු සටහන් කිරිමට නීතියක් ලෙස බලගන්වා තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරින් පමණක් එම නීතියට යටත් නොවී ත්‍රාඩ පාලනයක් ගෙන යන බව වාර්ථාවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හා කොළඹ,මහනුවර හා ගාල්ල යන ජාතික රෝහල මෙන්ම රටපුරා ඇති මහ රෝහල්වල මේවන විට ඇගිලි සලකුණු කිරිමේ යන්ත්‍ර සවි කර ඇත.

රුපියල් කෝටි ගණනක් වැය කරමින් 2010 සිට මෙම යන්ත්‍ර සවි කර ඇති අතර වෛද්‍යවරුන් ලෙස පරිපාලන නිළධාරින් සිටින මෙම ආයතනවල ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිම ප්‍රතික්ෂේප කිරිම නිසා මෙම තත්වය උදාවී  තිබෙි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ පාලනය වන පවුල් සෞඛ්‍ය අංශය, සෞඛ්‍ය අධ්‍යාපන අංශය,වෛද්‍ය සැපයුම් එකකය ආදී අංශ කිහිපයක ඇගිලි සලකුණු සටහන් කිරිම ක්‍රියාත්මකවෙි.

කෙසේ වෙතත් එකම අමාත්‍යවරයෙකු යටතේ පාලනය වන තැපැල් දෙපාර්තමේන්තුවේ ඇගිලි සලකුණු සටහන් කිරිම සමිබන්ධධයේන් සේවකයන් දැක්වු විරෝධය හමුවේ ඇමතිවරයා ඇගිලි සලකුණු සටහන් කළ යුතුබවට තදින්ම සිට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *